Breaking News

ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! – විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප‍්‍රකාශයක්

අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින වැඩිවන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ සැකසංකා හා බැඳුණු සමාජ-දේශපාලනික ව්‍යසන සමඟ අප දිගටම පොර බදන්නෙමු. පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපනය ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා කරන ලද යෝජනා තුළින් අධ්‍යාපනය සමාජමය දේපලක් හැටියට දැකීමේ මෙරට භාවිතය වෙනස් කරන්නට අර ඇදීම පිළිබඳව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු වශයෙන් අප සැලකිළිමත් වන්නෙමු.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපෘතිය සමඟ මෙම ප‍්‍රතිසංස්කරණ යෝජනා බැඳී පවතින බව අප පෙන්වා දෙන්නේ කෝපයෙන් යුතුවය. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන්කරන අරමුදල් කප්පාදු කරන අතරේ සියළු විරෝධතා ප‍්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමද රජය සිදු කරයි. බදුගෙවන ජනතාවගේ මුදල් අපතේ හරිමින් විරෝධතා ව්‍යාපාර වල නිමග්න වන බව පැවසෙන විශ්ව විද්‍යාල සිසුන්ගේ ඡුායාරූප මාධ්‍ය පුරා සැරිසරයි. ඉහළ මට්ටමේ දේශපාලකයින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන් සේවා නියුක්තියට නුසුදුසු බව චෝදනා කරන්නේ ඔවුන් අවශෝෂණය කරගැනීම සඳහා ප‍්‍රමාණවත් රැුකියා වෙළඳපොලක් නොමැති බව කිසිදු සඳහනක් නොකොටය. මේ ආඛ්‍යාන නිසා මෙම ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය බව පමණක් නොව, ගත හැකි එකම ක‍්‍රියාමාර්ගය බවටද මතයක් සමාජයේ සමහර කොටස් අතර මුල්බැස ගනිමින් පවතී. එහෙත් මෙවැනි ප‍්‍රතිසංස්කරණ නිසා ඇමෙරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල උසස් අධ්‍යාපනයට සිදුව ඇති හානිය අරබයා ඇති සාක්ෂි පිළිබඳ එහිදී සාකච්ඡුා නොවේ.

මෙහි නවතම යෝජිත ප‍්‍රතිසංස්කරණය වන්නේ ළඟදීම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්ති රාමුවයි. මෙය කිසිදු ආකාර අදහස් විමසීමකින් තොරව, අදහස් සඳහා විවෘත ආරාධනයක් පමණක් නිකුත් කරන ලදුව ආරම්භ කළ ක‍්‍රියාවලියකි. මෙමඟින් ප‍්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික අධ්‍යාපනයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් තුළින් මෙරට ජනතාවගේ හදවත් වලට සමීප නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියේ පදනම තර්ජනයට ලක්කරයි. යෝජිත ප‍්‍රතිසංස්කරණ වලින් පාසල් අධ්‍යාපනය සම්බන්ධ බොහෝ වෙනස්කම්ද යෝජනා කොට තිබුණත්, මෙම ප‍්‍රකාශයේ අරමුණ වන්නේ තෘතීයික අධ්‍යාපනය අරබයා යෝජනා කරන වෙනස්කම් වලට අවධානය යොමු කිරීමයි.

