ම්රිඟුවක හිනාවක් දවටා – වජී ගුරැසිංහ

 

පුංච් කාලේ යාන්තමට මතකයි
මල්ලි ඔයා අඩ අඩා අපේ පස්සෙන් ආවා
අනේ මාත් ,
ආත්තම්ම ගෙදර එක්ක යන්න

ඒත්………,
පහුගිය දවසක, හවසක, ඉර බැහගෙන යද්දි
ඔයාගේ පස්සෙන්
අම්ම, තාත්තා දරුවෝ දෙන්නා,
අක්කා , නංගී
නෑදෑයෝ, අසල්වැසියෝ, යාලුවෝ ……..
ඔක්කොමලා
අඩ අඩා පස්සෙන් ආවා
ඔයාට ඇහුනේ නෑ නේ

එදා………
කරේ නැඟලා
දුරුතු පෙරහැර බලද්දි
තාත්තා ට හිතුනේ නෑලු බන්
එයාගේ කරේම
අන්තිම ගමන් යාව් කියලා
ඒ කදුළු
ගොඩක්ම බර ඒකයි

සොබා දහම ඒක උනාට
එච්චර කලින් යන්න දෙන්න
අපිට හිත හදාගන්න් බෑ …..
තාමත්.

ගහකට මලක් අහිම් උනත්
හෙටත් ඒ ගහ මලක්
පුබුදනවා…

ඉර හවසට බැහලා ගියත්
හෙට ආයෙත් එනවා

රෑට කළුවරට බය මිනිස්සු
උදේට වැඩට යනවා

ජීව්තේ හැට් එහෙමයි කියලා
හිනා නොවී බැරිකමට හිනාවෙලා
මතක ගුලිකරන් අපිත් හුස්ම ගන්නවා
ඒ……

අපි ඇඩුවට අපිත් එක්ක ලෝකය
නවතින්නෙ නෑ

ඉතිං
අපිටත් එයාලා එක්කම
අඩ අඩා හිනාවෙන්නත්
හිනාවෙවි අඩන්නත් වෙනවා
ඒකයි ජීව්තේ ……………

……….වෙලාවකට අපිත් කුරුල්ලෝ වගේ………….

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...