Breaking News

සොච්චමකින් වැඩිවෙන වතු කම්කරු වැටුප

ඉතා විශාල ලෙස ආර්ථික අර්බුදය උග්‍රවී ඇති අවස්ථාවක වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප වැඩිවන්නේ 1700 දක්වා පමණි. මේ බව හෙළිවුවේ වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා කර යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරමින් රුපියල් 1700ක අවම වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කළත් තවමත් වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර සාකච්ඡා සාර්ථක වී නැතැයි සමන් රත්නප්‍රිය පැවසීමෙන් අනතුරුවයි.

වතු කම්කරුවන්ට රුපියල් 1000ක දිනක වැටුපක් දිනා ගැනීම සඳහා වසර 05ක අරගලයක නිරත වන්නට සිදුවිය. එම වැටුප් වැඩිවීම අනුමත වන අවස්ථාව වනවිට එම වැටුපෙ අගය පහළ බැස තිබුණි. එසේම බොහෝ වතු සමාගම් ළඟාවිය නොහැකි වැඩ කොන්දේසි වැනි දේ ඉදිරිපත් කරමින් එම රු 1000ද ලබා නොදෙන බව වතු කම්කරු සංගම් චෝදනා කරමින් සිටියි.

මේ මොහොතේ සෑම දෙයකම මිල දෙගුණ තෙගුණ වී තිබේ. එම නිසා රු 1700ක් වැනි සොච්චමක් නොව විශාල වැටුප් වැඩිවීමක් වතු කම්කරුවන් සඳහා අවශ්‍ය වේ.

 

leave a reply