ව්‍යුහය සහ ආණ්ඩුකරණය

මෙම යෝජනා වලට අනුව විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපනය කෙරෙනු ඇත. ඒ ඔස්සේ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සියල්ල එක් අධිකාරියක් යටතට ගෙන එනු ඇති අතර, එතුළ පෞද්ගලික අංශයට සැළකිය යුතු බලයක් හිමිවනු ඇත. මේ ප‍්‍රතිපත්ති රාමුව තුළ රාජ්‍ය අනුග‍්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීම සඳහා කිසිදු කැපවීමක් දක්නට නොලැබේ. එහෙත් පෞද්ගලික අංශයට වෙන්කෙරෙන අරමුදල් සහ ලබාදෙන සහන පිළිබඳව එහි පැහැදිලිව දක්වා තිබේ. දැනටමත් හිඟ තත්වයේ පවතින රාජ්‍ය අංශයේ සම්පත්, ලාභය මූලික කරගත් පෞද්ගලික තෘතීයික අධ්‍යාපනයට හැරවීමේ ක‍්‍රමයකි මෙය. ඇත්තෙන්ම මෙම ප‍්‍රතිපත්ති රාමුවේ මූලිකම අරමුණ ”රාජ්‍ය නොවන හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන්, විශේෂයෙන්ම පොදු-පෞද්ගලික හවුල්කාරීත්වයන් තුළින්” (පිටුව 28* උසස් අධ්‍යාපනයෙහි ලා පෞද්ගලික අංශයේ භූමිකාව ප‍්‍රසාරණය කිරීමයි.

තෘතීයික අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය

වත්මනේ තෘතීයික අධ්‍යාපනය වෙත ප‍්‍රවිෂ්ටය ලබාගන්නා සිසුන් සංඛ්‍යාව ඉතා අඩු බවට දුක්වන රජය (යෝජිත ප‍්‍රතිපත්ති රාමුවේ එය උසස් පෙළට මුහුණ දෙන සිසුන්ගෙන් 8.9% ක ප‍්‍රමාණයක් බවට සාවද්‍ය ප‍්‍රකාශයක්ද සිදුකරයි*, 2022 වසරේදී අධ්‍යාපනයට වෙන්කොට ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක් පමණක් බව ලෝක බැංකු වාර්තා වලට අනුව පෙනේ. එය ලෝකයෙන්ම අධ්‍යාපනයට වෙන්කොට ඇති දෙවැනි අඩුම ප‍්‍රතිශතයයි. මෙම ආයෝජනය සඳහා රජයට අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නට නැත. ඒ වෙනුවට මෙම ප‍්‍රතිපත්ති රාමුව තුළ රජය යෝජනා කරන්නේ ”පවතින සම්පත් නැවත බෙදාහැරීම, රාජ්‍ය නොවන ක‍්‍රියාධරයින් සමඟ හවුල්කාරීත්වයන් තුළින් අමතර සම්පත් ලබාගැනීම, සහ පෞද්ගලික පරිත්‍යාග වලින් සම්පත් ලබාගැනීම” (පිටුව 4) යන ක‍්‍රම ඔස්සේ එම ආයෝජන අවස්ථා සාධනය කරගැනීමයි.

මෙම ප‍්‍රතිපත්ති රාමුවෙහි යෝජනා කොට ඇති අරමුදල් සම්පාදනය කිරීමේ ක‍්‍රමය රජයේ විශ්ව විද්‍යාල වල වත්මනෙහි පවතින ක‍්‍රමය සම්පූර්ණයෙන්ම පෙරලා දැමීමකි. ඊට අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා අරමුදල් තුන් ආකාරයකින් සම්පාදනය වනු ඇත: රජයෙන් ලැබෙන ප‍්‍රතිපාදන, පාඨමාලා ගාස්තු ආදිය තුළින් සිසුන් දක්වන දායකත්වය සහ විශ්ව විද්‍යාලයෙන් සම්පාදනය කරගන්නා අරමුදල් යන ඒවාය. තනි තනි පාඨමාලා සඳහා වෙන්වන අරමුදල් ප‍්‍රමාණය තීරණය වනු ඇත්තේ ඒවාට බැඳෙන සිසුන්ගේ ප‍්‍රමාණය මතය. මෙම මාදිලිය තුළ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සියල්ලටම සිය පැවැත්ම සහ අරමුදල් සඳහා තරඟ වැදීමට සිදුවනු ඇත.

