Breaking News

සිතන්නට යමක් – 04

AABN

ඕනෑම තරාතිරමක අයෙකුට තම ජීවිත කාලය තුළ කුණු කඳු ගණන් ඉවත් කිරීමට සිදුවේ. එය ඉතාම සාමාන්‍ය සිදුවීමකි.

එහෙත්, ඔබ විසින් විවිධ ක්‍රියාකාරකම් වලදී ඉවත ලන අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීම සිදු නොකරන්නේ නම් එය අසාමාන්‍ය සිදුවීමකි. ( බොහෝ අය සාධාරණීකරණය කිරීමට පෙළඹිය හැක.)

මොහොතක් සිතන්න, ඔබ අද දිනයේ ආහාර පිසීම පටන්, දවස තුළ එක් රැස් කළ කුණු කසළ ප්‍රමාණය කොතෙක්ද?
ඔබ ඒ කසල නිසි ලෙස බැහැර කළ බවට ඔබට සෑහීමකට පත්විය හැකි ද?
පිළිතුර “ඔව්” නම් ඔබත් අභිමානවත් ශ්‍රී ලාංකිකයින් අතලොස්සෙන් කෙනෙකි.

මදක් නැවතී සිතන්න…

කසල බැහැර කිරීම අත්‍යවශ්‍ය වන්නේ තව දුරටත් ඒවා අපගේ පරිශ්‍රයේ රඳවා ගැනීමෙන් අපට මුහුණදීමට සිදුවන අපහසුතාවයක් වලක්වා ගැනීමටය. ඒ වෙනුවෙන් ඉඩක් වෙන් කිරීමට සිදුවීම මෙන්ම එයින් නික්මෙන දුර්ගන්ධය ඉවසීමට සිදුවීමද ඒ අතර ප්‍රධාන වේ.

එසේ නම් කුමන ක්‍රමයකට හෝ “ඔබේ” කසල ඔබ බැහැර කළ යුතු ය.

ගැටළුව පැන නගින්නේ එතැනිනි.

“ඔබේ” කසල ඔබේ පරිශ්‍රයෙන් බැහැර කිරීම යනු “කසල බැහැර කිරීම” බව ඔබ සිතන්නේ නම් ඔබට යම් වැරදීමක් සිදුවී ඇත. ඔබ කළ යුත්තේ නියමිත පරිදි කසල බැහැර කිරීමය.

නිවසේ එකතු වන කසල, මල්ලක දමාගෙන විත් මහ මග අයිනකට දමා යාම මෙන්ම ළඟපාත හිස් ඉඩමකට විසි කර දමා යාම අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු කරන දෙයක් නොවේ.

අවම වශයෙන් නගර සභා කුණු ලොරිය කසල රැගෙන යන තුරු අවට බල්ලන් බලළුන් විසින් එය ඇද දමා වනසන තත්ත්වයක් ඇති නොකිරීම ඔබේ වගකීමයි.

බොහෝ අය මෙන් අවස්ථාවලදී ආත්මාර්ථකාමී වෙති. ඔවුන්ගේ එකම අභිලාෂය කසල මල්ල තමාගෙ අතින් මිදවීමම පමණි. එය දමා යන තැන ඔවුන්ට අදාල නැත. මිලාධික වාහනයෙන් මෙන්ම යතුරුපැදියක යනෙන අතරේ වුවද වටපිට බලා කසල මල්ල අතහැර යන අය මෙන්ම පයින් ගමන් කරන අතරේ කිසිවකු නැති අවස්ථාවක් බලා කසල මල්ල මහ මග දමා යන අය බහුලය.

එසේ දමා යන කසල මල්ල එසැනින් නගර සභාවෙන් පැමිණ රැගෙන යන්නේ නැත. ඔවුන් කසල එකතු කරන දින සහ වේලාවක් ඇත. කසල රැගෙන යනතාක් එම ස්ථානය බල්ලන් බළලුන් සහ කපුටන් වැනි සතුන්ට නම් රජ දහනකි. එහෙත් ඒ අසලින් ගමන් කරන්නන්ට නම් අපායකි. ඉඳුල් සී සී කඩ විසිරී මගීන්ගේ පයට පෑගී දුර්ගන්ධය හමනා අතර ඉතාම අශෝභන ලෙස සනීපාරක්ෂක තුවා තැන තැන විසිරී අප්‍රසන්න බව තීව්‍ර කරයි.

මදක් සිතන්න…., මේ පිළිකුල් සහගත පරිසරය ඇති කිරීමට මුල් වන්නේ නිසි පරිදි කසළ බැහැර කිරීම සඳහා අවශ්‍ය දැනුම නොමැති කමින්ද…? නැත. අවශ්‍යතාවයක් නැතිකමිනි.

ඔබට කසල බැහැර කිරීමට නිසි පහසුකම් නැතිවා විය හැක. එය ගැටලුවක් නොවේ. එහත්, ඔබට මදක් විමසිලිමත් වීමට හැකියාව ඇත. නගර සභාවේ කුණු ලොරිය කසල රැගෙන යන දින සහ වේලාවන් පිළිබඳව විමසා ඒ අනුව අනුගත වන්නට ඔබට හැකියාව තිබිය යුතුය. දිවා කාලයේ කිසිවකු නිවසො නොරැඳෙන්නේ නම් අසල්වැසියෙකුගේ උපකාරයක් ලබාගත හැකි විය යුතුය.
එසේ නොවී තව දුරටත් ඔබ අත්තනෝමතික ලෙස තැන තැන කසල මලු දමා යන්නේ නම් ඔබ අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු නොවන්නේය.

leave a reply