පාස්කු ප්‍රහාරය – වසර 5ට පසුත් චෝදනා කිරීම් හැර යුක්තිය ඉටුවීමක් නැහැ

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට අදාළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීම සඳහා රටවල් සහ සංවිධාන කිහිපයක් සමග කටයුතු කරමින් සිටින බව කොළඹ අගරදගුරු, මැල්කම් රංජිත් හිමියන් BBC සිංහල සේවය සමග පැවති සංවාදයක දී පවසා තිබේ.

ඊට අමතරව පැවති රජය හා වත්මන් රජයද දිගින් දිගටම පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්හිමියන් විසින් චෝදනා කර තිබේ.

කාදිනල් රංජිත් හිමි ඒ බව පවසා සිටියේ, පාස්කු ප්‍රහාරය එල්ලවී වසර 5 සැපිරීම වෙනුවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ අද (21 පැවති ප්‍රධාන වැඩසටහනට එක් වෙමින්.

කාදිනල් හිමි පවසන්නේ,
“පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා නිර්දේශ වන කරුණු ක්‍රියාත්ම කිරීමේ මූලික වශයෙන් පැවරුණේ ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතය. පාස්කු ප්‍රහාරය පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පවත්වා ඒ ගැන සාධාරණය ඉටුකරන බවට සහතික වූ ඒ මහතා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, රටේ ජනාධිපති ලෙස පිළිගත් දිනට පසු දිනම දුරකථනයෙන් මා අමතමින් එසේ කිරීමට තමන්ට දුශ්කරතා ඇති බව සඳහන් කිරීම තුළත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යාම නිසා තමන්ට හිතවත් ඇතැම් සංවිධානවල නායකයින් අත්අඩංගුවට ගැනීමට යාම සහ ඔවුන්ගේ සංවිධාන තහනම් කිරීමට සිදුවීම තුළින් වාර්තාවේ ඉදිරිපත්කර ඇති නිර්දේශ තමන්ට ක්‍රියාත්මක කරන්න නොහැකි බවත් සඳහන්කළ අයුරු මට මතක් වේ.”

මේ අතර පාස්කු ප්‍රහාරය සිදුකළේ මුස්ලිම් අන්තවාදීන් යැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජාත්‍යන්තර බුද්ධි අංශ තුනක් තහවුරු කරගෙන තිබෙන බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

ගරු සිරිල් ගාමිණි පියතුමා ඊයේ (20) සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සිදුවී වසර පහක් ගත වන අවස්ථාවේදී තවමත් එම ප්‍රහාරයේ මහ මොලකරුවන් නිදැල්ලේ සැරි සරන බවද ඒ මහතා කියා සිටි අතර, බුද්ධි තොරතුරු වලට අනුව එම ප්‍රහාරය සිදුවන දිනය වේලාව ස්ථාන සියල්ලම රාජ්‍ය බුද්ධි තොරතුරු නිලධාරීන් විසින් කලින් දැනුම් දී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඬුවම් ලැබිය යුතු බවද සරත් ෆොන්සේකා අද පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබුණි.

සියලු දෙනාටම මෙම ප්‍රහාරය සිදුකළ මහ මොළකරුවන් කවුරුන්ද යන්න ගැන අදහසක් තිබෙන බව මෙම කියන කරුණු අනුව වැටහේ. එසේම පරීක්ෂණ යටපත් වීම ගැන දැන දැනම ඊට විරුද්ධව කිසිදු දෙයක් සිදු කර නොමැත. මැල්කම් රංජිත් හිමියන් යනු ගෝඨාභය බලයට ගෙන ඒමට විශාල වැඩකොටසක් කළ කෙනෙකි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ විගස කරන ලද්දේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ පවත්වමින් සිටි ශානි අබේසේකර එම පරීක්ෂණවලින් ඉවත් කිරීමයි. එසේම පාස්කු චෝදනා එල්ල වෙච්ච පොලිසියේ සහ ඔත්තු සේවාවල නිලධාරීන්ට ප්‍රධාන තනතුරු ලබාදෙන ලදී. නමුත් මේ කිසිදු අවස්ථාවක කාදිනල්හිමිවත් එයට එරෙහිව හඬ නගනු දැකිය නොහැකි විය.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...