අධ්‍යාපනයට ප‍්‍රවේශය

ඓතිහාසිකව, ද්විතීයික හා තෘතීයික මට්ටමේ නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය නිසා විෂමතා අඩුවීම මෙන්ම දරිද්‍රතාවයෙන් බැටකන ජනතාවට ඉන් මිදීමේ මාර්ගයක් විවර වීමද සිදුවිනි. මේ තුළින් මධ්‍යම පාන්තික බොහෝ දෙනා ප‍්‍රයෝජන ලබා තිබේ. සමහර අධ්‍යයන පාඨමාලා වල පවත්වා ගන්නා දිස්ත‍්‍රික් කෝටා මෙන්ම වෙනත් එවැනි ව්‍යුහාත්මක වෙනස්කම් වලට සංවේදී ප‍්‍රතිපත්ති නිසා ස්ත‍්‍රී-පුරුෂ භාවය, පන්තිය, කුලය, ප‍්‍රාදේශීය අනන්‍යතාවය වැනි සාධක වල බලපෑමෙන් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ප‍්‍රවේශය ලබාගැනීමේ හැකියාව සිසුන්ට ලැබී ඇත. එය රටේ සමාජ යුක්තිය ප‍්‍රවර්ධනයෙහිලා ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. නිදහස් සෞඛ්‍ය ප‍්‍රතිපත්තියේ පැවැත්ම සඳහාද නිදහස් අධ්‍යාපනය වැදගත් වන්නේ එමඟින් සෞඛ්‍ය සේවයට අවශ්‍ය වෘත්තිකයන් අඩු මිලකට නිර්මාණය කරන හෙයිනි.

සිය අරමුදල් ස්වයංව සම්පාදනය කරගැනීම නව ප‍්‍රතිපත්තියට අනුව විශ්ව විද්‍යාල වල වගකීමක් බවට පත්වන නිසා, යම් දෙනලද අවස්ථාවක විශ්ව විද්‍යාලයක් මඟින් ලබාදෙන පාඨමාලා එම මොහොතේ වඩාත්ම ඉල්ලූමක් ඇති පාඨමාලා බවට පත්වනු ඇත. ඒවාට ඇදී එන සිසුන්ද නාගරික ඉහළ මධ්‍යම පාන්තික සිසුන් වනු ඇත්තේ, රැුකියා වෙළඳපොල තුළ වැඩි වාසියක් ඇති ඔවුන්ට විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම් වලදී වැඩි ප‍්‍රමුඛතාවයක් ලැබෙනු ඇති නිසාය. යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිසම විසින් විදෙස් සිසුන් ආකර්ෂණය කරගැනීම සඳහා වීසා බලපත‍්‍ර නිකුත් කිරීමත්, උපාධිය ලබාගැනීමෙන් පසු ලංකාව තුළ රැුකියා අවස්ථා සම්පාදනය කිරීමත් අරමුණු කිරීම තුළ මෙම ගැටළුව තවදුරටත් තීව‍්‍ර වනු ඇති බව පෙනී යයි (පිටුව 26).

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සම්බන්ධයෙන් හැරෙන්නට, මෙම ප‍්‍රතිපත්ති රාමුව තුළ සමාජ විෂමතා ආමන්ත‍්‍රණය කිරීමේ ක‍්‍රමවේදයක් දක්වා නොමැත. අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම සිසුන්ගේ වගකීමක් බවට පත්වූ විට, ඒ සඳහා රජයේ දායකත්වය එන්න එන්නටම අඩුවනු ඇත. ඉහළ යන අධ්‍යාපන වියදම් වල තේරුම වන්නේ කාලයක් යනවිට ධනවත් පවුල් වලින් පැමිණෙන සිසුන් අධ්‍යාපනයට වැඩි ප‍්‍රවේශයක් ලබාගනු ඇති බවයි. ඒ තුළින්, පවතින සමාජ අසමානතා තවදුරටත් තීව‍්‍ර වේ.

