22
Sun, Apr

මුම්බායේ කලාප 16 ක සෙල්ෆි ගැනීම තහනම් කර ඇති බව බී.බී.සී අඩවිය වාර්තා කරයි. මෙයට හේතු වී ඇත්තේ මුම්බායි නගරය තුළ සෙල්ෆි ගැනීම නිසා සිදු වූ මරණ සංඛ්‍යාව දින දින ඉහළ යාමයි.

 

සෙල්ෆි ගන්නා අතර සිදු වූ මරණවලින් වැඩි ම සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙන් බව ඇමරිකානු දත්ත සමාගමක් ද පසු ගිය දා පවසා තිබිණි.

 

2014 වර්ෂයේ සිට සෙල්ෆි ගන්නා අතර සිදු වූ මරණ සංඛ්‍යාව 49 ක් වන අතර, ඉන් 19ක් ම සිදු වී ඇත්තේ ඉන්දියාවෙයි.

 

ෆේස්බුක් ප‍්‍රධානී මාර්ක් සකර්බර්ග්ට හා ට්විටර් ප‍්‍රධානී ජැක් ඩෝර්සිට අයි.එස්. සාමාජිකයන් අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙන බව වාර්තාවෙයි.

 

ඔවුන්ගේ අවසානය සටහන් කරන බවට එහි සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

 

වීඩියෝවක් මගින් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව වාර්තාවෙයි.

 

තම සංවිධානයට ආධුනිකයන් බඳවා ගන්නා අයගේ මෙන්ම උදව්කරුවන්ගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් අත්හිටුවීමට සකර්බර්ග් හා ජැක් කටයුතු කරමින් සිටින නිසා මෙම නිවේදනය මගින් අනතුරු අඟවා තිබෙනවා

 

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන උපන්දින සැමරුම ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

 

"සුබ උපන්දිනයක්´´ කියමින් ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා මුලින්ම සුබ පැතුවා.

 

"සර් සුබ පතලා විතරක් මදි, අගමැතිතුමාට කේක් කෑල්ලක් කවන්න"

 

මාධ්‍යවේදියෙක් කළ යෝජනාවට අනුව ජනාධිපතිවරයා අගමැතිතුමාට කේක් කැව්වා.

 

´´දැන් ඉතින් මටත් කේක් කෑල්ලක් කවන්න"

 

ජනපති කළ ඉල්ලීම මත අගමැතිවරයාත් ජනපතිට කේක් කැව්වා.

 

´´නියම ජෝඩුව හැමදාමත් ඔය බැඳීම තියාගන්න ඕනේ"

 

ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා කතාවට හැමෝම හිනාවෙද්දී මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් හිනාවෙලා අගමැතිවරයාට සුබ පැතුවා.

මීළග ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියෙන් පසු බොහෝ විට තමා විස්‌සයි/20 ක්‍රිකට්‌ වලින් සමුගැනීමට ඉඩ තිබෙන බැවින් ඒ පිළිබඳව තමන් මේ වන විට අවධානය යොමු කර තිබෙන බව වත්මන් ශ්‍රී ලංකා විස්‌සයි/20 පිලේ නායක ලිසිත් මාලිංග සඳහන් කර තිබේ.

 

එක්‌සත් අරාබි එමීර් පිල සමග පෙරේදා (25 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 14 ක ජයක්‌ වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වූ අතර එම තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී මාලිංග සිය සමුගැනීම පිළිබඳව අදහස්‌ දැක්‌වීය.

 

මෙහිදී හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් දෙපළක්‌ වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර සිය සමුගැනීම 2014 වසරේ ලෝක කුසලාන තරගාවලියට පෙරම දැනුම් දුන් අතර ඒ ආකාරයෙන්ම මාලිංගගේ සමුගැනීමද ලෝක කුසලාන තරගාවලියට පෙර දැනුම් දෙන්නේ දැයි මාධ්‍ය විසින් කරන ලද ප්‍රශ්න කිරීමට ''එහෙම වෙන්න පුලුවන්'' යෑයි සිනහ මුසු ස්‌වරයෙන් පැවැසීය.

 

සිය දණහිසේ නිරන්තරයෙන්ම ඇතිවන ආබාධ තත්ත්වය උත්සන්න අතට හැරීම මත පෙරේදා තරගයට මාලිංග ක්‍රීඩා කරන ලද්දේ මාස 3 ක කාලයක්‌ විවේක ගැනීමෙන් පසුවය. එසේ වුවද පන්දු යවන්නකු ලෙස සාර්ථක වූ හෙතෙම ලකුණු 24 කට කඩුලු 4 ක්‌ දවා ගනිමින් තම කණ්‌ඩායම ජයග්‍රහණය කරා රැගෙන යැමේ ප්‍රධාන මෙහෙවරක්‌ ඉටු කිරීමට සමත්වූවේය.

