23
Tue, Jan

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය පිළිබඳව තමා කනගාටුවෙන් හා කලකිරීමෙන් පසුවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.
ලබන 25 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව රැස්‌වී පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද එහිදී එළැඹෙන තීරණ අනුව කටයුතු කරන බවද ඒ මහතා කියා සිටියේය.

මැතිවරණය කල් යැම සම්බන්ධයෙන් තමාට කීමට ඇත්තේ කිසිවක්‌ කීමට දෙයක්‌ නැති බව යෑයිද මහින්ද දේශප්‍රිය පවසයි.

ශ්‍රී ලනිපය ඒකාබද්ධය හා එක්වේ- ඊයේ රෑ ජනපති හා කළ සාකච්ඡාවේදී තීරණාත්මක තීන්දුවක් ගනී.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ඊයේ(22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මෙහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ඊට අමතරව මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේය.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීමට මධ්‍යම කාරක සභාවේදී එකගතාව පළ වී තිබේ.
මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න  මේ බව සඳහන් කර  ඇත.

කෙසේවෙතත් වර්තමානයේදී ඒකාබද්ධ විපක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ  පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවීම වැලැක්වීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ලෙස කටයුතු කල ප‍්‍රියන්ජිත් විතාරණ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඊයේ  පස්වරුවේ පැවති එම පක්‍ෂ දේශපාලන මණ්ඩලයට ලිඛිතව සිය ඉල්ලා අස්වීම බාර දී ඇති බවද වාර්තා වෙයි.

ස්ථිර ලේකම්වරයෙකු පත් කර ගන්නා තෙක් වැඩ බලන ලේකම්වරයා ලෙස නීතීඥ කපිල ගමගේ පත් කර ඇත.
මේ අතර ප‍්‍රියන්ජිත් විතාරණ මහතාගේ ෆේස්බුක් ගිණුමේ ඔහු විසින් සටහනක් තබා ඇත්තේ අද දින පටන් තමන් ජාතික නිදහස් පෙරමුණු ප‍්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සහාය දුන් සියල්ලන්ට ස්තුතිය පල කරන බවත්ය.

සෞඛ්‍යමය හා පුද්ගලික හේතුන් මත ප‍්‍රියන්ජිත් විතාරණ එම ධුරයෙන් ඉල්ලා අස්වන බව වාර්තා වේ.

මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවා රැසක මිල ඉහළ යැමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. අයවැය යෝජනාවලින් කෙලින්  නොකියවූ ද මේ වන විට මිල ඉහළ යන ආකාරය හෙළිවී තිබේ. රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත අසීමිතව බදු ගැසීම කොතෙක්‌ දුරට ප්‍රායෝගික ද යන්න ගැටලුවකි. ඇතැම් බදු පුද්ගලික සමාගම් හා බැංකු මත පනවන බව රජය පැවසුව ද අවසානයේ එහි බර දරන්නට වන්නේ ජනතාවටය.


පසුගිය තුන් වසර තුළ වැඩි නොකළ රජයේ ගාස්‌තු වැඩිකර තිබේ. තැපැල් ගාස්‌තු, විදුලිය ගාස්‌තු, ජල ගාස්‌තු මේ නිසා ඉහළ යයි.

එසේම උප්පැන්න, විවාහ, මරණ සහතික ගාස්‌තු, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර ගාස්‌තු, උද්‍යාන වලට ඇතුළු වීමේ ගාස්‌තු ආදී රජයේ ගාස්‌තු ගණනාවක්‌ ද මේ නිසා ඉහළ යයි. මේ අතර ආණ්‌ඩුව සුඛෝපභෝගී වාහන බදු විශාල වශයෙන් වැඩි කිරීමත් සමඟ මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර වලට අති විශාල වටිනාකමක්‌ ඇති වී තිබේ.

