ගුරු – විදුහල්පතිවරු වර්ජනය අවසන් කිරීමේ තීරණයක්

ඔක්තෝබර් 25 වැනි දා සිට ගුරු – විදුහල්පති වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එක්ව කොළඹ කොටුවේ පිහිටි ගුරු මැදුර ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුව අදාළ තීරණය ගෙන තිබේ.

ඔක්තෝබර් 21 වැනිදා පාසල් ආරම්භ කරන බවට නිවේදනය කළ ආණ්ඩුව මේ වනවිට ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් යොදවාගෙන බලහත්කාරයෙන් පාසල් විවර කිරීමට දේශපාලන බලය යෙදවීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබුණි. පොලිසිය මෙන්ම යුද හමුදාව පාසල්වල යතුරු ලබාගැනීම පිණිස යොමුකර තිබුණි. ගුරු සේවය ගෞරවනීය සේවයක් බව පවසමින් ආණ්ඩුව ගුරුවරු හා විදුහල්පතිවරු ඉල්ලා සිටින, ලැබිය යුතු වැටුප නොදී වංචනික පියවර ගනිමින්ම ගුරු විදුහල්පතිවරුන් මත දේශපාලන හා මිලිටරි බලය යොදවමින් සිටී.

කෙසේවෙතත්, 25 වැනිදා පාසල් ආරම්භ කිරීමේ තිරණය තමන් ගන්නා එකක් බවද ආණ්ඩුවේ බලහත්කාරය නිසා ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ 21 වැනිදා වර්ජනයේ යෙදී 25 වැනිදා පාසල් අරඹන බව ඔවුහු පවසති.

මේ අතර රජයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ගුරුවරුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී අදහස් ද දක්වනු දක්නට ලැබුණි. ඒ අතරින් එස් බී දිසානායක පැවසුවේ ගුරුවරු මර්දනය කළ යුතු බවයි. එසේම ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාව ප්‍රසිද්ධියේ උල තබා ඝාතනය කළ යුතු බව බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...