චින්තක සමන්ට ලොලීටා මය මතකයන් අවදි කළ කවියාක්

ලොලිටාමය හඬ ඇහෙන කවියක් නිවුන්හැල්ල කවියා ලියලා තිබුණා දැන් ටිකකට කලින්. මේ ඒ කවිය සහ නවකතාවේ එන ලොලිටාමය හඬ ගැන.

” ලොලිටා, ආලෝකය මා දිවිසැරියෙහි, අග්නිය මා තුනටියෙහි, මගේ පාපය, මගේ ආත්මය, ලොලීටා: දිව තුඩග ගීතිකාවෙහි සලා වැටෙන තුන් පියවර, යටි තල්ලෙන් උඩු තල්ලට, තුන් වැනිව දසන් මත, ලො – ලී – ටා. අඩි සතරකුත් අඟල් දහයක් වූ ඕ, උදයෙහි එක් පා අඳනයකින් නැඟී සිටිනා විට ලෝ වූවාය, නිකංම ලෝ වූවාය, ඕ ලෝලා වූවාය කෙටියෙන්. පාසලේ දී ඕ ඩොලී වූවාය, තිත් ඉරක් මත දී ඕ ඩොලරස් වූවාය, නමුදු මා දෝතෙහි දී සැම විටෙකම ඕ ලොලීටා විය.”

 

පියගැට පෙළ
බැස යන මට
හමුවෙයි

පියගැට පෙළ
පාමුලට සමීපව
පියගැට පෙළ
නැග යන ඔබ

එ සඳ
ඔබ දෙතොලග පිපෙන
මඳ සිනාවෙන්
තුටු වෙමි මම

ඔබ මිරිවැඩි යුග
පියගැට මත
ගැටෙන හඬ
‘ලෝලිටා,ලොලීටා
ලොලීටා,ලොලිටා’
සේ ඇසෙයි මට

පියගැට පෙළ බැස
මිදුලට පැමිණ
උඩුමාලය දෙස බලන විට

දකිමි
දේදුන්න පෑයූ අහසින්
වැටෙන
වැසිබිඳු වෙත
සුරත
දිගුකරන ඔබ

ප්‍රියංකර නිවුන්හැල්ල

පියගැට පෙළ නගින බහින දෙන්නෙක් ගැන කියද්දි ඒ දෙන්නගේ වයස් සම්බන්ධතාවය අනුමාන කරන්න පුළුවන් වුනත් පියගැට නගින පියවර සද්දේ ඇතුලේ ලොලිටා හඩ ඇහෙන එක පිටගැට ඉහල පහල කතාවට වැඩියේ වෙනම වයිබ් එකක් දැනෙනවා.

නබොකොව්ගේ නවකතාවෙ එන ලොලිටාවටත් වැඩියෙ ස්ටැන්ලි කුබ්රික්ගේ “ලොලිටා” ෆිල්ම් එකේ Sue Lyon කරපු ලොලිටා චරිතය තමයි මේ කවිය කියවද්දි මතක් වෙන්නේ. ජේම්ස් මේසන් එක්ක “ලොලිටා” හි චරිතය රඟපෑව Sue Lyon 1963 දී ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය ලබන්නේ වඩාත් මතු බලාපොරොත්තු තැබිය හැකි නවක නිළිය විදිහට. අවුරුදු 18ට වැඩි ප්‍රේක්ෂකයින්ට සිනමාහල්වල පෙන්නපු ෆිල්ම් එක බලන්න 1962 වසරේ 15 හැවිරිදි වියේ පසුවූ Sue Lyon ටත් බැරිවුණාලු.
ෆිල්ම් එකේ රඟපාන කොට එයාට වයස අවුරුදු 14 යි. මේක කවුරු හරි නම් කරල තිබුනේ ‘අසම්මත පෙමක දැවටුණු නිමිපතිනියක⁣ගේ ඉරොතික අඳෝනාව’ කියලා. නවකතාවේ සිංහල පරිවර්තනය කේකේ සමන් කුමාර, අහස ප්‍රකාශණයක්. ෆිල්ම් එකනම් ටොරන්ට් එකේ තියෙනවා ඕන වෙලාවක බලන්න පුළුවන්.

නිරාශ ගුණසේකරගේ අලුත් කවි පොතෙත් ලොලිතාවක් කියලා කවියක් තියෙනවා. මට මතක විදිහට නිරාශගේ එක පොතක සර්පයා මේ වගේ කවි නිමිති ගැන පසු වදනකුත් ලියලා තියෙනවා. නිවුන්ගේ මේ කවියත් ඒ වගේ ඒ ලොලිටාමය පියවර හඩ ඇහුණු කවියක්.

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...