එසේම රජය මඟින් වසර පහකට වඩා පැරැණි වාහන වලට පනවා ඇති කාබන් බද්ද නිසා මෝටර් සයිකලයකට රුපියල් 62 ක්‌ ද කාරයකට රුපියල් 640 ක්‌ ද බස්‌ රථයකට රුපියල් 980 ක්‌ ද බදු වශයෙන් අය කෙරේ. මේ නිසා ප්‍රවාහන ගාස්‌තු ඉහළ යන අතරම රටේ සමස්‌ත ජනතාවට මෙය අඩුවැඩි වශයෙන් බලපායි.

මේ අතර ණය ආපසු ගෙවීමේ බද්ද ලෙස හඳුන්වා දෙමින් බැංකුවල සිදුවන ගනුදෙනු සඳහා රුපියල් දහසකට ශත විස්‌ස බැගින් රජය පනවා ඇති නව බද්ද සමස්‌ත බැංකු ක්‌ෂේත්‍රයටම අහිතකර ලෙස බලපානු ඇත.

මෙය අවසානයේ ජනතාවට ගෙවන්නට සිදුවුවහොත් ජනතාව බැංකු වලින් ඉවත් වීම සිදුවේ.

මේ අතර පැළ සහ මල්, ප්ලාස්‌ටික්‌ පබළු වර්ග, වීදුරු පබළු වර්ග, නූල්, රෙදි, ලී, ලී බඩු, ඩයි වර්ග, විදුලි භාණ්‌ඩ, ඇස්‌ කණ්‌ණාඩි, ඔර්ලෝසු, යන්ත්‍රොaපකරණ ආදියට වැට්‌ හා ජාතිය ගොඩනැඟීමේ බදු අයකිරීම නිසා එම භාණ්‌ඩවල මිල විශාල වශයෙන් වැඩිවනු ඇත.

දුරකථන කුලුනකින් රුපියල් ලක්‌ෂ දෙක බැගින් අයකිරීමේ බර අවසානයේ දරන්නට වන්නේ ද ජනතාවට ය. මේ නිසා දුරකථන ගාස්‌තු අනිවාර්යයෙන් වැඩිවනු ඇත. රජය මැදිහත් වී රටේ දෙස්‌ විදෙස්‌ ආයෝජන වැඩිකරන්නට යටිතල පහසුකම් ඇතිකරනු වෙනුවට මෙසේ බදු ගැසීමෙන් නව ආයෝජන අඩුවනු ඇත.

එසේම විදේශිකයන්ට ඉඩම් හා දේපළ බාධාවකින් තොරව මිලදී ගන්නට ඉඩදීමෙන් අවසානයේ රටේ ඉඩම් විදේශිකයන් සතුවීම පමණක්‌ නොව සාමාන්‍ය ජනතාවට ඉඩමක්‌ මිලදී ගැනීමට අපහසු තරමට ඒවායේ මිල ඉහළ යැම ද සිදුවනු ඇත.

නොවැම්බර් 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයට සමගාමීව මහවිරු සතිය ඊයේ (21) සිට ආරම්භ වන හෙයින් යාපනය සරසවියේ ඇතුලු උතුරු පලාතෙ ස්ථාන කිහිපයකදී මහවිරු සතිය ආරම්භ කොට ඇත.
මේ අනුව ඊයේ රත්‍රිෙය් යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිරිපට මහවිරු දිනය වෙනුවෙන් ප්‍රතිමාවක් සකස් කොඩි වැල් ඇද කොට එය විදුලි පහනකින් දල්වා මහවිරු සතිය ආරම්භ කිරීමට එහි සිසුන් පිරිසක් විසින් පියවර ගෙන තිබුණි.

මේ අතර වන්නි විලාන්කුලම් ප්‍රදේශයේදී පෙර මහවිරු සොහොනක් තිබූ ස්ථානයේ මල්පහන් දැල්වීමට මිය ගිය මහවිරුවන්ගේ ඥාතීන් විසින් පියවර ගෙන තිබුණි.
1982 වසරේ නොවැම්බර් 27 වනදා කොටි සංවිධානයේ ප්‍රථම සාමාජිකයා වූ කර්නල් එස්. ශංකර් නැමත්තෙකු මිය යාම මූලික කොට ගෙන මෙම මහ විරු දිනය හා සතිය නම් කොට තිබුණි.

