ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ හා නාස්තිය ගැන උනන්දු වෙන හැටි මෙන්න

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ප්‍රමාද වීමට හේතුව දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා පිළිගත් ක්‍රමවත් වේගවත් යාන්ත්‍රණයක්

සෑදීමට කරන ලද ඉල්ලීමට ආණ්ඩුව එකඟ නොවීම බව එස්. එම්. මරික්කාර් පවසා තිබේ.

එම හේතුව නිසාවෙන් දිගින් දිගටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද වෙමින් පවතින බව මාධ්‍ය වෙත ඊයේ (18) අදහස් දක්වමින් ඔහු පැවසීය.

මරික්කාර් කියන පරිදි වංචා දූෂණ නැවත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උනන්දුද යන ප්‍රශ්නය මතුවේ. දැනට ලංකාවේ සමාගම් කිහිපයක් විසින් නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 940ක් පමණ වේ. සුරා බදු සමාගම් රැසක් බදු නොගෙවා පැහැර හැර ඇත. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උනන්දුවක් දක්වන්නේ ජනතාව මත පටවා ඇති බදු නිසි පරිදි වැඩිවී ඇතිද යන්න ගැන පමණි. මෙම වංචාවන්ට අමතරව මහ බැංකු වංචාව, සීනි බදු වංචා වැනි මහා පරිමාණ වංචාවන් රැසක් සිදුවීම හරහා රජයේ මුදල් කාබාසිනියා වීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උනන්දු නැත. ඊට අමතරව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ජනතාවගේ විශ්‍රාමික අරමුදල්වලට ලැබෙන ප්‍රතිලාභ කප්පාදු කරන ලදී. එම ක්‍රියාවලියේදී පෞද්ගලික බැංකුවල බැදුම්කර මිලදී ගෙන සිටින පොහොසතුන්ට ලැබෙන පොළිය අඩු නොකිරීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උනන්දු නැත.

මේ අනුව මරික්කාර් කියන ආකාරයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් උනන්දුවන්නේ කුමන ආකාරයේ දුෂණය සහ නාස්තිය සම්බන්ධයෙන් ද යන ගැටලුව මතුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...