දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලට මුදල් කාරක සභාවත් එකඟයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනා සම්මතයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පළවිය.

ඒ, එම කාරක සභාව ඊයේ (30) පස්වරුවේ එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

බහුතර සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ඊට අනුමැතිය පළ කර ඇති බව පැවසේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සම්මතය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් අද (30) සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ අනුමැතිය පළවිය.

එම රැස්වීමේ මුල් වටයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වී තිබේ.

කාරක සභාව බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය අරමුදල් සහ ආයතන හිමියන් සමඟ දෙවැනි සාකච්ඡා වටය පැවැත්වීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද මෙම කාරකසභාවට සහභාගී වී සිට ඇත.

 

පාර්ලිමේන්තු විවාදය අද

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (01) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

ඒ, එම කාරක සභාව ඊයේ (30) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

ඒ අනුව අද (01) පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇත.

ඉරිදා දින මෙම විවාදය නොපවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කර තිබේ.

එමෙන්ම ලබන 4 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමටත්, එදිනට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු 7 වැනි සිකුරාදා විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...