ෆොක්ස් හිල් 7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක් තියලා

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර, පුද්ගලයන් 07 දෙනෙකුට ජීවිත අහිමි කළ මෙම අනතුරින් පසුවද අද රාත්‍රී කාලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ DJ සංගීත රාත්‍රියක්, එලෙසින්ම පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

Fox Hill Journey නමින් සංවිධානය කර තිබෙන මෙම වැඩසටහනෙහි නිල ෆේස් පිටුවෙහි සඳහන් කර ඇත්තේ ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් 2024 ධාවන පථයේදී සිදු වූ අනතුරින් ජීවිත ගණනක් අහිමි වීම පිළිබඳව ඔවුන් කණගාටුව පළ කරන බවයි.

කෙසේවෙතත්, මෙම DJ සංගීත රාත්‍රිය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් එය අවලංගු කළ නොහැකි තත්වයක් පවතින බවද වැඩසටහන් සංවිධායකයින් පෙන්වා දෙනවා.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් මෝටර් රථ තරඟාවලිය ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ සහයෝගයෙන් සංවිධානය කර තිබුණා. කෙසේවෙතත් මෙම සංගීත රාත්‍රියේ දර්ශන සමාජ මාධ්‍ය තුළින් ඉවත් කර තිබීමද විශේෂත්වයකි.

පුද්ගලයින් 7 දෙනෙකුට මරු කැදවමින් දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන පථයේදී ඊයේ (21) සිදු වූ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා අප්‍රේල් 30 වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...