ආදානි සහ TSL සමාගම් වලට එරෙහිව මන්නාරමේ විරෝධතාවය

ඕස්ට්‍රේලියානු සමාගමක් වන Titanium Sand Limited (TSL) විසින් මන්නාරම දූපතේ ඉල්මනයිට් කැනීම හා ඉන්දියානු ආදානි සමාගම විසින් මෙගාවොට් 500ක සුලං විදුලි බලාගාරයක් සෑදීමට විරුද්ධව අගෝස්තු 29 දින මන්නාරමේ විරෝධතාවයක් පැවත්වුනි.
මන්නාරම් දිස්ත්‍රික්කයේ පුරවැසියන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් , පූජ්‍ය පක්ශය , පරිසර සංවිධාන සමග එක්ව මන්නාරම පුරවැසි කමිටුව මගින් එය සංවිධානය කර තිබුනි.

ඉල්මනයිට් කැනිමෙන් සිදුවන වෙරළ අස්තාවර වීම හරහා සිදුවන වෙරළ ඛාදනය , පානිය ජලයට මුහුදු ජලය එකතුවීම,දූපත තුලට මුහුදු ජලය ගලාඒම හරහා ප්‍රදේශ වාසීන්ගේ ජීවත්වීමේ අයිතිය සහ ඔවුන්ගේ පරිසර අයිතිය අහිමි වේ. ඒ වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රය ද නිරන්තරයෙන් හඬ නැගීමට කැපවී සිටිමු.

විශේෂයෙන් මන්නාරම දූපත සංක්‍රමණික පක්ශී විශේෂ ගනනාවකගේම ගමනාන්තයක් වන අතර එයට හේතුව මන්නාරම දුපත ආශ්‍රිත කලපු පද්දතිය හා සුවිශේෂී වෙරළ පිහිටීමයි. එමනිසා දෙස් විදෙස් සංචාරකයන් අතර මන්නාරම දුපත ප්‍රසිද්ධ වී ඇත. යෝජිත සංවර්ධන වියාපෘති ක්‍රියාත්මක වුවහොත් මන්නාරම දූපත ආශිත පරිසර පද්ධතිය විනාශවීමේ අවදානමට ලක්වනු ඇත. දශක 7ක් පුරා පිලිවෙලින් කරගෙන ආ දූශනය හේතුවෙන් අස්තාවර වූ ආර්තිකය ගොඩනැංවීම හුවා දක්වමින් රටේ පරිසර සම්පත් කුණුකොල්ලයට විකුණාදැමීමට අප ඉඩ නොතබමු. ඒ වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රය අදත් හෙටත් අනාගතයේදීත් අපේ යුතුකම ඉටුකරමු .

Janaka Withanage

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...