Breaking News

පාසල් පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් නැහැ – අධ්‍යාපන කටයුතු තවදුරටත් අඩාල වෙන ලකුණු

තවදුරටත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන තත්ත්වයක් ඇතිව තිබේ. සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ඉන්පසුව පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳව නැවත සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව ද වාර්තා වේ. වසර දෙකක් පමණ තිස්සේ රටේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිගින් දිගටම ඇණහිට තිබේ. එයට ප්‍රධානම හේතුව දුෂ්කර තත්ත්වයන්වලදී පාසල් අධ්‍යපනය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ගැන ආණ්ඩුවට වැඩපිළිවෙලක් නොමැති වීමයි.

leave a reply