මායාවේ කඩතුරාව හැර සැබෑවේ දෙනෙත් විවරකර 2017 වසර විස්සයි

මායාවේ කඩතුරාව හැර සැබෑවේ දෙනෙත් විවර කරන්නට සෑම සෙනසුරාදාවකම සිංහල බසින් ඔබ වෙත ගෙන එන ගුවන්විදුලි විකාශනය මෙතැන් සිට , මුල් වතාවට මේ තේමා පාධ්ය ගුවන සිසාරා පැතිරුනේ 1997 මාර්තු මාසයේ 1වෙනිදා රාත්රී 8:00 ටයි . ඒ අදින් වසර 20කට ඉහතදී ,

1997 මාර්තු පළමුවැනිදා , එදත් සෙනසුරාදා දිනයක් .සිනිදු සුදු මුදු තලාවේ ගී අනුවදනයෙන් ආරම්භ කළ විවර මුල්ම වැඩසටහනෙන් ප්‍රචාරය වූ මුල්ම ගීතය සුනිල් එදිරිසිංහගේ මගේ අමල්බිසෝ ගීතය

එදා අපට ගුවන්විදුලි වැඩසටහනක් කරන්න පළපුරුදු අත්දැකීමක් නොතිබුනත් සියලු බාදක ජයගෙන මේ අභියෝගය ජයගැනීමේ අදිස්ථානය තිබුනා .අද අපි ඒ අබියෝගය ජය අරගෙන තියනවා .ගුවන් විදුලිය ආරම්බ කරමින් ඇරබි ගමන අන්තර්ජාල පුවත්පත විවර tv දක්වා වර්ධනය කරගැනීමට ගෙවුන විසිවසර තුළ අප සමත් වෙලා තියනවා .

මුල්ම විවර වැඩසටහන පිළිබඳව තියෙන්නේ සොදුරු මතකයක් . 1997 කියන්නේ මේතරම්ම තොරතුරු තාක්ෂණය දියුණු නැති කාලයක් . අන්තර්ජාලය ලගවියනොහැකි සිහිනයක් . ඉතාලිය වගේ දුර ඈත යුරෝපා රටකට ආවේ සතිඅන්ත පුවත්පත් විතරයි . එකත් ආවේ සඳුදා හෝ අඟහරුවාදා?….ඉතාලියේ ප්‍රධාන නගර හැර අන් නගරවලට පුවත්පත පවා නොලැබුන යුගයක් . එවන් පසුබිමක ගුවන්විදුලි වැඩසටහනක් වෙන්නට පවා තියෙන ආරංචිය තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් සිටි ශ්‍රිලාංකින්ට ආශ්චර්යමත් පණිවිඩයක් වුනා . 1997 මාර්තු 1වැනිදා මුල්ම වැඩසටසටහන ප්‍රචාරය කිරීම සඳහා ගුවන්විදුලි ආයතනයෙන් මැදිරි අංක 1 ට ගියේ ප්‍රධාන නිවේදකයා ලෙස විජිත් සහ දේශපාලන සම්බන්දායකයා ලෙස ජයලත්ය . සමාජ , දේශපාලන , සංස්කෘතික තොරතුරු ඇතුලත් පැයක මුල්ම වැඩසටහන අඩුපාඩුකම් රැසක්ද සමග ගුවන සිසාරා පැතිරුණා …එතැන් සිට සතිපතා විවරට සවන්දෙන අසන්නන් ගණන වැඩිවෙන්න පටන්ගත්තා . අසන්නන්ගේ අදහස් යෝජනා විවේචන සංවාද සමගින් අපිට විවර වැඩසටහන් නිෂ්පාදනයට අත්දැකීම් එකතුවුනා . ටිකකලක් යනවිට විවර ජිවිතයෙන් කොටසක් බවට පත්කරගත් අසන්නන් පිරිසක් බිහිවුණා විවර ආරම්භවූ 1997 සිට අද දක්වා විවර වැඩසටහන් සම්පාදනයට සහ නිවේදන කටයුතු වෙනුවෙන් දායකවූ පිරිස අතිවිශාලයි . විජිත් ,,හිල්මි ,සමන්ත ,රුවන් ,සුසිල් ,චාන්දනී , දිලීප ,නිශාන්ත ,දර්ශණ ,නදීකා ,ප්‍රියන්ති ,විදුර ,සමන්සිරි ,රොවාතෝ සමන්ත ,සිරිල් ,අශෝක ,අනිල් ,රේණු ,දිලීමා ,සඳකැලුම් සඳරුවන් ,තිලිණ ,දුලාල් ,සමීර මේ හැම කෙනෙක්ගෙම දැනුම ,මහන්සිය විවරගුවන්විදුලිය නොකඩවා 20වසරක් පවත්වගෙනයන්නට දායකවෙලා තියෙනවා ….ලංකාවේ සිට මෑත කාලයේදී විවරට සම්බන්ධවී වැඩසටහන් නිෂ්පාදනයට දායක වෙන රොෂාන් රුබේරු ,දේවින්ද චමින්ද නිශාන්ත, ලක්මාල් වද අපි අමතක කරන්න බැහැ ..

