අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර සිටියේ ජනතාව සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් පිළිපදින අතරතුර ආණ්ඩුව විසින් විදුලි බල මණ්ඩලය කෑලි පහකට කඩා විකිණීමට යෝජනා කරන නව විදුලිබල පනතට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවයි. විදුලි බල මණ්ඩලය කෑලි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙන්නේ පරණ අවුරුද්දේ අවසාන කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. මේ කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබෙන්නේ අප්‍රේල් 8 වෙනිදාය.

එපමණක් ද නොව මෙම කැබිනට් රැස්වීමේදී තවත් බරපතළ තීන්දු දෙකක් ගෙන ඇති අතර ඒවා නම් රාජ්‍ය බැංකු ප්‍රතිසංස්කරණය කිරීමට යැයි පවසා ඒවා පෞද්ගලික අංශයට පැවරීමට අදාළ කටයුතු සම්පාදනය සඳහාද මූලික කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලය තුළින් ඕනෑම කෙනෙකුට මුදල් ගෙවා උපාධි ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීමට ද අවසර ලැබී තියෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...