27
Fri, Apr

එක්සත් ජාතික පක්ෂ නායන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට තාමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් තිරණය කර ඇති බව රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර පවසා තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කළේ පුත්තලේමේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

යහපාලන රජය පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධයෙන් පසු කැබිනට් මණ්ඩලය පළමු වරට හෙට (27) රැස්වෙයි.
 
හෙට පෙරවරු 09.30ට ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය.
 
කෙසේ වුවද අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මේ වන විට විදෙස් ගතව සිටියි.
 
මේ අතර ඊයේ සිදු කළ කැබිනට් සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම සඳහා අද(26) පෙරවරුව වන තෙක් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බව වාර්තා වෙයි.
 
මේ අතර ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ කැබිනට් සංශෝධනයෙන් ජනතාවට ප්‍රතිඵලයක් නොමැති බවයි.

ලබන කන්නයේ සිට වී ගොවීන්ට සහ බඩ ඉරිඟු, සෝයා, මිරිස් ලොකු ලූනු සහ අර්තාපල් යන අමතර බෝග පහටත් අවශ්‍ය කරන සම්පූර්ණ පොහොර සඳහා වැයවන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට ප්‍රථම ගොවීන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

22 දා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ඇමතිවරයාත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අමාත්‍යවරයාත් විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම අමාත්‍යවරයාත් ජාතික ආර්ථික සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතවරයා සහ අදාළ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

එසේම මෙම බෝග සඳහා 2018 අයවැයෙන් යෝජනා කළ අක්කරයකට රුපියල් 40000 ක රක්ෂණාවරනය සඳහා ගොවීන් දැරිය යුතු මුදල ඉවත් කොට එම රක්ෂණාවරනය නොමිලේ ලබාදීමටත් තීරණය වී තිබේ.

අභාවප්‍රාප්ත බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවී කපූර්ගේ දේහය ඉන්දියාවට රැගෙන ඒමට පියවර ගෙන ඇත.
 
ඇයගේ සැමියා වන බොනී කපූර් ප්‍රකාශ කර ඇත්තේ ඩුබායිහි සිට දේහය අද (26) මුම්බායි වෙත රැගෙන එන බවය.
 
ශ්‍රි දේවීගේ නිවස ඉදිරිපිට රසිකයින් විශාල පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා රැස්ව සිටීයි.
 
ඇයගේ මියයාම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර මෝදි ඇතුළු විශාල පිරිසක් ශෝකය පල කර ඇත.

සයිටම් අර්බුදය ඇතුළු විසඳුම් නොදුන් ප්‍රශ්න ගණනාවක් ආණ්ඩුවේ පරාජයට හේතු වූ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

කැබිනට් මණ්ඩලය වෙනස් කිරීම සම්බන්ධයෙන් හරියාකාරව තවමත් සිදුවන්නේ කුමක් ද යන්න පිළිබඳව කිසිවෙකුක් නොදන්නා බව ද අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේය.

එම සියලු තීරණයන් ජනාධිපතිවරයා විසින් ගනු ලබන බව ද පැවසු අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.

තමා පක්ෂයේ නායකයා සමඟ සැමදා සිටි බවත් හෙට වෙන නායකයෙකු පත් වුවත් ඔහුට ද තම සහය ලබා දෙන බව පැවසු දයාසිරි මහතා පක්ෂයක් ලෙස මිසක කිසි විටෙකත් තමා තනි තීන්දුවක් නොගන්නා බව ද කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය පවත්වා දින 10 ක් ගතවී තිබුනද මෙතෙක් පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති ආදී තනතුරු වලට පත්වන්නේ කවුද යන්න තීරණය වී නැත්තේ මැතිවරණ ක්‍රමයේ විකෘතියක් නිසා නොව ජාතික දේශපාලනය තුළ පවතින බල අරගලය නිසා බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සිදු කෙරුණ අමාත්‍ය මණ්ඩල සංශෝධනය 'කොමඩි නාට්‍යයක්'වැනි යයි විදේශ කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

"කොමඩි නාට්‍යයක් තමයි, ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකෙ පළවෙනි කොටස තමයි අද 'ප්ලේ' කළේ. දෙවැනි කොටස ඊළඟ දවසේ 'ප්ලේ' කරයි. හැබැයි !ජනතාව හිනාවෙයි ද? අඬයි ද? ගල් ගහයි ද? දන්නේ නැහැ" රාජ්‍ය ඇමතිවරයා සිය ප්‍රතිචාරය පළ කරන ලද්දේ එවැනි වචන උපයෝගී කර ගනිමිනි.

ඔහු සිය අදහස් පළකළේ සංශෝධිත කැබිනට් ඇමතිවරුන් දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

ජනතාව බලාපොරොත්තු වූ වෙනස කිසිසේත්ම සිදු නොවූ බව පවසන රාජ්‍ය ඇමති වසන්ත සේනානායක "ඒ වෙනස හොඳින් හෝ නරකින් සිද්ධ වේවි " යයිද කියා සිටියේය.

අර්බුදයට තුඩු දුන් සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට යොමු කිරීමෙන් එම ගැටලුව විසඳිය නොහැකි බව අන්තර් විශ්වවිද්‍යා ලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද(22) මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.

