රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වන් හේතුකොට ගෙන රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කර තිබේ.
සමාජයේ ඇතිව තිබෙන අපරාධකාරී කොටස් පාලනය කිරීමට හා මතුව තිබෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පොලීසියට හා ආරක්ෂක අංශයන්ට බරතල පවරා දී ඇත.
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම සඳහා හේතු කොටගත් කරුණු කිහිපයක් ද දක්වා ඇත.
1. පසුගිය සති දෙකක කාලය පුරා සිදුව ඇති කලහකාරී සහ සාපරාධී කි‍්‍රයා.
2. එම සිද්ධීන් නිසා සිදුව ඇති ජීවිත සහ දේපළ හානිවීම්,
3. එම සිද්ධින් නිසා ජාතීන් සහ ආගම් අතර ගැටලූකාරී තත්ත්වයන් සහ අසංහතින් ඇති වීම,
4. දේපළ, පූජනීය ස්ථාන, ප්‍රවාහන පහසුකම් ආදියට පහරදීම් සිදුවීම සහ එමගින් හානිවීම
5. ඉහත සඳහන් සාපරාධී කි‍්‍රයා තවදුරටත් සිදුවීම.
මෙම සිදුවීම් ඇතැම් අවස්ථාවල දී ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුළ සිදුව ඇති අතර, සංවිධානාත්මක කණ්ඩායම් මඟින් ද සිදු කොට ඇත.
මෙම තත්ත්වයන් සමනය කිරීම සඳහා ගතයුතු අත්‍යාවශ්‍ය පියවරක් ලෙස සීමිත වපසරියකින් යුතුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස කි‍්‍රයාත්මක කිරීමට සිදුව ඇත.
එසේ හෙයින්, ආරක්ෂක වාතාවරණය නැවත සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිත යථා තත්ත්වයට පත් කොට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවාවන් පවත්වාගෙන යාම, සාමය ස්ථාපිත කිරීම සඳහා සීමිත වපසරියකින් යතුව සතියක කාලසීමාවක් ස`දහා මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කොට, හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමට රජය තීරණය කොට ඇත.
මෙසේ හදිසි අවස්ථාවක් කි‍්‍රයාත්මක කිරීමෙන් පනවනු ලබන රෙගුලාසිවලින් පවතින තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය නෛතික බලතල ශ්‍රී ලංකා පොලිසියටත්, ති‍්‍රවිධ හමුදාවටත් පවරා ඇත.
යම් සාපරාධි කටයුත්තකට හෝ වාර්ගික හෝ ආගමික නොසන්සුන්තාවයකට සම්බන්ධ හෝ ඒවා ඇතිකරන යම් පුද්ගලයින් වේ නම් ඔවුන්ගේ ආගමික, වාර්ගික අනන්‍යතාව හෝ පක්ෂ, පාට දේශපාලන සබඳතා නොසලකා අපක්ෂපාතීව සහ යුහුසුළුව ඔවුන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන ලෙස ද ජනාධිපතිතුමා ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
මෙම රෙගුලාසි කි‍්‍රයාත්මක කිරීමේදී සද්භාවයෙනුත්, නීත්යානුකුලවත් මහජනතාවගේ සුබසිද්ධියට සහ ජන ජීවිතයට අවම බාධාවක් වන පරිදි කටයුතු කරන ලෙසටත්, මානව හිමිකම් උල්ලංඝනය නොවන ආකාරයට කි‍්‍රයාකරන ලෙසටත්, පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට ජනාධිපතිතුමා විශේෂ උපදෙස් ලබා දී ඇත.