නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත්

නිර්වින්දන හා ළමා රෝග විශේෂඥවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

බොහෝ පිරිසක් රට ඇත්හැර ගොස් ඇති බවත් තවත් පිරිසක් විදේශ පුහුණුවීම් සදහා ගොස් ඇති බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත පහිපාල සඳහන් කළා.

විදේශ පහුණුවිම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරු මේ වනවිට පැමිණෙමින් සිටින බවද ලේකම්වරයා පවසනවා.

හම්බන්තොට සහ ඇඹිලිපිටිය රෝහල්වල පසුගියදා විශේෂඥ වෛද්‍යවරු නොමැතිවීමෙන් රෝගින් අපහසුතාවට ලක් වුණා.

හෙදියන් බොහො පිරිසක් විදේශ රටවල රැකියාවට ගොස් ඇති බවඩ් වාර්තා වේ.

මෙම රට හැරයාම සඳහා බලපෑ ප්‍රධාන හේතුව ආර්ථික අර්බුදයයි. ඊට අමතරව ආණ්ඩුව විසින් වෘත්තිකයන් සඳහා බදු ක්‍රමවේදයක් හඳුන්වා දීමද එක් ප්‍රධාන කාරණයකි. අවසානයේ ජනතාවට සිදුව ඇත්තේ මේ සියල්ලේ වන්දිය තමන්ගේ උර මත දරාගෙන සිටීමටයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...