උඩුගම් බලා යන්නට හිත සවිමත් ගැහැණු !

ඉහත පින්තූරය මෙවර විශ්ව රූමතිය තෝරන තරඟයට ආ නේපාල රූ රැජිණ ගේ ඉදිරිපත් කිරීමකි.
හිසේ ගිනි ගෙන දැවෙන දුම් කදම්බයක් ඇතුලේ මිසයිල පෙනේ…

අතේ කූඩුවක ඉන්නේ පරවියෙකි…එහි වීඩියෝව බැලුවොත් ඔබට පෙනේවි ඇය ඒ පරවි අනුරුව නරඹන්නන් වෙත දමා ගසා යන ආකාරය.

ඇයගේ කතා බහ මෙන්ම ඇය ගේ ශරීරය ගැන විවිධ දුර්මත ඉදිරිපත් වී තිබෙනව පෙනේ. ඇය වෙත අපහාස කරන පිරිස් අතර ලාංකිකයන්ද පෙනේ. ශරීරයේ ප්‍රමාණය හෝ පෙනුම හෝ දුබලතා ගැන විහිළු කිරීම ශිෂ්ට සම්පන්න නොවන බවට උගැන්මක් ලංකා සමාජය තුළ නැති තරම් ය.

අප්‍රමාණ කරදර වියෝවුල් ඇති රටක කිසිවක් සිදු නොවූ ලෙස ජීවත් විය නොහැකි මිනිසුන් අදත් බිඳෙමින් සැලෙමින් ගිලිහෙන්න යන ජීවිත අල්ලාගෙන සිටී.
ලස්සන මුල් කරගෙන මහා තරඟයක ඉන්නා මිනිසුන් ගැහැනුන් මැද … යතාර්ථයේ අඳුරු දුෂ්ට අවුල් සහගත බව ගෙඩි පිටින් ඇද පෙන්වා දෙන ඇය, පෙන්වා දෙන යථාර්ථය මගේ හිත තුළ මානව ප්‍රේමය කෙරෙහි මහත් වූ බලාපරොත්තුවක් ඇති කරයි.

තැන තැන පුපුරවා දමන අමන ලෝකයක…ගාසා තීරයේ ළදරු දරු මිනිසුන්ගේ මරණ දිනපතා හිත පොළොවේ ගසයි.
යන යන හැඩයට නටාගෙන දඟලාගෙන කේක් කපාගෙන උත්සව කරගෙන ඉන්නා රටක / ලෝකයක එහෙම කරගන්න බැරිව ….තමන්ගේ නොවන අනුන්ගේ ප්‍රශ්න වලදී වුණත් හුස්ම හිරවෙන පපුව උණුවෙන මිනිසුන් සිටිනා වග ඇය පෙන්වා දෙයි.

කුරුස කර තියං කල්වාරි කන්ද නගින ඇද වැටෙන්නත් නොදී උනුන් අල්වාගෙන සිටින යථාර්ථවාදී …. ලියන දේ, කියන දේ, සහ කරන දේ යන මේ දේවල් සමපාත වූ යථාවාදී තථාකාරී ගැහැණුන් ට ඇය එළිය දල්වා ඔවුන් තනි නැතැයි පවසයි.
මේ සවිමත් ස්ත්‍රියට මගේ ආදරය ලියා තබමි ….

“රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එකම පුතණුවන් එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්….” ගී ය මතක් වේ.

වෛද්‍ය බෝධිනී සමරතුංග

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...