විදුලි බල පනත පරාජය කිරීමට මැතිවරණය එනතෙක් ඉවසමුද?

Date:

නව විදුලිබල පනත සම්මත කර ගැනීම සඳහා අත ඔසවන මැති ඇමතිවරුන්ට ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේදී හොඳ පාඩමක් ඉගැන්විමට ජනතාව පෙළ ගැසෙනු ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි.

මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ සැකයක් නොමැති බවත් 24,000ක් වූ විදුලිබල සේවකයන්ට අභියෝග නොකර මෙම පනතින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න පිලිබඳව හෙලි කරන්න ලෙසත් ඔහු ඇමතිවරයාට අභියෝග කරයි.

මෙම පනතින් ලක්ෂ 70ක් වන විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන වාසි මොනවාද? විදුලිබිල කීයකින් අඩුකර ගත හැකිද? විදුලි අවශ්‍යතාව කොතෙක් දුරට සපුරාලිය හැකිද? විදුලිපාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්න වහාම ප්‍රකාශ කරන්නැයි ඔහු ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

මහා භාණ්ඩාගාරය සිදී ඇති බැවින් මෙම ආණ්ඩුවට ජනතාවට සහන ලබා දිය නොහැකි බවත් ඔවුන්ගෙන් සහන ඉල්ලිම මෝඩකමක් බවත් පෙන්වා දෙන රන්ජන් ජයලාල් කළ යුතු එකම දේ වන්නේ මෙම ආණ්ඩුව පලවා හැරීම පමණක් යැයි සඳහන් කර ඇත.

ආණ්ඩුව සූදානම් වෙන්නේ මැතිවරණයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇති සියලු ප්‍රතිසංස්කරණ සිදුකිරීමටයි. ඒ අනුව එම ප්‍රතිසංස්කරණ නැවත්වීම සඳහා මැතිවරණයකට ක්‍රියාමර්ග ගැනීම අවශ්‍ය වේ. විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන වෘත්තීය සමිතියක නායකයෙකු ලෙස මැතිවරණයෙන් විදුලි බල පනතට අත ඔසවන ඇමතිවරු එළවීමට බලාසිටීමෙන් පරක්කු වැඩිවීමට පුළුවන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...