ඒ විවාදය පවත්වන්නේ නැහැ ….විවාදයේ කඹ ඇදිල්ල  විවාදයේ මළගමයි 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ  සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර  සංවාදයට  දින හතරක් යෝජනා කරමින් අනුර දිසානායකගේ පාර්ශවයෙන්  සජිත් ප්‍රේමදාස පාර්ශවයට ලිපියක් යොමු කර තිබේ . මෙම සංවාදය සම්බන්ධීකරණය කිරීම සඳහා සමගි ජන බලවේගයෙන් සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසා සිටින්නේ එම දින හතර තුළ සජිත් ප්‍රේමදාසට මෙම සංවාදය සඳහා කාලය වෙන් කර ගැනීමට නොහැකි බවයි . ඔහු විසින් කලින් යොදාගත් වැඩ එම දිනවලට යෙදී ඇති බැවින් ඒ සඳහා ඔවුන්ට නොහැකි බව පවසන සමග ජන බලවේගය අර්ථික කමිටුවේ විවාදය සඳහා නොයෙන්නේ මන්දැයි ප්‍රශ්න කරමින් සිටිනවා .

කෙසේ වෙතත් විවාදය පිළිබඳ විවාදය දුරදිග ගොස් ඇති අතර  මේ විවාදය පිළිබඳ ව දෙපාර්ශවයේම වුවමනාවෙන් මැදිහත්වීමක් නොමැති බව පෙනෙන කරුණකි . ඔවුන් විසින්ම යෝජනා කරමින් සමාජයට මුදාහළ  විවාදය දෙපාර්ශ්වයම චෝදනා නගමින් මගහැර යන්නට උත්සාහ කරන බව විවාදය  අපේක්ෂාවෙන් සිටින ප්‍රේක්ෂකයන් ද චෝදනා නගමින් සිටියි .

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...