ඒ විතරක් නෙවයි 1997 සිට අද දක්වා විවරට සවන්දෙමින් විවර ගුණදොස් පවසමින් විවර සමඟ රදිසිටින විවර අසන ඔබද මේ 20වසරක කොටස්කරුවන් වෙනවා .

 

ඉතාලියට ගිය බොහෝ ලාංකිකයන් අනේක විධ දුක් විද තම පොකැට්ටුව තර කරගනිමින් ලංකාවේ තම ඥාතීන්ට සුඛිත මුදිත ජීවිත ගත කරන්නට හා ඉතාලියේ මෙන් සුවිසල් මාලිගා ඉදිකොට එවා වසා දමා නැවතත්

ඉතාලියට ගොස් අදාළ රැකියා කරමින් ජීවත්වන පිරිසක් අතර සමාජ සංවිධාන ගොඩනගා ගනිමින් ඉතාලියට ගිය පිරිසේ දුක්විදින අපේ මිනිසුන් වෙනුවෙන් හඬක් නගන වෙබ් ගුවන්විදුලි නාලිකාවක් හා පුවත් වෙබ් අඩවියක් මෙන්ම පෙර පාසල් ආරම්භ කරමින් සමාජ සත්කාරයේ යෙදෙන පිරිසක් අපට හමුවිය. ඔවුන් පවත්වාගෙන යන වෙබ් අඩවියට පසුගියදා 20 වසක් සපිරිණි. ඒ විවර ගුවන් විදුලිය හා විවර වෙබ් අඩවියයි. මෙකී සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් අපි එහි ප්‍රමුඛ බලධරයෙකු සමග දොඩමළු වීමට උත්සාහ ගත්තෙමු. ඔහු නමින් හිල්මි සුපුන්ය. මේ අප සමග දොඩමළු වූ ඔහුගේ ජීවිතයේ අදහස් ගොන්නය.

විවරට විස්සයි කියලා කේක් කැපුවා මොකද්ද මේ විවර ? 20 කතාව මොකද්ද ?

විවර මාධ්‍ය ජාලය ආරම්භ වෙන්නේ විවර ගුවන්විදුලියේ අරම්බයත් සමඟයි .එය සිදුවෙන්නේ 1997 මාර්තු පළවෙනිදා .කේක් කපන්නේ විවරේ ආරම්භය මුල්කරගෙන .මම හිතනවා එපිලිබදව පුංචි පැහැදිලි කිරීමක් කලොත් හොදයි කියල . විවර ගුවන්විදුලියට වඩා ලංකාව තුළ වඩාත් ජනප්‍රිය විවර නෙව්ස් වෙබ් එක , ඉතින් මමත් එදිනවල ලංකාවේ හිටියේ විවරට හිතවත් ,අපි ගැන දන්නා මාධ්‍යවේදී සගයන් හිතවතුන් එකතුවෙලා තමයි දියවන්න පාක් එකේදී විවර 20 වර්ෂ පුර්ණය වෙනුවෙන් පුංච් පාටියක් සුදානම් කරන්නේ .ඒ කේක් කැපීමත් හරි අපුරු සිදුවීමක් විවර ආරම්භය සිද්ද වෙන්නෙත් මාර්තු පළවෙනිදා වසර විස්සකට පස්සේ දියවන්නා කේක් කැපීම සිද්ද වෙන්නෙත් මාර්තු පළවෙනිදා .

