Breaking News

පලස්තීනය ක්‍රමානුකූලව ඊශ්‍රායලයත් බවට පත්වීම අමතක කර අද දවසට විග්‍රහ  හදා ගත හැකිද?

ඔක්තෝම්බර් 7 වන දා අලුයම හමාස් සංවිධානය අනපේක්ෂිත ලෙස ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාරය හේතුකරගෙන මේ වන විට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දැවැන්ත යුධමය වාතාවරණයක් නිර්මාණය වී  තියනවා. මේ   ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායලයේ  යුධ ආරක්ෂක කීර්තිනාමයට දැවැන්ත හානියක් සිද්ධ වී තිබෙන අතර  එය නැවත පිළිසකර කර ගැනීම සඳහා  ඊශ්‍රායලය  පලස්තීනය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්නවා.   මේ ගැටුම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර සිටින්නේ දරුවන්.  ඔක්තෝම්බර් 7 වන දා සිට  ඔක්තෝම්බර් 15 වන දා දක්වා සතියක කාලයක් තුළ  රුවන් හත් සීයකට ආසන්න ප්‍රමාණයක් දෙපාර්ශවයේම  යුද්ධයේ ඍජු ගොදුරු බවට පත්වී මියගියා .

මේ ගැටුම විවිධ පුද්ගලයන් තම තමන්ට ඕන තැනින් අරගෙන   විග්‍රහ කරමින්  තමන්ගේ සහාය පළ වෙන පාර්ශවය කුමක්ද කියලා තෝරමින් ඉන්නවා.  නමුත් අපි දන්නවා ඊශ්‍රායලයල  පලස්තීන ගැටුම ආරම්භ වීම සහ පලස්තීන ඊශ්‍රායල ක් බවට පරිවර්තනය වීමට බලපාපු අමතක කළ නොහැකි ඉතිහාසයක් තියෙනවා.  මේ මොහොතේ පලස්තීනුවන් යනු උපන් බිමක් නැති උපන් බිමේ අනාථයන් බවට පත්වෙලා ඉන්න පිරිසක්.

පහත ඡායාරූපය නිරීක්ෂණය කර බලන්න  පලස්තීනය  අත්පත් කරගෙන  ඊශ්‍රායලය කොහොමද නිර්මාණය වුණේ කියන එක ඔබට දැකගන්න පුළුවන්.

ඇත්තටම මේ ගැටුම අපට විග්‍රහ කරන්න බැහැ ඉතිහාසය අමතක කරලා.  ඒකට හේතුව තමයි වර්තමානයේ ඇති වෙන සියලු සිදුවීම් ඉතිහාසයට සම්බන්ධ නිසා.

මේ සම්බන්ධයෙන් යම් අදහසක් බෙදාගන්න අපි ආරාධනා කළා ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත මහතාට.  පහත පළ වන්නේ ඔහුගේ කතාව.  සහය දැක්විය යුත්තේ පලස්තීනයට ද ඊශ්‍රායලයට ද  අපි ඔබට යෝජනා කරනවා මේ කතාවට සවන් දෙන්නෙ කියලා

leave a reply