ගුරු – විදුහල්පතිවරු වර්ජනය අවසන් කිරීමේ තීරණයක්

ඔක්තෝබර් 25 වැනි දා සිට ගුරු – විදුහල්පති වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එක්ව කොළඹ කොටුවේ පිහිටි ගුරු මැදුර ශාලාවේදී අද පෙරවරුවේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුව අදාළ තීරණය ගෙන තිබේ.

ඔක්තෝබර් 21 වැනිදා පාසල් ආරම්භ කරන බවට නිවේදනය කළ ආණ්ඩුව මේ වනවිට ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් යොදවාගෙන බලහත්කාරයෙන් පාසල් විවර කිරීමට දේශපාලන බලය යෙදවීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබුණි. පොලිසිය මෙන්ම යුද හමුදාව පාසල්වල යතුරු ලබාගැනීම පිණිස යොමුකර තිබුණි. ගුරු සේවය ගෞරවනීය සේවයක් බව පවසමින් ආණ්ඩුව ගුරුවරු හා විදුහල්පතිවරු ඉල්ලා සිටින, ලැබිය යුතු වැටුප නොදී වංචනික පියවර ගනිමින්ම ගුරු විදුහල්පතිවරුන් මත දේශපාලන හා මිලිටරි බලය යොදවමින් සිටී.

කෙසේවෙතත්, 25 වැනිදා පාසල් ආරම්භ කිරීමේ තිරණය තමන් ගන්නා එකක් බවද ආණ්ඩුවේ බලහත්කාරය නිසා ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ 21 වැනිදා වර්ජනයේ යෙදී 25 වැනිදා පාසල් අරඹන බව ඔවුහු පවසති.

මේ අතර රජයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ගුරුවරුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී අදහස් ද දක්වනු දක්නට ලැබුණි. ඒ අතරින් එස් බී දිසානායක පැවසුවේ ගුරුවරු මර්දනය කළ යුතු බවයි. එසේම ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාව ප්‍රසිද්ධියේ උල තබා ඝාතනය කළ යුතු බව බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...