මුල්ම විවර වැඩසටහන පිළිබඳව තියෙන්නේ සොදුරු මතකයක්. 1997 කියන්නේ මේතරම්ම තොරතුරු තාක්ෂණය දියුණු නැති කාලයක්. අන්තර්ජාලය ලගවිය නොහැකි සිහිනයක්. ඉතාලිය වගේ දුර ඈත යුරෝපා රටකට ආවේ සතිඅන්ත පුවත්පත් විතරයි . එකත් ආවේ සඳුදා හෝ අහරුවාදා?….ඉතාලියේ ප‍්‍රධාන නගර හැර අන් නගරවලට පුවත්පත පවා නොලැබුන යුගයක් . එවන් පසුබිමක සත්‍ය තොරතුරු, ප‍්‍රවෘති හා අලූත් ගීත පවා ලබා ගැනීම අති දුෂ්කර වුනා වගේම මෙවන් ගුවන්විදුලි වැඩසටහනක් ආරම්භ වන්නට යනවායැයි වූ ආරංචිය පවා තොරතුරු දැනගැනීමේ පිපාසයෙන් සිටි ලාංකිකයින්ට ආශ්චර්යමත් පණිවිඩයක් වුනා.

1997 මාර්තු 1වැනිදා මුල්ම වැඩසටසටහන ප‍්‍රචාරය කිරීම සඳහා Radio Onda Durto ගුවන්විදුලි ආයතනයේ මැදිරි අංක 1 ට ගියේ ප‍්‍රධාන නිවේදකයා ලෙස විජිත් සහ දේශපාලන සම්පත්දායකයා ලෙස ජයලත්. සමාජ, දේශපාලන, සංස්කෘතික තොරතුරු ඇතුලත් පැය එකහමාරක මුල්ම වැඩසටහන අඩුපාඩුකම් රැසක්ද සමග ගුවන සිසාරා පැතිරුණා .

එතැන් සිට සතිපතා විවරට සවන්දෙන අසන්නන් ගණන වැඩිවෙන්න පටන්ගත්තා. අසන්නන්ගේ අදහස් යෝජනා විවේචන සංවාද සමගින් අපිට විවර වැඩසටහන් නිෂ්පාදනයට අත්දැකීම් එකතුවුනා . ටික කලක් යනවිට විවර ජිවිතයෙන් කොටසක් බවට පත්කරගත් අසන්නන් පිරිසක් බිහිවුණා.විවර ගුවන් විදුලියේ සමගාමිව විවර නෙව්ස් වෙබ් එක අරම්භ්වුනා .

විවර ආරම්භවූ 1997 සිට අද දක්වා විවර වැඩසටහන් සම්පාදනයට සහ නිවේදන කටයුතු වෙනුවෙන් දායකවූ පිරිස අතිවිශාලයි.ඒ අතරින් විජිත්, හිල්මි, සමන්ත, රුවන්, සුසිල්, චාන්දනී, දිලීප, නිශාන්ත, දර්ශණ, නදීකා, ප‍්‍රියන්ති, අමරෙ, මනෝජ්, විදුර, සමන්සිරි, සමන්ත, සිරිල්, අශෝක, අනිල්, රේණු, දිලීමා, සඳකැලූම්, බොනී, සඳරුවන්, තිලිණ, දුලාල්, සමීර මේ හැම කෙනෙක්ගෙම දැනුම ඒවගේම ලංකාවේ සිට විවරට සම්බන්ධවී වැඩසටහන් නිෂ්පාදනයට දායක වූ සහ වෙන රොෂාන් රුබේරු, දේවින්ද, චමින්ද, ලක්මාල් හා නිශාන්තවද අපිට අමතක කරන්න බැහැ .

අවුරුදු විස්සක් කියන්නේ සුළු කාලයක් නෙවෙයි.. කොහොමද පිටරටක රැකියාවකට ගිය පිරිසක් මෙහෙම වැඩක් නොකැඩි කරන්නේ.

ඒ බැම්ම නිර්මාණය කරන්නේ ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිත සංවිධානය . ඒවගේම අපි ගොනුවෙලා හිටපු වාමාංශික දේශපාලනය ,විශේෂයෙන්ම radio onda durto ගුවන්විදුලි ආයතනයෙන් අපට අවස්ථාව ලැබෙන්නෙම අපි වාමාංශික මතවාදය නියෝජනය කරන කණ්ඩායමක් වීම නිසයි . ඇත්තටම අද හිතල බලද්දී අපි දැවැන්ත වැඩක් කරලා තියනවා කියන විස්වාස කරනවා .
රටෙන් බැහැර ඉන්නකොට ඒ රටේ තනි වුනාම තොරතුරු දැනගැනීමේ පිපාසයක් තියෙන්නෙ. අනෙක තමයි නිකම්ම තොරතුරු වාර්ථා කරනයකට එහා ඇත්ත තොරතුරු හා විශේෂයෙන් දේශපාලන තොරතුරු ලබා දීම තමයි අපේ අරමුණ වුනේ. රැකියාව පමනක් අරමුනෙන් ගිය පිරිසකට වඩා දේශපාලන අරමුණු නිසා තමයි ඒ අඛණ්ඩත්වය රැකිල තියෙන්නෙ .