පුද්ගලයින් ලක්ෂයකින් එක් අයෙකුට පමණක් වැළදෙන සර්කෝමා රෝගයෙන් පීඩා විදින පාසල් ශිෂ්‍යයෙකු යළිත් දෙපයින් නැඟී සිට තම ජීවිත සිහිනය ජය ගැනීමට ජනතා උපකාරය අයැද සිටින පුවතක් වාර්තා වෙයි.

ඔහු නමින් ජී.ජී රුක්ෂාන් නයනකාන්ත(19) වන අතර හැටන් - වටවල - ටෙම්පල්ස්ටෝ ජනපදයේ පදිංචි කරුවෙකි.

හැටන් ශ්‍රිපාද විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති නයනකාන්ත 6 වන ශ්‍රේණියේ සිට කුරණෑගල මහව විජයබා ජාතික පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියේය.

මෙම වසරේ අගෝස්තු මාසයේ තාක්ෂනීක අංශයෙන් අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අධ්‍යන කටයුතු කරමින් සිටියදී මීට මාස අටකට පමණ පෙර අසනීප වී තිබේ.

මුලින්ම පිට කොන්ද ප්‍රදේශයේ කසේරුකාව මත ගැටිත්තක් පැමිණ එය විශාල ගෙඩියක් දක්වා වර්ධනය වීම නිසා මහනුවර රජයේ රෝහලේදී සැත්කමකට භාජනය කර තිබේ.

කිලෝ හතරාමාරක් පමණ වූ එම ගෙඩිය ඉවත් කිරීමෙන් පසු මාස කිපයක් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුවද නැවතත් එම ස්ථානයේ ගෙඩියක් හට ගෙන තිබේ.

ඒ සම්බන්ධව නැවත වෛද්‍ය පරීක්ෂණ කිරීමෙන් අනතුරුව තහවුරු වී ඇත්තේ නැවතත් සැත්කමකින් ඉවත් කළ හැකි බවත්, නමුත් ඔහුගේ ඉනෙන් පහල කොටස සදා කාලිකවම අකර්මණ්‍යවීමේ දැඩි අවධානමක සම්බාවිතාවක් පවතින බවය.

පසුව ඔවුන් සියලු වෛද්‍ය වාර්තා ඉන්දියාවේ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත යොමු කිරීමෙන් පසු සතුටු දායක පිළිතුරක් ලැබී තිබේ.

එයට අනුව දින 90 වකදී සම්පුර්ණ හා ස්ථීර සුවය ලබා දියහැකි බව සනාත කර තිබේ.

නමුත් ඒ සඳහා යොමු වීමට රුපියල් ලක්ෂ 14 ක පමණ මුදලක් අවශ්‍ය බව ඔහුගේ මව්පියන් පවසයි.

ජි .සද්ධාතිස්ස නම් ඔහුගේ පියා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර එච්.එම් කරුණාවති නම් ඔහුගේ මව පෙරපාසල් ගුරුවරියක් වන අතර නයනකාන්තගේ අසනීප තත්ත්වය නිසා රැකියාවට සමු දී තිබේ.

තම දරුවා සුව කිරීමේ දැඩි අවශ්‍යතාවයක් ඇතත් මුදල් නොමැති කමින් දැඩි ලෙස අසරණ වී ඇති බවත් එම නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ තම දරුවා නැවතත් දෙපයින් නගා සිටුවීම සඳහා ඉන්දියාවේ ගෙන ගොස් ප්‍ර‍තිකාර කිරීමට මුදල් ආධාර කර උපකාරී වන ලෙසයි.

