පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක් වත්ත ප්‍රදේශයේදි පොලිසිය සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය සඳහන් කරන්නේ, පොලිසිය දෙසට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අයකු ඇතුළු දෙදෙනකු මියගිය බවය.

මීපේ දෙළුකැටිය පොලිස් මාර්ග බාධකයෙදී මෙම ත්‍රිරෝද රථයට නවතන ලෙස පොලිසිය අන කළත් ඔවුන් එම අන නොතකා පොලිසිය දෙසට වෙඩි තබා පළා ගොස් ඇති අතර පසුව එම ස්ථානයේ සිට පොලිස් නිලධාරීන් ඒ බව අවට පොලිසිවලට දන්වා ඇත.

ඒ අතර ඉකුත් දා සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් අපරාද විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇති අතර පැමිණි ත්‍රිරෝද රථයක් නවතන ලෙස අන කර ඇතත් ඔවුන් පොලිසිය දෙසට වෙඩි තබා පළායාමට උත්සහා කර තිබේ.

ඒ අවස්ථාවේ පොලිසිය සැක ත්‍රිරෝද රථය පිටුපස හඹාගොස් වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරයත් සමග දෙදෙනකු මියගොස් ඇති අතර තවත් අයකු අසල රබර් වත්තට පැන පාළාගොස් තිබේ.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක්ද සිද්ධිය වූ ස්ථානය අසළ වැටී ඇතැයි පොලිසිය කියයි.

වෙඩි තබා පළා ගිය බව සඳහන් කරමින් පුද්ගලයින් මහ මගදී වෙඩි තබා ඝාතනය කිරීම සහ ආයුධ පෙන්වීමට ගොස් පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නම් දරා සිටින බවද අමතක කළ යුතු නැත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...