ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර

ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා.

ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා.

මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.

එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා.

අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය වන යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් එහිදී සටන් කරුවන් Karma Fight League 002 වෙනුවෙන් එක්වීමේ අරමුණුනින් ඉතා උද්යෝගීව යෝග්‍යතා පරීක්ෂණය එක්වන අයුරු දැක ගන්නට ලැබුණා.

අද දිනයේ එක්ව සිටි සටන් කරුවන්ගේ ශරීර යෝග්‍යතාවය සහ දරා ගැනීමේ හැකියාව මානාව පරික්ෂා කිරීම වෙනුවෙන් K -1 Federation of Sri Lanka සහ AFSO Sri Lanka නියෝජනය කරමින් ප්‍රමුඛ පෙලේ පුහුණුකරුවන් රැසක් එක්ව සිටියා.

මේ සියලු කටයුතු සමඟින් ශ්‍රී ලාංකියනගේ ක්‍රීඩා විනෝදාස්වාදය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කළ Karma Fight League හි දෙවන දිගහැරුම නවමු වූ අංගයන් රැසක් සමගින් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගෙන ඒමට බලාපොරොත්තු වනවා.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...