උසස් පෙළ විභාගයෙන් පසු උසස් අධ්‍යාපනයට යොමුවී ඉංජිනේරුවෙකු වී රටට සේවය කිරීමට සිහින දකිමින් සිටි රුක්ෂාන් නයනකාන්ත දෙපයින් නගා සිටුවීම සඳහා උපකාර කිරිමට කැමති කෙනෙක් සිටිනම් 0719069590 / 077 3454844 දුරකථන අංක වලට අමතන ලෙස ඔහුගේ මව්පියන් පවසයි.

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට උද්දමනය සියයට 8.8 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී උද්දමනය සටහන්ව තිබුණේ සියයට 05ක් ලෙසයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ඔක්තෝබර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්දමනය සියයට 6.4ක් ලෙසත්, ආහාර නොවන කාණ්ඩයේ උද්දමනය සියයට 2.4ක් ලෙසත් වාර්තා වී තිබේ.

පොල්, එළවළු, සහල් , අමු මිරිස්, කෙසෙල් , රතු ළූණු , දෙහි සහ තේ කොළ යන ද්‍රව්‍යවල මිල වැඩි වීම ආහාර කාණ්ඩයේ වියදම් වැඩීවීමට හේතු වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සැර මත්පැන් පානය කරන පුද්ගලයින්ට විකල්පයක් ලෙස කිතුල් රා පානය කිරීමට සහනයක් ලබා දිය යුතු බව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය  චාමර සම්පත් දසනායක  පවසයි.
 ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ(21) පැවති වෙද සමුළුවකට එක්වෙමින් දසනායක මහතා මෙම අදහස් පළ කළේය.
 
කිතුල් රා ලෙඩ රෝගවලින් වළක්වා ගත හැකි ඖෂධීය ගුණයන්ගෙන් හෙබි දේශීය පානයක් වන බවත්, අතීතයේ මුතුන්මිත්තන් රා පානය කිරීම හේතුවෙන් අවුරුදු 100 කට වැඩි කාලයක් ආයුෂ හිමි වු බව ද ඔහු සඳහන් කළේය.
 
බීර සඳහා රජය බදු සහන ලබා දී ඇති බවත්, කිතුල් රා සඳහා ද යම් සහනයක් ලබා දී එය ප්‍රචලිත කිරීම සුදුසු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ළමයින් ළමා නිවාසගත නොකට කැපකරු මාපිය ක්‍රමය යටතේ රැකබලා ගැනීමේ ක්‍රමයක් මෙරට තුළ වඩා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජාතික ළමා ආරක්ෂන අධිකාරියේ අවධානය යොමුව තිබේ.

ළමා නිවාසගතව සිටින දරුවන්ට පවුලක් තුළ ජීවත්වීමට අවස්ථාවක් ලබාදීම මෙමඟින් සිදුකිරීමට නියමිතය.

යටත් විජිත සමය තුළ ළමා නිවාස සංකල්පය හඳුන්වා දුන්න ද එය වර්තමානයේ බ්‍රිතාන්‍ය තුළ හෝ ක්‍රියාත්මක නොවන බව ජාතික ළමාආරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

එම නිසා ළමා නිවාසවලින් බැහැරව විකල්ප ළමා රැකවරණ ඔස්සේ ළමුන් රැකගැනීමේ ක්‍රම පිළිබඳව අවධානය යොමුකොට තිබේ.

ළමා නිවාසවලින් බැහරව විකල්ප ළමා රැකවරණ ක්‍රම ඔස්සේ ළමයින් රැකබලා ගැනීමේ ක්‍රම පිළිබඳව විශේෂ ජාත්‍යන්තර සමුළුවක් පසුගියදා මෝල්ටා රාජ්‍යයේ දී පවත්වනු ලැබීය.

එහිදී ද කැපකරු මාපිය යටතේ ළමුන් රැකබලා ගැනීමේ ක්‍රමය පිළිබඳව වැඩි අවධානයක් යොමුවු බව ජාතික ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ද මෙම වැඩපිළිවෙළ ජාතික ළමාරක්ෂක අධිකාරිය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.