සොච්චමකින් වැඩිවෙන වතු කම්කරු වැටුප

ඉතා විශාල ලෙස ආර්ථික අර්බුදය උග්‍රවී ඇති අවස්ථාවක වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප වැඩිවන්නේ 1700 දක්වා පමණි. මේ බව හෙළිවුවේ වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා කර යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරමින් රුපියල් 1700ක අවම වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කළත් තවමත් වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර සාකච්ඡා සාර්ථක වී නැතැයි සමන් රත්නප්‍රිය පැවසීමෙන් අනතුරුවයි.

වතු කම්කරුවන්ට රුපියල් 1000ක දිනක වැටුපක් දිනා ගැනීම සඳහා වසර 05ක අරගලයක නිරත වන්නට සිදුවිය. එම වැටුප් වැඩිවීම අනුමත වන අවස්ථාව වනවිට එම වැටුපෙ අගය පහළ බැස තිබුණි. එසේම බොහෝ වතු සමාගම් ළඟාවිය නොහැකි වැඩ කොන්දේසි වැනි දේ ඉදිරිපත් කරමින් එම රු 1000ද ලබා නොදෙන බව වතු කම්කරු සංගම් චෝදනා කරමින් සිටියි.

මේ මොහොතේ සෑම දෙයකම මිල දෙගුණ තෙගුණ වී තිබේ. එම නිසා රු 1700ක් වැනි සොච්චමක් නොව විශාල වැටුප් වැඩිවීමක් වතු කම්කරුවන් සඳහා අවශ්‍ය වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...