දකුණු ඉන්දීය සහ මෙරට ආදිවාසී ජනතාව අතර නෑදෑකම තහවුරු වේ

Date:

ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ දකුණු ඉන්දියාවේ ගෝත්‍රි 5 ක් අතර ජානමය සමානකම් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පවසති.

ශ්‍රී ලංකාවේ වැදි ජනතාව සහ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සන්තාල්, ජුවාං යන ගෝත්‍රිකයන් සහ කර්නාටක, කේරළ සහ තමිල්නාඩුවේ දක්නට ලැබෙන ඉරුල, පනියා සහ පල්ලර් යන ද්‍රවිඩ ගෝත්‍රික ජනතාව අතර දැඩි ජානමය සමානකම් පවතින බව විද්‍යාඥයෝ පවසති.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛවරසායන, අණුක ජෛවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයෙහි ආචාර්ය රුවන්දි රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පර්යේෂණයට සම්මානිත මහාචාර්ය කමනී තෙන්නකෝන්, මහාචාර්ය ගාමිණී අධිකාරි, අංජලා වැලිකල සහ අමාලි ප්‍රනාන්දු යන අය මෙම පර්යේෂණ සිදුකළහ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන වැදි ජනතාවගෙන් තෝරාගත් නිරෝගී පුද්ගලයන් 37 දෙනකුගෙන් ලබා ගත් රුධිර සාම්පල්වලින් නිස්සාරණය කරගත් ප්‍රවේණි කොටස් ඉන්දියාවේ ගෝත්‍රික ජනතාවගේ ප්‍රවේණි කොටස් සමග සංසදනය කිරීමෙන් අනතුරුව වැදි ජනතාව සහ දකුණු ඉන්දියානු ගෝත්‍රිකයන් අතර ජානමය සමානකම් පවතින බව පර්යේෂණ කණ්ඩායමට තහවුරුවී තිබේ.

පර්යේෂණ කණ්ඩායම අධ්‍යයන කළ මෙම පර්යේෂණය මයිටොකොන්ඩියන් විද්‍යාත්මක සඟරාවේ පළකර ඇති අතර ශ්‍රී ලංකාවේ සිංහල හෝ දෙමළ ජනගහනයට වඩා වැදි ජනතාව සියවස් ගණනාවක් පුරා මෙම ගෝත්‍ර පහ සමග ජානමය සමානකම් පැවැත තිබූ බව පර්යේෂණයෙන් අනාවරණයවී තිබේ.

මීට වසර 2 කට පමණ පෙර සිට මෙම පර්යේෂණය විද්‍යාඥයන් සිදුකරමින් පැවැති අතර මීට පෙර සිදුකළ අධ්‍යයනකදී ශ්‍රී ලාංකික දෙමළ සහ සිංහල යන ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සමජීතීය බැඳීමක් පවතින බවද පර්යේෂණ කණ්ඩායම තහවුරු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...