වැනිස් නගරයේ ජලය සිදී ගියේ ඇයි?

Date:

වැනීසිය කිවූ සැණින් අපට සිහි කැඳවන්නේ ජල තටාකයක් මැද පිහිටා තිබෙන නගරයකි. වැනීසියේ ජනතාව ගමනාගමන කටයුතු වෙනුවෙන් පාවිච්චි කරන්නේ ඇළ මාර්ගය. පෙබරවාරි 17දා සිට වැනීසිය ප්‍රධාන ඇළ මාර්ගය ඇතුළු සියලු ඇළ මාර්ග වල ජල මට්ටම පහත බැස තිබේ. ප්‍රධාන ඇළ මාර්ගයේ ජල මට්ටම සෙන්ටිමීටර් 70 කින් පහත ගොස් ඇති අතර අභ්‍යන්තර ඇළ මාර්ග මඩ සහිත පතුල පෙනෙන පරිදි සිඳී ගොස් තිබේ. අතුරු ඇළ මාර්ග වල ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බෝට්ටු පතුලේ ගැටී නැවතී ඇති අයුරු මේ දිනවල දැක ගැනීමට පුළුවන් . මහා ඇළ දෙපස ඇති ගොඩනැගිලිවල පැරණි අත්තිවාරම්ද දිස්වේ . මේ තත්ත්වය ලබන අඟහරුවාදා තෙක් පවතිනු ඇතැයි නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයන් වැනිසිය තුළ දකින්නට ලැබෙන්නේ වඩදිය බාදිය සංසිද්ධිය මුල්කරගෙනයි. සෑම වසරකම ජනවාරි පෙබරවාරි කාලය තුළ මේ අවස්ථාවක් නිර්මාණය වීම සාමාන්‍ය දෙයක් වුවත් මේ මොහොතේ එය යම් වැඩිපුර කාලයක් පැවතීම විශේෂ අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ලෙස හඳුන්වනවා.

මෙසේ ඇලමාර්ග සිඳී යෑම හේතුවෙන් වැනිස් ජනජීවිතයට බලපෑම් එල්ලවී තිබෙන අතර වඩාත් ප්‍රශ්නකාරී වන්නේ හදිසි අවශ්‍යතාවයන් ඇති වූ විටයි . උදාහරණයක් ලෙස හදිසි තත්වයක් තුළ කෙනෙකු ඉතා ඉක්මනින් රෝහල් ගත කිරීමට සිදුවුනොත් පවතින තත්ත්වය තුළ එය බරපතළ ප්‍රශ්නයක් බවට පත් වෙන බව ඔවුන් පවසනවා. වැනිසිය තුළ ප්‍රවාහන කටයුතු රඳා පවතින්නේ මේ ප්‍රධාන ඇළ මාර්ග සහ අතුරු ඇළ මාර්ග ඔස්සේ නිසා ගොඩබිමේදී මහා මාර්ගයක් අවහිර වී ප්‍රවාහන කටයුතු අඩාල වෙනවා සේම වැනිසිය ඇළ මාර්ග වල ජලය හිදී යෑම තුළින් මේ තත්ත්වය උදා වෙනවා.

වැනීසියේ මහ නගර සභාවේ දත්ත පෙන්වා දෙන්නේ වර්ෂ 2005 පැය 48 ක් , 2002 සහ 2007 වසර දෙකේ පැය 28 ක් සහ 2004 පය 27 කාලයක් තුළ ඇල මාර්ග සිඳී ගොස් තිබෙන බවයි මේ අවස්ථාවන් සියල්ලේම ඇළ මාර්ගයේ ජලය පහත වැටීමේ අගය සෙන්ටිමීටර් 50 ට අඩු ය. දැනට අඩුම වඩදිය මට්ටම වාර්තා වී තිබෙන්නේ 1934 දීය. එය සෙන්ටිමීටර 121 ක පහත බැසීමකි ඊට පසුව 1989 දී සෙන්ටිමීටර් 92ක පහත බැසීමක් ද වාර්තා වී තිබේ.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...