ලංකාවේ බොහෝ සමාජ සංවිධාන පවා පවත්වාගෙන යා නොහැකි වී බංකොලොත් වෙද්දී ඉතාලිය වැනි රටක සිට මෙවැනි සමාජ සත්කාරයක් කරන්නේ කොහොමද?

අපේ හැකියාවන් ආසාවන් වලට එහා ගිය අරමුණක් තිබෙන නිසා තමයි තවමත් අපිට නොකැඞී ඉදිරියට යන්නට හැකිවී තිබෙන්නෙ. ගතවූ වසර 20 පහසු කාලයක් නෙමේයි . විවිධ බලපෑම් කඩාකප්පල් කිරීම් තිබුන . මේ මොහොතෙත් එවැනි දේ ක‍්‍රියාත්මකයි. ඒත් අපිට නොසැලී ඉන්නට ධෛර්යය තියනව ඒක තමයි හේතුව.

ඔබ ඇතුලු කණ්ඩායම විවර සමග එකතු කර ගත් දේශපාලන පක්ෂයක් තියෙනවද?

නිසැකවම මා ඉහතින් සදහන් කළ ආකාරයට දේශපාලන අරමුණක් තමයි අපව එක් කලේ සහ තවමත් ඉදිරියට යන්නට ශක්තිය දෙන්නෙ. රැකියාව හා ඒ හරහා මුදල් පමණක් ජීවිතය කර ගත්ත අති බහුතරයක් අතර එසේ නොවන සුලූ පිරිසක් හරි ඉන්න නිසා තමයි කණ්ඩායමක් ලෙස අප තවමත් පවතින්නෙ.

ලෝක තලයේ වාමාංෂික ව්‍යාපාර බිද වැටෙද්දී ඉතාලිය වැනි ධනේෂ්වර රටක කරන අරගල සමග කවරාකාර සම්බන්ධයක්ද තිබෙන්නේ

ඔව් අපේ වෙනස තමයි මාධ්‍ය තුලින් දේසනා කරමින් ඉන්නේ නැතිව දේශපාලනයට සක්‍රියව මැදිහත් වෙමින් මේ ක්‍රමය වෙනස් කිරීමට පෙනී සිටිම . ඉතාලියේ තිබුන දැවැන්ත වාමාංශික පක්ෂ බිදවැටිල විවිධ මතවාද වලට වෙන් වෙලා තියෙන්නේ . එත් පොදු ජන අරගල වලදී මතවාද පැත්තකින් තියල පොදු අරගලවලට සහය දක්වන්න ඔවුන් එකතු වෙනවා . එක හොද ලක්ෂණයක් . ඔවුන් සමඟ අපිත් ඉතාලියේ වැඩ කරන පිඩිත සහ විගාමික කම්කරුවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා .

පුද්ගලිකව ඔබ මේ මාධ්‍ය වෙහෙවර සදහා දායකත්වයක් දක්වනවා. කොපමණ ආදායමක් මෙයින් ලබනවාද?

අපි කිසිදු ආදායමක් ලබන පිරිසක් නෙමෙයි . අපට මේ අවස්ථාව ලබා දුන් Onda Durto රේඩියෝ මාධ්‍ය ජාලය ප‍්‍රාග්ධනයට යට නොවී ජනතා සහයෝගයෙන් ක‍්‍රියාත්මක ආයතනයක් .

