තොන්ඩමන්ගේ මරණය සහ වතුකම්කරුවාගේ රුපියල් 1000 

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා ප්‍රජා සවිබල ගැන්වී සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතා අඟහරුවාදා  හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියා .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තොන්ඩමන්ගේ මරණය සැලවූ වහාම තලංගම ප්‍රාදේශීය රෝහල වෙත යනවා කණගාටුව සහ එහි තත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා. තොන්ඩමන් කියන්නේ රාජපක්ෂලාට දේශපාලනික වශයෙන් බොහෝ සේ උදව් කරපු මිනිහෙක්.ඉතින් මේ අය  ඔවුන් ඔවුන්ගේ   දුකේදී සැපේදී සංවේදීවීම අරුමයක් නෙමෙයි. තොන්ඩමන්ගේ මරණය අකල් මරණයක් වයස අවුරුදු 55 යි. දේශපාලනය තුළ  දිගු ගමනක් යන්න හිතාගෙන ඉන්න ඇති. හැබැයි ඒ දුර යන්න තොන්ඩමන් ට අවස්ථාව නැති වුණා. තොන්ඩමන්ගේ අවසන් කටයුතු සිද්ධ වුණාට  පසුව හෝ ඔහුගේ අවසන් කටයුතු කිරීමට ප්‍රථම ලංකා කම්කරු කොංග්‍රසයේ ඊළඟ නායකයා ප්‍රකාශයට පත් වෙන්න ඉඩ තියෙනවා.ඒ නායකයා කවුරු වුණත් තොණ්ඩමන් සේම රාජපක්ෂලාටත් තවත් විටෙක ඊළඟ දේශපාලන බලය ලබාගන්න නැඹුර තියෙන කණ්ඩායමටහෝ පක්ෂයට ඔවුන්ගේ සාය ලැබේවි .

පෙරේදා රෝහල් භූමියේදී මහින්ද රාජපක්ෂ මාධ්‍යයට ඉතාම ශෝකී ස්වරයෙන්  දහස් ප්‍රකාශ කිරීමක් කරනවා. රාජපක්ෂලාගේ මිත්‍රත්වය පිළිබඳව දේශපාලන සබැඳියාව පිළිබඳව සහ තොන්ඩමන්ගේ බලාපොරොත්තු පිළිබඳව.ඒ කතාවෙන් හෙළිදරව් වන කරුණක් තමයි ඊයෙත් සාකච්ඡා කරලා තියෙනවා වතු  කම්කරුවන්ට  රුපියල් දාහ ලබාදීම ප්‍රශ්නය. රාජපක්ෂ කියන හැටියට තොන්ඩමන්ට  උවමනාවක් තිබිලා තියෙනවා මතු කම්කරුවාට රුපියල් දාහක් ලබා දෙන්න.රුපියල් දාහේ ප්‍රශ්නෙ පිළිබඳව හෙට ජනාධිපතිවරයා සමග කතා කරන්න ඉදල තියෙන්නෙ.  අපරාදේ සමහරවිට වතුකම්කරුවන්ට රුපියල් දහ ලබාගන්න තිබිච්ච තවත් චාන්ස් එකක් ගිලිහුනා. මොකද තොණ්ඩමන් මිය ගියානේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...