” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ” – ටිරාන් අලස්

” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ”

පොලිසියට ගිනි අවි ලබා දී ඇත්තේ බලා සිටිමට නොව අවශ්‍ය වෙලාවට පාවිච්චි කරමිට බව  ටිරාන් අලස් ඇමැතිවරයා පවසා තිබේ.

“පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ බල බලා ඉන්න නෙමෙයි, අතගගා ඉන්න නෙමෙයි. තුවක්කුවක් දීල තියෙන්නෙ පාවිච්චි කරන්න ඕන වෙලාවට පාවිච්චි කරන්න. ගම්වල චණ්ඩි ඉන්න බැහැ. මේ පාතාලේ කියන්නේ ගම්වල ඉන්න චණ්ඩි ටිකක් කල් යනකොට සල්ලිවලට මිනී මරනවා.”

ඔහු එම කාරනා සඳහන් කර සිටියේ, නුවරඑළියේ පැවති ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තමන් බලාපොරොත්තුවන ඉලක්කයට යාමට අපොහොසත්වන පොලිස් නිලධාරින් තනතුරුවලින් ඉවත් කිරිමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

යම් වැඩපිලිවෙලක් සිදුකරගෙන යන විට ඊට සියලු දෙනා එක් විය යුතු බවත් සියලු දෙනාට ලොකු වැඩ කොටසක් පැවරී ඇති බවයි ටිරාන් අලස් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

“පොලිසිය නව ජවයකින් වැඩ කරනවා. මම බලාපොරොත්තුවෙනව ඉලක්කයට යන්න බැරි පොලිස් නිලධාරීන් ඉන්නවනම් අපි ඒගොල්ලන්ගේ තනතුරු වලින් ඉවත් කරනවා. අපි එහෙම වැඩපිළිවෙලක් කරනකොට ඔබ සියලු දෙනාම අපි සමග එක් වෙන්න ඕනේ. සියලු දෙනාට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා.”

Share post:

Popular

More like this
Related

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...

රවි කරුණානායක අත්අඩංගුවට 

හිටපු අමාත්‍යවරයෙකු සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...