Breaking News

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත පහිපාල සඳහන් කළා.

විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වනවිට පැමිණෙමින් සිටින බවද ලේකම්වරයා පවසනවා.

හම්බන්තොට සහ ඇඹිලිපිටිය රෝහල්වල පසුගියදා විශේෂඥ වෛද්‍යවරු නොමැතිවීමෙන් රෝගින් අපහසුතාවට ලක් වුණා.

හෙදියන් බොහො පිරිසක් විදේශ රටවල රැකියාවට ගොස් ඇති බවඩ් වාර්තා වේ.

මෙම රට හැරයාම සඳහා බලපෑ ප්‍රධාන හේතුව ආර්ථික අර්බුදයයි. ඊට අමතරව ආණ්ඩුව විසින් වෘත්තිකයන් සඳහා බදු ක්‍රමවේදයක් හඳුන්වා දීමද එක් ප්‍රධාන කාරණයකි. අවසානයේ ජනතාවට සිදුව ඇත්තේ මේ සියල්ලේ වන්දිය තමන්ගේ උර මත දරාගෙන සිටීමටයි.

leave a reply