‘අපව රවටන්න එන්න එපා’ – රනිල්ගේ බොරු පොරොන්දුවලට යාපනේ ජනතාවගේ විරෝධය

ඊයේ තෛපොංගල් සැමරුම වෙනුවෙන් හා උතුරු පළාතේ ආගමික නායකයින් මුණ ගැසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැමිණි අවස්ථාවේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක නිරත විය.

ඔවුහු පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට තමන් දැඩි විරෝධතාවය පළ කරන බවයි. මෙම විරෝධය දැක්වීම රනිල් විසින් දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුම් ලබාදෙන බව පවසමින් දෙමළ දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා පවත්වන කාලයක සිදුවීමද විශේෂත්වයකි. රනිල්ගේ අරමුණ වී ඇත්තේ දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න තමන්ගේ බලය රැකගැනීම වෙනුවෙන් යොදාගැනීමටයි. ගෝඨාභය ආණ්ඩුවවට පෙර පැවති ආණ්ඩුවේ අගමැති ධුරය දැරුවේ රනිල් විසිනි. රනිල් දැන් පොරොන්දු වෙන දේශපාලන විසදුම් අවශ්‍ය නම් ඒ කාලයේ ලබාදිය හැකිව තිබුණි. ඒ වෙනුවට රනිල් කළේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න පවිච්චි කර බලයට පැමිණ එම ප්‍රශ්න අමතක කිරීමයි. බලහත්කාරයෙන් අතුරුදහන්කළ වූවන්ගේ ප්‍රශ්නයේදී සිදුවූ වේ එයයි.

නමුත් උතුරේ ජනතාව එම අතිත්තය අමතක කිරීමට සූදානම් නැත. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හා අතුරුදහන්වූවන්ගේ ගැටලුව සඳහා ස්ථිරසාර විසදුමක් ලබාදිය යුතු බවට ඔවුන් ඉල්ලීම් කර තිබේ.

ඊයේ යාපනය අරසඩි මංසන්ධිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට ආරක්ෂක අංශ අවසර ලබා නොදීම හේතුවෙන් එහිදී උණුසුම් තත්වයක්ද ඇති වු අතර, පොලිසිය විසින් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ල කරන ලදී.

වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ද අද(16) වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපස විරෝධතාවයක් පැවැත්වු අතර, එහිදි අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් පැවසූවේ “තෛපොංගල් සැමරීම වෙනුවට ජනාධිපතිවරයා විසින් දෙමළ ජනතාවගේ ගැටලු විසදීමට මුලිකත්වය ගතයුතු අතර, එයින් දෙමළ ජනතාවට වඩාත් සතුටුවනවා.” යනුවෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වවුනියාවේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ තමන්ගේ ඥාතීන්ගේ ගැටලුවට ස්ථිර විසදුමක් ලැබෙන දිනයක තමන් තෛපොංගල් දිනය සමරන අතර, තම ඥාතීන් නොමැතිව තමන්ට තෛපොංගල් නොමැති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...