ලාංකීය සටන් ඉතිහාසයේ දැවැන්තම සටන් අත්දැකීම Karma Fight League දෙවන දිගහැරුමට ඉහළ ප්‍රතිචාර

ලාංකීය සටන් ඉතිහාසයේ සංවිධානය වුණු ජාත්‍යන්තර ප්‍රමිතියේ දැවැන්තම සටන් අත්දැකීම වුණු Karma Fight League එසේත් නැත්නම් (KFL) හි නවතම දිගහැරුම වන Motorola Karma Fight League powered by Abans වෙනුවෙන් මේ වනවිට සියලු කටයුතු සුදානම් වෙමින් පවතිනවා.

ඒ වෙනුවෙන් සංවිධානය වන යෝග්‍යතා පරීක්ෂණය (පෙබ 18) කොළඹ 07 Royal-MAS Arena හිදී පැවැත්වුණා.

මේ සඳහා දිවයින පුරා විහිදී සිටින සටන්කරුවන් 100කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා.

එහිදී එක්ව සිටි සටන්කරුවන් වෙනුවෙන් සටන්කරුවකු ලෙස වෘත්තීය ජීවිතය කලමනාකරණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අයත් දේශන කිහිපයක්ම පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් ලෝක විවාහක රූ රැජින කිරුළෙ හිමිකර ගත් කැරොලයින් ජූරි ඇතුලු පිරිසක් එක්ව සිටියා.

අනතුරුව දිනයේ ප්‍රධානතම අංගය වන යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් එහිදී සටන් කරුවන් Karma Fight League 002 වෙනුවෙන් එක්වීමේ අරමුණුනින් ඉතා උද්යෝගීව යෝග්‍යතා පරීක්ෂණය එක්වන අයුරු දැක ගන්නට ලැබුණා.

අද දිනයේ එක්ව සිටි සටන් කරුවන්ගේ ශරීර යෝග්‍යතාවය සහ දරා ගැනීමේ හැකියාව මානාව පරික්ෂා කිරීම වෙනුවෙන් K -1 Federation of Sri Lanka සහ AFSO Sri Lanka නියෝජනය කරමින් ප්‍රමුඛ පෙලේ පුහුණුකරුවන් රැසක් එක්ව සිටියා.

මේ සියලු කටයුතු සමඟින් ශ්‍රී ලාංකියනගේ ක්‍රීඩා විනෝදාස්වාදය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කළ Karma Fight League හි දෙවන දිගහැරුම නවමු වූ අංගයන් රැසක් සමගින් ඉදිරියේදී ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගෙන ඒමට බලාපොරොත්තු වනවා.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...