පාන් ආඥා පනත යාවත්කාලීන කිරීම වෙනුවට පනත අවලංගු කරයි

පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (12) මෙම තීරණය ගෙන ඇත. 1864 අංක 13 දරන මෙම ආඥා පනත අවලංගු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනය කර සිටී.

‘පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක වූ පිටි මිශ්‍ර කිරීම වැලැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥා පනත පනවා ඇත. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥා පනතේ ඇතැම් විධිවිධාන සමග ගැටළු පැනනැගෙන අවස්ථා ඇති නිසා එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් නැති බව හදුනාගෙන ඇති නිසා මෙම පනත අවලංගු කළ බව රජය පවසයි.

ඒ අනුව අදාළ ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීම සම්බන්ධයෙන් වෙළෙඳ ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවට මෙසේ අනුමැතිය හිමි වී ඇත.

මේ අතර වසර 66කින් සංශෝධනය නොවූ පාන් ආඥා පනත යාවත්කාලීන කොට නීතියේ සිදුරු වැසීම වෙනුවට මෙම පනත අහෝසි කරීමෙන් තව තවත් ජනතාව ගසා කෑමට අවස්ථාව උදාවෙනු ඇති බවට සැක මතුව තිබේ.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...