Breaking News

අපි අවුරුදු කද්දී උන් ජාතික සම්පත් කාලා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර සිටියේ ජනතාව සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් පිළිපදින අතරතුර ආණ්ඩුව විසින් විදුලි බල මණ්ඩලය කෑලි පහකට කඩා විකිණීමට යෝජනා කරන නව විදුලිබල පනතට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවයි. විදුලි බල මණ්ඩලය කෑලි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙන්නේ පරණ අවුරුද්දේ අවසාන කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. මේ කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වා තිබෙන්නේ අප්‍රේල් 8 වෙනිදාය.

එපමණක් ද නොව මෙම කැබිනට් රැස්වීමේදී තවත් බරපතළ තීන්දු දෙකක් ගෙන ඇති අතර ඒවා නම් රාජ්‍ය බැංකු ප්‍රතිසංස්කරණය කිරීමට යැයි පවසා ඒවා පෞද්ගලික අංශයට පැවරීමට අදාළ කටයුතු සම්පාදනය සඳහාද මූලික කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාලය තුළින් ඕනෑම කෙනෙකුට මුදල් ගෙවා උපාධි ලබා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීමට ද අවසර ලැබී තියෙනවා.

leave a reply