” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ” – ටිරාන් අලස්

” පොලිසියට ගිනි අවි දීල තියන්නේ බල බලා ඉන්න නෙමෙයි ”

පොලිසියට ගිනි අවි ලබා දී ඇත්තේ බලා සිටිමට නොව අවශ්‍ය වෙලාවට පාවිච්චි කරමිට බව  ටිරාන් අලස් ඇමැතිවරයා පවසා තිබේ.

“පොලිසියට තුවක්කු දීලා තියෙන්නේ බල බලා ඉන්න නෙමෙයි, අතගගා ඉන්න නෙමෙයි. තුවක්කුවක් දීල තියෙන්නෙ පාවිච්චි කරන්න ඕන වෙලාවට පාවිච්චි කරන්න. ගම්වල චණ්ඩි ඉන්න බැහැ. මේ පාතාලේ කියන්නේ ගම්වල ඉන්න චණ්ඩි ටිකක් කල් යනකොට සල්ලිවලට මිනී මරනවා.”

ඔහු එම කාරනා සඳහන් කර සිටියේ, නුවරඑළියේ පැවති ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තමන් බලාපොරොත්තුවන ඉලක්කයට යාමට අපොහොසත්වන පොලිස් නිලධාරින් තනතුරුවලින් ඉවත් කිරිමට කටයුතු කරන බවට මහජන ආරක්ෂක ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

යම් වැඩපිලිවෙලක් සිදුකරගෙන යන විට ඊට සියලු දෙනා එක් විය යුතු බවත් සියලු දෙනාට ලොකු වැඩ කොටසක් පැවරී ඇති බවයි ටිරාන් අලස් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

“පොලිසිය නව ජවයකින් වැඩ කරනවා. මම බලාපොරොත්තුවෙනව ඉලක්කයට යන්න බැරි පොලිස් නිලධාරීන් ඉන්නවනම් අපි ඒගොල්ලන්ගේ තනතුරු වලින් ඉවත් කරනවා. අපි එහෙම වැඩපිළිවෙලක් කරනකොට ඔබ සියලු දෙනාම අපි සමග එක් වෙන්න ඕනේ. සියලු දෙනාට ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...