මේ වසරේ පොරොන්දු ඉටු කරන බව පැවසීමම පොරොන්දු ඉටු නොකළ බව පිළිගැනීමක්

අද හැමෝම නව වසරට සුබ පැතුවා.වාසනාවන්ත 2021 අපේක්ෂාවන් සුබ පැතුම් වල ගැබ් වෙලා තිබුණා. ජනාධිපතිවරයා ඇතුළු අණ්ඩුවේ ප්‍රධානීන් විපක්ෂ නායක දේශපාලන පක්ෂ නායකවරු ලැබුවාවු මේ වසර තම තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට අනුව වාසනාවන්ත වෙන හැටි සහ කරගන්නා හැටි පිළිබඳව අදහස් පළ කරමින් සුබ පැතුම් ජනතාව වෙත ඉදිරිපත් කරලා තියනවා.

ඒ අතරම දේශපාලන පක්ෂ නායකයන්  සුභ පැතුවත් වසර වාසනාවන්ත කරගැනීමේ වගකීම වැඩිම පංගුව තිබෙන්නේ රටේ ජනතාව මත .අවසානයේදී නැවත හැරී බලද්දී අපි වාසනාවන්ත ඉදිරි ගමනක් ඇවිත් තියෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ රටේ ජනතාව ගන්නා තීන්දු තීරණ මත.ඉතින් ජනතාවාදී තීන්දු තීරණ ජනතාව නොගත්තොත් මේ වර්ෂයක් පෙර වර්ෂ සේම ජනතාවට විවිධ අපහසුතාවයන් වලට පත්වෙන්නට සිදුවෙන පාරට බසින ඉඩකඩ නිර්මාණය වෙන වසරක් බවට පත්වේවි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද රටේ අනාගතය කරා ගෙන යමින් 2021 වසර සිතුම් පැතුම් සාර්ථක වන වසරක් ලෙස නිර්මාණය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ගේ අදහස ජනතාව හමුවට අරගෙන ආවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...