Breaking News

ඉරානය සමඟ අත්සන් කළ ගිවිසුම් ඇමරිකානු සම්බාධකවලට හේතුවක්ද?

ඉරානය සමඟ වෙළඳ ගිවිසුම්වලට එළඹෙන රටවල්වලට සම්බාධක පනවන බව අමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබීමත් සමඟ එම සම්බාධක ලංකාවටත් එල්ල වෙනු ඇති බවට මත පළවෙමින් තිබේ.

නමුත් ඇමරිකාව මේ සඳහන් කරන්නේ වෙළඳ ගිවිසුම් සම්බන්ධවයි. ඉරානය ලංකාව සමඟ එළඹ ඇති අවබෝධතා ගිවිසුම් සියල්ල සංස්කෘතික ක්ෂේත්‍රයට අයත් ගිවිසුම් වේ .

  1. චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම
  2. මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,
  3. ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුම,
  4. ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම,
  5. සංස්කෘතිය විද්‍යාත්මක තාක්ෂණික සහයෝගීතා ජනමාධ්‍ය තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම

පසුගියදා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සම්බන්ධ වීමෙන් අනතුරුව ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි ඇතුළු දූත පිරිස ඊයේ ( 24) පස්වරුවේ කොළඹ වෙත පැමිණියා.

එහිදී මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබේ .

ඉරාන ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමට පෙර පකිස්ථාන සංචාරයක නිරත වූ අතර එහිදී එරට සමඟ ගිවිසුම් 08කට අත්සන් තබා තිබේ. ඉරානය සමඟ වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අනතුරු අඟවන්නේ ඉන් අනතුරුවයි.

ඉරානයේ තානාපති කාර්යාලයකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 13 වනදා ඉරානය ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් පසුගිය සිකුරාදා ඊශ්‍රායලය ඉරානයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

නැවතත් ඉරාන – ඊශ්‍රායල පසමිතුරුකම් පිළිබඳව අවධානය යොමුකළහොත් අද මැදපෙරදිග අමෙරිකානු – ඊශ්‍රායල සන්ධානයට අභියෝග කරන ප්‍රධානතම බලවතා ඉරානය බව නොරහසකි.

පාකිස්ථානයේ ලාහෝර් නුවරදී කළ කථාවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ප්‍රකාශ කළේ පලස්තීන ප්‍රතිරෝධයට ඉරානය ගෞරවනීය ලෙස අඛණ්ඩව සහාය පළ කරන බවය.

leave a reply