දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාවලට මුදල් කාරක සභාවත් එකඟයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල යෝජනා සම්මතයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය පළවිය.

ඒ, එම කාරක සභාව ඊයේ (30) පස්වරුවේ එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

බහුතර සාමාජික මන්ත්‍රීවරු පිරිසක් ඊට අනුමැතිය පළ කර ඇති බව පැවසේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනා සම්මතය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමේදී දෙවැනි දිනටත් අද (30) සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ අනුමැතිය පළවිය.

එම රැස්වීමේ මුල් වටයට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වී තිබේ.

කාරක සභාව බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය අරමුදල් සහ ආයතන හිමියන් සමඟ දෙවැනි සාකච්ඡා වටය පැවැත්වීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද මෙම කාරකසභාවට සහභාගී වී සිට ඇත.

 

පාර්ලිමේන්තු විවාදය අද

දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (01) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

ඒ, එම කාරක සභාව ඊයේ (30) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

ඒ අනුව අද (01) පෙරවරු 9.30 සිට රාත්‍රී 7.30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇත.

ඉරිදා දින මෙම විවාදය නොපවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කර තිබේ.

එමෙන්ම ලබන 4 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමටත්, එදිනට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු 7 වැනි සිකුරාදා විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...