මෙවැනි ප‍්‍රතිපත්තියකින් දැවැන්ත ප‍්‍රතිවිපාක ඇති වේ. අප දන්නා නිදහස් අධ්‍යාපනය වියැකී යනු ඇත. අධ්‍යාපනයට ඇති සමාන ප‍්‍රවේශය අහිමි වූ විට සමාජයේ ආන්තික කණ්ඩායම් වලට ප‍්‍රගමනය සඳහා පවතින ස්වල්පයක් මාර්ග වලින් එකක්ද වැසී යනු ඇත. මෙම ප‍්‍රතිපත්ති රාමුවෙන් නාගරික ඉහළ මධ්‍යම පාන්තික, දැනටමත් වෙනත් විකල්ප පවතින කණ්ඩායම් වලට බලපෑමක් නොවේ. සමාජ ස්ථායිතාව වෙනුවෙන් කරදර වන පිරිස, නිදහස් අධ්‍යාපනය වියැකී යන්නට හැරීමෙන් ඇතිවන දැවැන්ත අස්ථාවරත්වය අවබෝධ කරගත යුතුය.
යෝජිත ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්ති රාමුවට අප තදින් විරුද්ධ වියයුතු අතර, අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ප‍්‍රතිසංස්කරණයක් යෝජනා හෝ ක‍්‍රියාත්මක කිරීමට පෙර පුළුල් වශයෙන් අදහස් විමසීම් සිදුකළ යුතු බවට අවධාරණයද කළයුතු වේ.

අත්සන් කළේ:

 

