විදුලිය පනතට එරෙහි විරෝධය මැඩලීමට ආණ්ඩුවෙන් බියගුළු ක්‍රියාමාර්ගයක්

Date:

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි මම නිවේදනය නිකුත් කර තිබුණා.

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තියේ යටතේ ජනාධිපතිවරයා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාවර මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

මේවනවිට නව විදුලී බල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි සදහන් වේ. විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර පවසා තිබේ. අමාත්‍යවරයා සදහන් කළේ, නව විදුලිබල පනත පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි යම් ව්‍යවස්ථා හෝ නීති විරෝධී කරුණු ඇතුළත්ව තිබේ නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අවස්ථාව ඕනෑම පුද්ගලයෙක්ට ඇති බවයි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට යොමු කරන නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කරන බවද ඇමති පවසයි.

පෙනන ආකාරයට ආණ්ඩුවේ වුවමනාව වී ඇත්තේ මෙම පනත කෙසේ හෝ සම්මත කර ගැනීමටයි. මෙම පනතට එරෙහිව සේවකයන් විසින් නැගිය හැකි හඬ යටපත් කිරීම ආණ්ඩුවේ වුමනාව වී තිබේ. අත්‍යවශ්‍ය සේවාවක් ප්‍රකාශයට පත්කරන්නේ එබැවිනි. මීට පෙර පනතට එරෙහිව පැවැත්වූ වර්ජනය අවස්ථාවේ සේවකයන් පිරිසක් ආණ්ඩුව විසින් දොට්ට දමන ලදී. දැන් නැවතත් ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ එය පෙන්වා සේවකයන් බිය ගැන්වීමයි. අවශ්‍යව ඇත්තේ විදුලි සේවකයන් පමණක් නොව විදුලි පාරිභෝගිකයන් ලෙස සියලු ජනතාව මෙම පනතට එරෙහිව අරගලය ඉදිරියට ගැනීමයි. මන්ද මෙම විදුලි පනත සම්මත වීම හරහා විදුලි සේවකයන් මෙන්ම පාරිභෝගික ජනතාවටද මෙහි වන්දිය ගෙවීමට සිදුවේ.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...