ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් ලබාදෙන බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අප්‍රේල් 17 වන දා පෙරවරුවේ කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියා. තම ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරය වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරන බවට ලියවිල්ලක්ද මාධ්‍ය වෙත යොමු කළ අතර එහි පිටපතක් මැල්කම් රංජිත් කාදින් වෙතද යොමු කර තිබේ. මෙම ලිපිය නිකුත් කර තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහල් අබේසිංහගේ අත්සනින් යුතුවය.
2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව