තුන්වේල කන්න නැති ජනතාවක් ඉන්න රටක කොතලාවලින් ලක්ෂ 125ට MBBS උපාධිය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිවිල් අයදුම් කරුවන්ට වෛද්‍යවේදී සහ ශල්‍යවේදී (MBBS) උපාධිය සඳහා අයදුම් කිරීමට මැයි මස 05 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බවයි.

2022 වර්ෂයේ ජීව විද්‍යා විෂය ධාරාව යටතේ අ.පො.ස (උපෙළ) විභාගයෙන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන විෂයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමාර්ථ්‍යය (C) දෙකක් හා සාමාන්‍ය සාමාර්ථ්‍යය (S) එකක් ලබා ගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම ලබා තිබීම, මෙම උපාධිය සඳහා තෝරාගැනීමේ නිර්ණායක අතර වෙනවා.

සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන බොහෝ පිරිසකගේ අවදානය යොමුව තිබෙන්නේ මම අපොස උසස් පෙළ ප්‍රථිපල සම්බන්ධ නිර්නායකය සම්බන්ධයෙනුයි. නමුත් වෛද්‍ය උපාධිය ලක්ෂ 125ට විකිනීමට ඇති සුදනමේ පවතින අසාධාරණය කුමක්ද යන්න අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැහැදිලි කර තිබේ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි කැඳවුම්කැරු මධුෂාන් චන්ද්‍රජිත් පැවසුවේ,

”රජයේ වෛද්‍ය පීටයකින් වෛද්‍ය සිසුවෙක් සඳහා ලක්ෂ 50ට ආසන්න මුදලක් වැය කරනවා. නමුත් කොතලාවල වෛද්‍ය උපාධිය මිලදී ගන්න රු ලක්ෂ 125ක් ඕනා. මේ කරන්නේ ජාවාරාමක්. ඒ නිසා රටේ ජනතාව තේරුම් ගන්න ඕනා දේ තමයි ජනතාවට ආදරේට නෙමෙයි මේවා කරන්නේ.

රටේ අම්මා තාත්තා හිතන්න පුළුවන් ඉඩමක් හරි විකුනලා අපේ දරුවට ලක්ෂ 125ට උපාධිය ගන්න පුළුවන් කියලා. නමුත් බොහොම පැහැදිලියි ලක්ෂ 125ක් තිබුනා කියලත් උපාධිය ලබාගන්න බැරි වෙයි. මේකට ඇතුළුවෙන්න සල්ලි වගේම තියෙන බල පුළුවන්කාරකම බලනවා. කොච්චර දේශපාලන සබඳතා තියෙනවද කොච්චර මිලිටරි සබඳතා තියෙනවද කියල බලනවා. ඒ වගේම කැබිනට් අනුමැතිය ලබදිමේදීත් පැහැදිලිව සඳහන් කරා වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව සිවිල් ශිෂ්‍යන්ට දෙනවා නමුත් තවත් සාධක සලකලා බලනවා කියලා. අපොස උසස් පෙළ ප්‍රථිපලවලට අමතරව ඔය අමතර සාධක කියන්නේ දේශපාලන සම්බන්ධකම් තිබෙනවද බලන එක. මිලටරි සබදකම් තියෙනවද බලන එක. මේ හදන්නේ රටේ ජනතාව අධ්‍යාපනයෙන් පිටමන් කිරීමේ සැලැස්මක්. ”

 

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...