ගහනය පාලනයට රිලවියන්ට ‘ලූප්’

වගා කටයුතුවලට මෙන්ම ජන ජීවිතයට ගැටලුවක් වී ඇති රිලවුන්ගේ ගහනය පාලනය සඳහා ගැහැණු සතුන්ට ‘ලූප්’ දැමීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය ආරම්භ කර තිබේ.

ඒ අනුව උපත් පාලනය සඳහා කාන්තාවන් භාවිත් කරන ‘ලූප්’ අවශ්‍ය ලෙස වෙනස්කම් කර රිලවියන්ට දැමීම සිදු කෙරේ.

අඩු වියදම, ඒ අවස්තාවේ දී ම සතුන් පරිසරයට මුදා හැරීමට ඇති හැකියාව සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පශු වෛද්‍යවරුන්ට එය කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගැනීමේ දී රිලා ගහනය පාලනයට මෙය සාර්ථක විසඳුමක් වනු ඇතැයි මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.

‘රිලා කරදරය’ නිසා ජනතාවට වායු රයිෆල් බෙදා දීම සහ රිලවුන් වෙනත් ප්‍රදේශවලට රැගෙන යෑම පසුගිය කාලයේ සිදු විය. එමෙන්ම රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගත් උත්සාහයක් අභියාචනාධිකරණය විසින් වලක්වාලන ලදී.

උපුටා ගැනීම BBCපුවත් සේවයෙන්

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...