නීති වලටත් පයින් ගසා ආණ්ඩුව වනාන්තර සමාගම් වලට විකිණීමය සැරසෙයි!

05/2001 චක්‍රලේඛය යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින වනාන්තර පද්ධති වෙනත් ආර්ථික කටයුතු සඳහා පාවිච්චි කිරීමේ අරමුණින් එම ගැසට් පත්‍රය අහෝසි කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය.
නමුත් පරිසරවේදීන්, තරුණ සංවිධාන ඇතුලු ජනතාවගෙන් එල්ල වු විරෝධය හමුවේ එය තාවකාලිකව හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය.
නමුත් මහවැලි,කෘෂිකර්ම ,වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය මගින් දිස්ත්‍රික් ලේකම් වරුන්ට යොමු කල ලිපියක් පහත අමුණා ඇත. එම ලිපියට අනුව වන ජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුවට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වගා කල හැකි ඉඩම් වල ⁣තොරතුරු ඉතා ඉක්මණින් ලබා දෙන ලෙස දැනුම් දී ඇත. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ආනයන සීමා කිරීම හේතුවෙන් මතු වන රටේ ආහාර අවශ්‍යාතාව සම්පුර්ණ කිරීමට වගා කිරීම සඳහා ඉඩම් අවශ්‍ය බවය.
මේ කෙබරය ඇද බාන්නේ කාටද?
කොරෝනා වසංගතයට පෙරත් මෙරට ගොවීන්ට සිය අස්වැන්න විකුණා ගත නොහැකි විය.
හාල් මෝල් හිමියන් ගොවීන්ගෙන් ලබා ගන්න⁣ වී තොග සඟවා තබා ගන්නා බව ප්‍රසිද්ධ රහසකි.
එසේම ගොවීන්ට වගා කිරීමට තිබු ඉඩම් අක්කර ලක්ෂ ගණනක් බහු ජාතික සමාගම් වලට මේ වන විටත් විකුණා හමාරය.
දැනටත් ගොවින්ගෙන් ඵලදාව මිලදී ගැනීමට හෝ වැඩපිලිවෙලක් නොමැති ආණ්ඩුව වගාවන් සඳහා ඉඩම් නිදහස් කිරීමක් ගැන කතා කිරීමෙන්ම පැහැදිලි වන්නේ කුමක්ද?වන ජීවි සංරක්ෂණ හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින්නේ ආරක්ෂා කල යුතු, මිනිසුන්ට සතුන්ට ජලය, වාතය, ආහාර සපයන වනාන්තර පද්ධතීන්
එසේ නම් 05/2001 අහෝසි කිරිම හරහා සිදු කරගැනීමට නොහැකි වු දේ ආණ්ඩුව දැන් බලහත්කාරයෙන් සිදු කිරීමට සැරසේ.
බැසිල් රාජපක්ෂද ඒ බව පසුගිය දිනක ප්‍රසිද්ධියේ කියා තිබිණ.
මේ මැතිවරණයක් තිබියදී වනාන්තර ආරක්ෂා කිරීම සම්බන්ධ ආණ්ඩුවේ ක්‍රියාකිරකම්ය. 2/3 ඉල්ලා සිටින්නේ එකී බලහත්කාරයට නිල භාවයක් ගැනීමට නොවේද?
එසේ නම් ලාභ වෙනුවෙන් පරිසරය හා අපේ ජීවිත විනාශ කිරීමට එරෙහිව මහජන බලයක් ශක්තිමත් කල යුතු නොවේද?

Youth for Chenge

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...