 

''මම වසර 12ක්‌ තිස්‌සේ ජාතික කණ්‌ඩායම නියෝජනය කරනවා. දැන් මගේ වයස 32 යි. මම හිතන විදියට මගේ ආබාධය අනුව මට විවේකයක්‌ ගන්න එකත් ටිකක්‌ අමාරුයි. බැරි වෙලාවත් මම වසරක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ විවේක ගන්නවා කියන්නේ මගේ ක්‍රිකට්‌ ජීවිතය එතනින් නිමාවෙනවා කියන එක. මට තවදුරටත් මගේ රටට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මට හොඳින් ක්‍රීඩා කළ යුතුයි. මම හිතන්නේ නැහැ මගේ ආබාධය සියයට සියයකින් හොඳ වෙයි කියලා. නමුත් මගේ ආබාධිත තත්ත්වය හැකිතරම් අවම කරගනිමින් අනාගතයේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා'' යි මාලිංග පවසයි

 

''මට සෙල්ලම් කරන්න පුලුවන් කාලය තව මාසයක්‌ද එහෙම නැත්නම් අවුරුද්දක්‌ද කියන්න මම දන්නේ නැහැ. කොහොම වුණත් මගේ සමුගැනීමට ප්‍රථම මම මගේ කණ්‌ඩායම වෙනුවෙන් උපරිම තරග සංඛ්‍යාවක්‌ ක්‍රීඩා කරන්න උත්සාහ කරනවා'' යි මාලිංග අවධාරණය කරයි.

 

මෙම තරගයේදී කඩුලු 4 ක්‌ දවා ගැනීමට මාලිංග සමත්වුවද දක්‌වන ලද දක්‌ෂතා පිළිබඳ තමා සෑහීමකට පත් නොවන බවද සඳහන් කර සිටියි. ''මම මගේ දක්‌ෂතා ගැන සෑහීමකට පත්වන්නේ නැහැ. අවසන් මාස තුන ඇතුළතදී මට එකම පන්දුවක්‌ හෝ පුහුණුවීම්වලදි යන්න බැරි වුණා. අවසන් දින දෙකේදි දැල් පුහුණුවීම්වලදි පමණයි පන්දු යෑව්වේ. කොහොම වුණත් ලැබුණු ප්‍රථිඵලය ගැන මම සතුටු වුණත් මීට වඩා දෙයක්‌ කණ්‌ඩායම වෙනුවෙන් කරන්න තිබුණා කියන එක හිතේ තියෙනවා. ඊළඟ තරගයේදී මම මගේ උපරිමය කණ්‌ඩායමට ලබාදෙන්න උත්සාහ කරනවා'' යි මාලිංග පවසයි.

 

''මගේ දණහිසේ ආබාධය ඉතාමත් දරුණු ගණයේ එකක්‌. මේ ආබාධය 2008 දිත් ඇති වුණා. ඒක හොඳ වෙන්න මට වසර 2 ක කාලයක්‌ විවේක ගන්න වුණා. මේ වන විට මගේ අනිත් කකුලේත් සුලු සුලු ආබාධ ඇතිවී තිබෙනවා. විස්‌සයි/20 තරගවල අත්දැකීම් තියෙන පන්දු යවන්නෙක්‌ විදියට ලෝක කුසලාන තරගාවලියක්‌ අභිමුව තියෙද්දී විවේක ගන්න බෑ. කොහොම වුණත් මම වේදනා නාශක එන්නත් කරගෙන තමයි තරගවලට ක්‍රීඩා කරන්නේ. මොනවා වුණත් අවසානයේ කණ්‌ඩායම වෙනුවෙන් දෙයක්‌ කිරීමයි මගේ බලාපොරොත්තුව'' යි මාලිංග සිය පාදයේ ආබාධය පිළිබඳව කරුණු දක්‌වයි. ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය හෙට (25 දා) බංගලාදේශය සමග පැවැත්වේ.

 

අද  දිනයේ කොළඹ ආශ්‍රිතව පැවති දැඩි වර්ෂාපතනයත් සමඟම  කොළඹ අවට ප්‍රෙද්ශ කිහිපයකටම අයිස් කැට වර්ෂාවක් පතිත වූ බව වාර්තා විය. එම අයිස් වර්ෂාවේ වීඩියෝ මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.

 

කලකින්  පසුව  ලංකාවේ  සිදු  වුනු  විශාල  කාලගුණ  වෙනසක්  කියල  තමයි  සදහන්  වෙන්නේ.