  1. K. David, formerly Univ. of Peradeniya
  2. M. Navaratna Bandara, formerly Univ. of Peradeniya
  3. Ahilan Kadirgamar, Univ. of Jaffna
  4. Anurudda Karunarathna, Univ. of Peradeniya
  5. Anuruddha Pradeep Karnasuriya, Univ. of Sri Jayewardenepura
  6. Anushka Kahandagama, formerly Univ. of Colombo
  7. Arjuna Parakrama, Emeritus Professor, Univ. of Peradeniya
  8. Aruni Samarakoon, Univ. of Ruhuna
  9. Athulasiri Samarakoon, Open University of Sri Lanka
  10. Asha L. Abeyasekera, formerly Univ. of Colombo
  11. Avanka Fernando, Univ. of Colombo
  12. Ayomi I. Irugalbandara, Open University of Sri Lanka
  13. D. R. Prasantha, Univ. of Peradeniya
  14. M. H. S. K. Banneheka, Univ. of Peradeniya
  15. Barana Jayawardana, Univ. of Peradeniya
  16. Bhathiya Rathnayake, Univ. of Peradeniya
  17. Chamathka Devasirie Kariyawasam, Univ. of Peradeniya
  18. Camena Guneratne, Open University of Sri Lanka
  19. Chamika A. Silva, Univ. of Peradeniya
  20. Chammika Mallawaarachchi, Univ. of Visual and Performing Arts
  21. Charudaththe B. Illangasinghe, Univ. of Visual & Performing Arts
  22. Chathurika Munasinghe, Univ. of Peradeniya
  23. Chinthaka Chandrakumara, Univ. of Colombo
  24. Chrishantha Abeysena, Univ of Kelaniya
  25. Crystal Baines, formerly Univ. of Colombo
  26. Dayapala Thiranagama, formerly Univ. of Kelaniya
  27. Dewmini Amunugama, Univ. of Peradeniya
  28. Dhamma Dissanayake, Univ.of Colombo
  29. Dhanuka Bandara, Univ. of Peradeniya
  30. Dileepa Witharana, Open University of Sri Lanka
  31. Dilrukshi Abeysinghe, Univ.of Colombo
  32. Dilmi Tharaka, Univ. of Peradeniya
  33. Dimagi Pitawala, formerly Univ. of Peradeniya
  34. Dinuka Wijetunga, Univ.of Colombo
  35. Erandika de Silva, formerly Univ. of Jaffna
  36. Janarth, Eastern University, Sri Lanka
  37. M. Nawastheen, Open University of Sri Lanka
  38. Farzana Haniffa, Univ. of Colombo
  39. Fazeeha Azmi, Univ. of Peradeniya
  40. D. U. P. K. Gamage, Univ. of Peradeniya
  41. Gameela Samarasinghe, Univ. of Colombo
  42. Gananath Obeyesekere, formerly Univ. of Peradeniya
  43. Ganganee Chandima Samaraweera, Univ. of Ruhuna
  44. Gayani Nawarathna, Univ. of Peradeniya
  45. Gayatri Wijekoon, Univ. of Colombo.
  46. Geethika Dharmasinghe, Univ. of Colombo
  47. Gihan de Chickera, formerly Univ. of Colombo
  48. Sriyananda, Emeritus Professor, Open University of Sri Lanka
  49. Harshana Rambukwella, formerly Open University of Sri Lanka
  50. Hasini Lecamwasam, Univ. of Peradeniya
  51. Hasintha Wijesekara, Sabaragamuwa Univ. of Sri Lanka
  52. Hasitha Pathirana, Univ. of Kelaniya
  53. Hiniduma Sunil Senevi,  Sabaragamuwa Univ. of Sri Lanka
  54. Ishafa Illiyas, Univ. of Peradeniya
  55. Prince Jeyadevan, Univ. of Jaffna
  56. Jayadeva Uyangoda, Emeritus Professor, Univ. of Colombo.
  57. Jennifer Edama, Univ. of Peradeniya
  58. Jinasena Hewage, formerly Univ. of Ruhuna
  59. K. G. Randula, Univ. of Colombo
  60. M. S. Wimalasiri, Univ. of Peradeniya
  61. Kalpa Rajapaksha, Univ. of Peradeniya
  62. Kamal Wasala, Univ. of Moratuwa
  63. Kamani Sylva, Univ. of Peradeniya
  64. Kanchuka Dharmasiri, Univ. of Peradeniya
  65. Kasun Gajasinghe, formerly Univ. of Peradeniya
  66. Kaushalya Ariyarathne, Univ. of Colombo
  67. Kaushalya Perera, Univ. of Colombo
  68. Kethakie Nagahawatte, Univ. of Colombo
  69. Krishantha Fedricks, Univ. of Colombo
  70. Krishmi Apsara, Univ. of Peradeniya
  71. Kumudu Kusum Kumara, formerly Univ. of Colombo
  72. Lahiruka Madhuwanthi, Univ. of Peradeniya
  73. Liyanage Amarakeerthi, Univ. of Peradeniya
  74. A. Nuhman, formerly  Univ. of Peradeniya
  75. M. Alikhan, Univ. of Peradeniya
  76. Madhara Karunarathne, Univ. of Peradeniya
  77. Madhubhashini Disanayaka Ratnayake, Univ. of Sri Jayewardenepura
  78. Maduranga Kalugampitiya, Univ. of Peradeniya
  79. Madushani Randeniya, Univ. of Peradeniya
  80. Mahendran Thiruvarangan, Univ. of Jaffna
  81. Mahim Mendis, Open University of Sri Lanka
