ඇත්ත ලිවීම නම් වාමාංශික රෝගය – ටෙරල් අබේසිංහ

යථාර්තය වාමාංශික වීම හා Titan sub
Titan sub එකේ සිද්දිය වැදගත් වෙලා දිනපතා මිනිස්සු විසින් ගොඩනගන තත්වයන් ට යටත්ව මිනිසුන් විශාල ප්‍රමාණයක් මියයන එක ගෝලීය ප්‍රවුර්තියක් නොවීම සම්බන්දව විශේෂයෙන් මුහුණු පොතේ කතිකාවක් ඇතිවෙලා තියෙනවා.

Titan සිද්දිය ප්‍රධාන පුවතක් බවට පත්වෙන එක ගැන විවේචනාත්මකව බලන අය ගැන විවේචනය කරන පිරිස මුලින් කියපු අයව හදුන්වන්නේ වමාන්ශිකයන් හැටියට.

ඒ හැදින්වීම තුළ තරමක කෝචෝක් ගතියකුත් තියෙනවා.

Titan එකේ ගිය අය ඒ ගමන තමන්ගේ සමාජ, ආර්ථික තත්වය මත ස්ව කැමැත්තෙන් තෝරගත්ත තත්වයක්. සරලව කිවුවොත්, තමන් ගාව තියෙන ධනස්කන්දයෙන් සොච්චමක් වියදම් කරලා කතා කරන්න මාතෘකාවක් නිර්මාණය කර ගැනීමක්.

නමුත් අනිත් අය තමන් ජිවත් වෙන තත්වය මතින් බල කරන නිසා ජිවත් වීම සදහා ඇති අවසාන තුරුම්පුව හැටියට ජිවත අවදානම තෝරාගන්න අය.
මේ තත්වය දේශපාලනිකයි.

මාධ්‍යන්ගේ හැසිරීමත් දේශපාලනිකයි.

ඉරාක ආක්‍රමණය, ලිබියාව, සිරියාව ගැන වාර්තා කරණයේ දේශපාලන වුවමනාවන් නැවත, නැවත ලියන්න ඕනේ නැහැනේ.

ලෝකය වසා ගත් මාධ්‍යට අනුව මේ මොහොතේ පවතින තත්වය බැලුවොත්, යුක්රේනයක් ඇත. පුටින් නම් යක්ෂයෙක් ඇත. අහිංසක මිනිස්සු ගාතනය වෙනවා.

ඒත් නෙටෝවක් නැත. යුද්දය ට සම්බන්ද ඇමරිකාවක්, යුරෝපයක් නැත.

ඉතින් පවතින යථාර්තය ගැන ලිවිම වාමාංශික රෝගී තත්වයක් නම්, ඒ රෝගය ඉතා කැමැත්තෙන් වැලද ගමි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...