ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ කඹ ඇදිල්ල  විවාදයේ මළගමයි 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර  සංවාදයට  දින හතරක් යෝජනා කරමින් අනුර දිසානායකගේ පාර්ශවයෙන්  සජිත් ප්‍රේමදාස පාර්ශවයට ලිපියක් යොමු කර තිබේ . මෙම සංවාදය සම්බන්ධීකරණය කිරීම සඳහා සමගි ජන බලවේගයෙන් සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසා සිටින්නේ එම දින හතර තුළ සජිත් ප්‍රේමදාසට මෙම සංවාදය සඳහා කාලය වෙන් කර ගැනීමට නොහැකි බවයි . ඔහු විසින් කලින් යොදාගත් වැඩ එම දිනවලට යෙදී ඇති බැවින් ඒ සඳහා ඔවුන්ට නොහැකි බව පවසන සමග ජන බලවේගය අර්ථික කමිටුවේ විවාදය සඳහා නොයෙන්නේ මන්දැයි ප්‍රශ්න කරමින් සිටිනවා .

කෙසේ වෙතත් විවාදය පිළිබඳ විවාදය දුරදිග ගොස් ඇති අතර  මේ විවාදය පිළිබඳ ව දෙපාර්ශවයේම වුවමනාවෙන් මැදිහත්වීමක් නොමැති බව පෙනෙන කරුණකි . ඔවුන් විසින්ම යෝජනා කරමින් සමාජයට මුදාහළ  විවාදය දෙපාර්ශ්වයම චෝදනා නගමින් මගහැර යන්නට උත්සාහ කරන බව විවාදය  අපේක්ෂාවෙන් සිටින ප්‍රේක්ෂකයන් ද චෝදනා නගමින් සිටියි .

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...