පසුගිය වසර අග සයිටම් අහෝසි කරන බවට නියෝජ්ය් ඇමති හර්ෂ ද සිල්වා විසින් පෙරොන්දු ඉටුකරමින් ගැසට් පත්‍රයක් නිකුත් නොකළ බව පෙන්වා දෙන අ.වි.ශි.බ.ම. වැඩබලන කැඳවුම්කරු, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සම්බන්ධ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමෙන් පීඩාවට පත් වූ සයිටම් ශිෂ්‍යයන්ට සාධාරණය ඉටු නොවන බව පවසයි.

ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් කැදවා තිබිණි. එහිදී සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන 1000ක පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරික්ෂා කර බලා මෙසේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාෂලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කරගැනීම සිදු කිරීමට තීරණයට කර ඇත. එහිදී හර්ෂ ද සිල්වා කමිටුව විසින් ශිෂ්‍යයන්ට හා මව්පියන්ට දුන් පොරොන්දුව හා ප්‍රකාශයට පත්කළ විසදුම අවධානයට නොගැනීම විශේෂත්වයකි. එපමණක් නොව යහපාලනය ගෙන එන්නට ශපථ කළ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මින් පෙර කිසිවක් නොවූ ආකාරයට මෙවැනි රැස්වීමක් කැදවා අත්තනෝමතික ක්‍රියාමාර්ග ගැනීමද ශිෂ්‍ය නායකයන්ගේ පිළිකුළ ප්‍රකාශ කෙරිණි.

ආණ්ඩුව විසින් මර්දනකාරී පියවර ගනිමින් අ.වි.ශි.බ.ම. කැදවුම්කරු සිරගත කිරීමේ තත්වය නිසා වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ අද(22) පැවති ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ සයිටම් ගැටලුව විසදීමට නම් එම ආයතනය සම්පූර්ණයෙන් අහෝසි කර වෛද්‍ය අධ්‍යාපනයට අවම සුදුසුකම් දක්වා ඇති සයිටම් සිසුන් පාඨමාලා සම්පූර්ණ කිරීමට රජයේ විශ්වවිද්‍යලවල වෛද්‍ය පීඨවලට යොමු කළ යුතු බවයි. ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරන්නේ එක් දිනක එක් විසදුමක් ප්‍රකාශයට පත්කර වෙනත් දෙයක් ක්‍රියාත්මක කිරීම බවත් සයිටම් ගැටලුවට විසදුමක් දෙන්නට ආණ්ඩුවේ නායකයන්ට අවංක අරමුණක් නැති බව වරින් වර පොරොන්දු කඩ කරමින් වෙනත් අත්තනෝමතික තීරණ ගැනීමෙන පැහැදිලි වන බව අ.වි.ශි.බ.ම. වැඩබලන කැඳවුම්කරු පෙන්වා දෙයි. වසර ගණනාවක් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගෙන ගිය අරගලය හමුවේ කිසිවක් නොකර ඉන්නට බැරි තත්වයට ආණ්ඩුව පත්ව ඇති නමුත් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය, නිදහස් අධ්‍යාපන අයිතිය සහ නිදහස් සෞඛ්‍ය අයිතිය ආරක්ෂා කරන්නට සමස්ත ජනතා බලවේග සමග ශිෂ්‍ය ව්‍යාපාරය දිගටම සටන් වදින බව ඔවුහු අවධාරණය කළහ.

විශ්ව විද්‍යාල ආචාර්යවරු, වෛද්‍ය පීඨ ආචාර්යවරු, සමාජ ක්‍රියාකාරින්, දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ශිෂ්‍යයන් හා මව්පියන් එක්ව නගන හඩ අමතක කරමින් ආණ්ඩුව ලාභ ලබන අරමුණින් ක්‍රියාකරන ධනපතියන් ආරක්ෂා කිරීමේ පිළිවෙතක කටයුතු කරන බව එහිදී ශිෂ්‍ය ක්‍රියාකාරිහු ආණ්ඩුවට චෝදනා කළහ.

දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබීය.

 යාපනය සිට දියතලාව දක්වා ගමන් ආරම්භ කල පෞද්ගලික බස් රථයක් ඊයේ(20) රාත්‍රී බණ්ඩාරවෙල දක්වා පැමිණ එහි සිටි මගීන් 19දෙනා වෙනත් බස් රථයකට මාරු කර තිබුණි.

එලෙස මගීන් රැගත් බස්රථය බණ්ඩාරවෙල සිට හෙබරව දක්වා ධාවනය වන අතරතුර බණ්ඩාරවෙල කහගොල්ල ආරාමය අසලදී අලුයම 5.30 ට පමණ රථය තුළ පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමෙන් රථයේ සිටි පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් මේවන විට දියතලාව මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ඒ අතර යුද හමුදා සෙබලුන් 7 ක් ගුවන් හමුදා සෙබලුන් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු වෙයි.

 

යුද හමුදා සෙබලෙකුගේ පාදයක කොටසක් ඉවත් කිරිමට කටයුතු කර ඇති අතර අනෙක් සෙබලාගේ උදරයට ශෛල්‍ය කර්මයක් සිදුකල බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
අනතුරින් බස් රථයේ රියදුරුට කිසිදු හානියක් සිදුව තිබුනේ නැහැ.

කෙසේ වෙතත් මෙම පිපිරීම ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසයි.

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.