පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක් වත්ත ප්‍රදේශයේදි පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කරන්නේ, පොලිසිය දෙසට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අයකු ඇතුළු දෙදෙනකු මියගිය බවය.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයෙදී මෙම ත්‍රිරෝද රථයට නවතන ලෙස පොලිසිය අන කළත් ඔවුන් එම අන නොතකා පොලිසිය දෙසට වෙඩි තබා පළා ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිසිවලට දන්වා ඇත.

ඒ අතර ඉකුත් දා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාද විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර පැමිණි ත්‍රිරෝද රථයක් නවතන ලෙස අන කර ඇතත් ඔවුන් පොලිසිය දෙසට වෙඩි තබා පළායාමට උත්සහා කර තිබේ.

ඒ අවස්ථාවේ පොලිසිය සැක ත්‍රිරෝද රථය පිටුපස හඹාගොස් වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරයත් සමග දෙදෙනකු මියගොස් ඇති අතර තවත් අයකු අසල රබර් වත්තට පැන පාළාගොස් තිබේ.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද සිද්ධිය වූ ස්ථානය අසළ වැටී ඇතැයි පොලිසිය කියයි.

වෙඩි තබා පළා ගිය බව සඳහන් කරමින් පුද්ගලයින් මහ මගදී වෙඩි තබා ඝාතනය කිරීම සහ ආයුධ පෙන්වීමට ගොස් පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නම් දරා සිටින බවද අමතක කළ යුතු නැත.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...