‘ෆොක්ස්හීල්‘ අනතුරට හේතුව ප්‍රමාණවත් ආරක්‍ෂිත ක්‍රමවේද නොතිබීමද?

දියතලාව, නරියා කන්ද හිදී පැවති “Fox Hill Supercross 2024” මෝටර් රථ ධාවන තරගය අතර වාරයේදී අද ( අප්‍රේල් මස 21 වෙනිදා) සිදුවූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ ධාවන තරගයක් අතර වාරයේදී මෝටර් රථයක් ධාවන මංතීරුවෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ අතර සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ වීඩියෝ කිහිපයක් ම පළ වී තිබේ.

එහි එක් වීඩියෝවක දැක්වෙන්නේ එක් මෝටර් රථයක් ධාවන තරගය අතරවාරයේදී ධාවන පථයේ දී අනතුරට ලක්වී තිබිය දී ධාවන තරගයේ සේවයට යොදවා සිටි නිලධාරින් පිරිසක් එහි රියැදුරු පිටතට ගැනීමට යුහුසුළුව සිටින ආකාරයයි.

එම අවස්ථාවේ දී පැවැත්වෙමින් තිබූ ධාවන තරගයට එක් වී සිටි මෝටර් රථ කිහිපයක් එම අනතුර සිදුවූ ස්ථානය පසුකර යනවාත් සමගම එක් මෝටර් රථයක් නරඹන්නන් අතරට කඩා වැදෙන අයුරු එම වීඩියෝවේ සටහන්ව ඇත.

මේ අතර ෆොක්ස් හිල් ධාවන තරගය නැරඹීමට පැමිණි නරඹන්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ධාවන පථය අවට ප්‍රමාණවත් ආරක්‍ෂිත වැටවල් සහ බාධක යොදා නොතිබීම පිළිබඳව ද සමාජ මාධ්‍ය පරිශීලකයින් විවිධ මත පළ කර තිබෙනු දැකිය හැකිවිය.

ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රීඩා සංගමය විසින් සංවිධාන කරනු ලබන මෙම මෝටර් රථ ධාවන තරගය සෑම වසරකම අප්‍රේල් මාසයේදී පවත්වනු ලබන ප්‍රධාන පෙළේ ධාවන තරගාවලියක් වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...