මිලියන 45 ක් වැයකර පාස්කු ගැන තවත් විවාදයක් පැවැත්වීමට සූදානම්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක් පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා.

මෙය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන සිව් වෙනි පාර්ලිමේන්තු විවාදය වන අතර එයද පාස්කු ප්‍රහාරය පිළිබඳව පැවැත්වූ අනෙකුත් විවාදයන් මෙන්ම ප්‍රධාන ගැටලු කිසිවකට විසඳුම් සෙවීමට අපොහොසත් වනු ඇත් දැයි සම්බන්ධයෙන් පවතින්නේ ප්‍රශ්නාර්ථයක්.

මින් පෙර පාස්කු ප්‍රහාරය පිළිබඳව පවත්වනු ලැබූ විවාද කිසිවකින් මෙම ප්‍රහාරයට වගකිවයුතු අයට එරෙහිව පියවර ගැනීමට නොහැකිව තිබෙනවා.

ඒ අනුව, පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල වින්දිතයින්ට යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයක්.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සැබෑ තොරතුරු තමා හෙළි කිරීමට තමා සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇති පසුබිමක මෙම විවාදය පැවැත්වෙනවා.

එවකට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දැරූ නායකයා වශයෙන් සිටි මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය තොරතුරු හෙළි කරනු ඇතැයි අපේක්ෂාවෙන් සමගි ජන බලවේගය මෙම විවාදය පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අනුව, පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදය එළඹෙන අප්‍රේල් 24, 25 හා 26 යන තෙදින පුරා පැවැත්වීමට නියමිතයි.

මෛත්‍රීපාල සිරිසේනගෙන් සත්‍ය තොරතුරු හෙළිදරව් පැවසීමට සූදානම් නම් ඔහුට මීට පෙර ඕනෑතරම් අවස්ථාද තිබීම නිසා මෙම විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් සැක මතුව තිබේ. එසේම පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම සම්බන්ධ ජනතාව තුළ පවතින විරෝධය සමහන් කිරීම සඳහා මෙය කරන්නේද යන සැකයද මතුව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...