ආදායමක් නොමැති නම් කොහොමද මෙවැනි දේ පවත්වාගෙන යන්නේ .. විශේෂයෙන් දුෂ්කර ආර්ථික කොන්දේසි යටතේ

ස්වෙච්ඡුා ශ‍්‍රමය තමයි ඉහලින්ම වැඩ කරන්නෙ ඒ අතර මුදල් අවශ්‍ය වෙනව අත්‍යාවශ්‍ය වියදම් සඳහා ඉතිං අපි සංවිධානයක් ලෙස බහු ජනතා සහයෝගයත් ඇතිව විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරල තමයි අවශ්‍ය ප‍්‍රතිපාදන සොයා ගන්නෙ. එය පහසු නෑ…. ඒත් අපි මේ දක්වා සමත් වෙලා තිබෙනව අවශ්‍ය මුදල් සොයාගන්න. ඒ සදහා බෝජන සංග‍්‍රහ සංවිධානය කිරීම නාට්‍ය චිත‍්‍රපට ,සංගීත, ප‍්‍රසංග ,කිරීම ලොතරැයි මගින් සහ විවිධ ශ‍්‍රම කටයුතු මගින් තමයි අපි අවශ්‍ය මුදල් සොයා ගන්නෙ.3

ඔබ ලංකාවේ වාමාංෂික දේශපාලනය සම්බන්ධයෙන් කවරාකාර අර්ථ දැක්වීමක්ද කරන්නේ

අවස්ථා ගණනාවකදීම වම ජනතා විස්වාසය බිදගෙන තියෙන්නේ . අද වමේ අබියෝගය තමයි මුලින්ම ජනතාව අතර විස්වාසනියත්වය හදන එක . ඒ සඳහා වාමාංශික පක්ෂ තම තමන් ගැන නැවත හැරී බැලිය යුතුයි. ජනතාවට පමනක් නොවෙයි තම තමන්ටම බොරු කර ගැනීමෙන් පලක් නොවන බව තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් මේ මොහොතේ වාමාංශයේ ක‍්‍රියාකාරීත්වය තීරණාත්මකයි.

පෙර පාසල් ගුවන් විදුලිය වෙබ් අඩවිය මෙවැනි දේ සමග තවත් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන කටයුතු මොනවාද?

ඔව් අපි අතගසා තිබෙන අලූත්ම කාර්යය තමයි කලා කටයුතු, ඒ අතර නාට්‍ය හා රංග කලාව මේ වන විටත් වේදිකා නාට්‍ය ද්විත්වයක් සමග අප යුරෝපයේ රටවල් ගනනාවකත් ලංකාවෙත් සංචාරය කලා. යුරෝපයේ කම්කරු පදනමකින් බිහිවූ පලමු කණ්ඩායම ලෙස අප තවදුරටත් ඉදිරියට යන්නට උත්සහ කරනව . මේ වන විට ලාංකීය ළමුන් වෙත නාට්‍ය හා රංග කලාව උගන්වමින් මතු පරපුරටත් මේ ප‍්‍රබල මාධ්‍යක් වන කලාව දායාද කරන්නට උත්සහයක නියැලෙනව. ජන රැගුම් මණ්ඩපය නමින් අප මෙම කාර්ය ඉදිරියට ගෙනයන්න උත්සහ කරනව.

පිට රට සිටින දරුවන්ට ඇති පහසුකම් ලංකාවේ දරුවන්ට නැහැ . ඔබලා එවැනි සමාජමය කටයුත්තක් ලෙස පාසල් දරුවන් සම්බන්ධයෙන් කිසිවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවාද?

අපි 2012දි ආරම්භ කලා ශිෂ්‍යත්ව වැඩ සටහනක්, පියාපත් නමින් අධ්‍යාපනයේදී ලංකාවෙ ළමුන්ට ලැබෙන පහසුකම් සහ අවස්ථා විරලයි. සාපේක්ෂව ඉතාලියෙ දරුවන්ට ඇති පහසුකම් ඉහලයි. ඉතිං අපි කල්පනා කලා ආර්ථික දුෂ්කරතාවයන් නිසා අධ්‍යාපනය අහිමිවන දරුවන් පිරිසකට අපිට හැකි අයුරින් උපකාර කරන්න. මුදල් ඇති වුන්ගේ අධ්‍යාපන අයිතිය ගැන කථාකරන මේ වකවානුවේ මුදල් හැකියාව නැති පිරිසකට අධ්‍යාපන අවස්ථාව ලබාදීම තමයි අපේ අරමුණ ඒත් එය සැබෑ ගැටලූවට විසඳුම නොවේ පුංචි අත්වැලක් විතරයි.

සංවාද සටහන – තුසිත පතිරණ

උපුටා ගැනීම http://lankatarget.com/?p=13780