ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’

වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු සතුන්ට ‘ලූප්’ දැමීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ආරම්භ කර තිබේ.

ඒ අනුව උපත් පාලනය සඳහා කාන්තාවන් භාවිත් කරන ‘ලූප්’ අවශ්‍ය ලෙස වෙනස්කම් කර රිලවියන්ට දැමීම සිදු කෙරේ.

අඩු වියදම, ඒ අවස්තාවේ දී ම සතුන් පරිසරයට මුදා හැරීමට ඇති හැකියාව සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පශු වෛද්‍යවරුන්ට එය කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගැනීමේ දී රිලා ගහනය පාලනයට මෙය සාර්ථක විසඳුමක් වනු ඇතැයි මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.

‘රිලා කරදරය’ නිසා ජනතාවට වායු රයිෆල් බෙදා දීම සහ රිලවුන් වෙනත් ප්‍රදේශවලට රැගෙන යෑම පසුගිය කාලයේ සිදු විය. එමෙන්ම රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගත් උත්සාහයක් අභියාචනාධිකරණය විසින් වලක්වාලන ලදී.

උපුටා ගැනීම BBCපුවත් සේවයෙන්

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...