  82. Manoj Alawathukotuwa, Univ. of Peradeniya
  83. Muthukeliyawe Indarathana, Univ. of Peradeniya
  84. Gafoordeen, Univ.of Colombo
  85. Nadeesh de Silva, Open University. of Sri Lanka
  86. Neavis Morais, Open University. of Sri Lanka.
  87. G. A. Karunathilaka, Univ. of Kelaniya
  88. Nicola Perera, Univ. of Colombo
  89. Nira Wickramasinghe, formerly Univ. of Colombo
  90. Nirmal Ranjith Dewasiri, Univ. of Colombo
  91. Nishani Jayaweera, Univ. of Peradeniya
  92. Iyngaran, Univ. of Jaffna
  93. Paba Suraweera, Univ. of Peradeniya
  94. Pamuditha Herath, formerly Univ. of Peradeniya
  95. Pavithra Ekanayake, Univ. of Peradeniya
  96. Pavithra Jayawardena, Univ. of Colombo
  97. Prabhath Jayasinghe, Univ. of Colombo
  98. Pradeep Peiris, Univ. of Colombo
  99. Priyantha Fonseka, Univ. of Peradeniya
  100. T. Gamalath, Univ. of Peradeniya
  101. Angammana,  Univ. of Peradeniya
  102. Rajan Hoole, formerly Univ. of Jaffna
  103. Rajitha Ranasinghe, Univ. of Peradeniya
  104. Ramanie Jayatilaka, formerly Univ. of Colombo
  105. Ramesh Ramasamy, Univ. of Peradeniya
  106. Ramila Usoof, Univ. of Peradeniya
  107. Ramya Kumar, Univ. of Jaffna
  108. Ranjini Obeyesekere, formerly Univ. of Peradeniya
  109. Rohan Laksiri, Univ. of Ruhuna
  110. Ruhanie Perera, Univ. of Colombo
  111. Rumala Morel, Univ. of Peradeniya
  112. Rupika Rajakaruna, Univ. of Peradeniya
  113. Ruth Surenthiraraj, Univ. of Colombo
  114. Sivasegaram, formerly Univ. of Peradeniya
  115. Arivalzahan, Univ. of Jaffna
  116. Sachini Marasinghe, Univ. of Peradeniya
  117. Sahani Situbandara, Univ. of Peradeniya
  118. Samal Vimukthi Hemachandra, Univ. of Colombo
  119. Saman Dharmakeerthi, Univ. of Peradeniya
  120. Saman Pushpakumara, Univ. of Peradeniya
  121. Samudrika Sylva, Univ. of Colombo
  122. Sandaruwan Subasinghe, Univ. of Peradeniya
  123. Sarala Emmanuel, Open University of Sri Lanka
  124. Sarath Witharana, Univ. of Kelaniya
  125. Sasanka Perera, formerly Univ. of Colombo
  126. Sasinindu Patabendige, formerly Univ. of Jaffna
  127. Saumya Liyanage, Univ. of Visual and Performing Arts
  128. Savitri Goonsekere, Emeritus Professor, Univ. of Colombo
  129. Savitri Kumar, Emeritus Professor, Univ. of Peradeniya
  130. Seetha Bandara, Univ. of Kelaniya
  131. Selvaraj Vishvika, Univ. of Peradeniya
  132. Shalini Wijerathna, Univ of Peradeniya
  133. Shamala Kumar, Univ. of Peradeniya
  134. Shanil Wijesinha, Univ. of Colombo
  135. Shashikala Assella, Univ. of Kelaniya
  136. Shirley L. Wijesinghe, Univ. of Kelaniya
  137. Shyamani Hettiarachchi, Univ. of Kelaniya
  138. Siri Hettige, Emeritus Professor, Univ. of Colombo
  139. Sirima Gajameragedara, formerly Rajarata Univ. of Sri Lanka
  140. Sithumini Rathnamalala, Univ. of Moratuwa
  141. Sivamohan Sumathy, Univ. of Peradeniya
  142. Sudesh Mantillake, Univ. of Peradeniya
  143. Supoorna Kulatunga, Univ. of Peradeniya
  144. Sanathanan, Univ. of Jaffna
  145. Tasneem Hamead, Univ. of Colombo
  146. Thiru Kandiah, formerly Univ. of Peradeniya
  147. Udari Abeyasinghe, Univ. of Peradeniya
  148. Uduhawara Ananada, Univ. of Colombo
  149. Unnathi Samaraweera, Univ. of Colombo
  150. Upul Abeyrathne, Univ. of Peradeniya
  151. Uwin Ariyarathna, Univ. of Peradeniya
  152. Varuni Ganepola, formerly Univ. of Colombo
  153. Vasanthi Thevanesam, Emeritus Professor, Univ. of Peradeniya
  154. Vihanga Perera, Univ. of Peradeniya
  155. Vijaya Kumar, Emeritus Professor, Univ. of Peradeniya
  156. Visakesa Chandrasekaram, Univ. of Colombo
  157. Vivimarie Vanderpoorten, Open University of Sri Lanka
  158. Warshi S. Dandeniya, Univ. of Peradeniya
  159. D. N. S. M. Tennakoon, Wayamba Univ. of Sri Lanka
  160. Wijith Rohan Fernando, Univ. of Kelaniya.
  161. M. M. P. Hulugalla, Univ. of Peradeniya
  162. M. T. P. Ariyaratne, Univ. of Peradeniya
  163. T. L. S. Fernando, Sabaragamuwa Univ. of Sri Lanka
  164. Yasas Kulasekara, Univ. of Peradeniya
  165. Yushani Alahakoon, Univ.of Peradeniya

 

leave a reply