කටියාව වැවේ ජපන් ජබර , කටියාව -එප්පාවල පාර ආක්‍රමණය කළ හැටි…

Date:

කටියාව වැව අක්‍රමණය කළ ආක්‍රමණික ශාක හදිසියේම එප්පාවල -කටියාව මාර්ගය ආක්‍රමණය කිරීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට අද (19) උදෑසන බාධා සිදු විය.
එප්පාවල කටියාව වැව අක්‍රමණය කරමින් අක්කර 08 ක් පමණ පැතිර තිබූ ජපන් ජබර ඇතුළු ආක්‍රමණික ශාක ඊයේ (18) රාත්‍රියේ ඇඳ හැලුණු වර්ෂාවත් සමඟින් එහි පිට වාන ප්‍රදේශයට පැමිණ එහි පිටවාන පිහිටි එප්පාවල- කටියාව ප්‍රධාන මාර්ගයේ හිර වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා සිදු විය.

දෛනිකව විශාල රථ වාහන ප්‍රමාණයක් කටියාව ගම්මානයේ සිට එප්පාවල නගරයට ගමන් කිරීමට මෙම මාර්ගය භාවිතා කරන අතර, කටියාව වැවෙහි වාන හරහා මෙම මාර්ගය වැටී ඇත.එප්පාවල ප්‍රදේශයේ පිහිටි විශාම ජලාශයක් වන කටියාව වැව තුළ පසුගිය කාළය තුළ ජපන් ජබර, පන් හා ආක්‍රමණික තණ කොළ විශේෂයක් ඇතුළු ආක්‍රමණික ශාක අක්කර 08 ක් පුරා පැතිර ගොස් තිබූ බව ප්‍රදේශ වාසීන් පවසති.

ඊයේ (19) රාත්‍රියේ එම ප්‍රදේශයට ධාරාණීපාත වර්ෂාවක් ඇද හැලී ඇති අතර, ඒ හේතුවෙන් වැවේ ජල ධාරිතාවද විශාල ලෙස ඉහළගොස් වැව වාන් දැමීම ආරම්භ වී ඇත.ඒත් සමගින් වැවෙහි කෙළවර තිබූ ආක්‍රමණික ශාඛ පිටවාන හරහා ඇදී යාම මෙලෙස සිදු වෙමින් පැවතිනි.
මාර්ගය හරහා මෙම ආකමණික ශාක පිටවාන හරහා කළාඔයට එකතු වීම සිදු වූවත් ඇතැම් ස්ථානයන්ගෙන් මෙම ආක්‍රමණික ශාක මාර්ගය හරහා හිර වී තිබීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා සිදු විය.

ප්‍රදේශවාසීන් එක්ව එම ආක්‍රමණික ශාක කපා යතුරු පැදි ගමන් කිරීමට හැකි වන ලෙස මාර්ගය සකස් කර ගත් අතර, මාර්ගයේ හිර වී ඇති අනෙක් ආක්‍රමණික ශාඛ බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගනිමින් ඉවත් කිරීමෙන් අනතුරුව සෙසු වාහන ධාවනය කළ හැකි බව ප්‍රදේශවාසීන් පැවසීය.

පිටවාන අවහිර වන ලෙස ජපන් ජබර ආදී ආක්‍රමණික ශාඛ හිර වූවහොත් වැව කඩාගෙන යාමේ අවධානමක්ද පවතින බව ප්‍රදේශවාසීන් එහිදී පැවසීය.
කටියාව වැව දුටුගැමුණු රජුගේ කතී නම් බිසවගේ නමින් නම් කිරීම හේතුවෙන් කතී වැව පසුකාලීනව කටියාව නමින් ව්‍යවහාරයට පැමිණි බව පැවසේ. කතී බිසව දුටුගැමුණු රජුගේ මව වන විහාරමහා දේවිය වඩාත් ඇලුම් කළ තැනැත්තියක බව ද ජනප්‍රවාදයේ කියැවේ. එසේම කඨින පින්කම් දිනකදී විහාරමහා දේවිය විසින් වැව සඟ සතු කොට පුජා කළ බැවින් කටියාව යන්න ව්‍යවහාරයට පැමිණි බව තවත් තැනෙක පැවසෙන්නකි’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...