ඇත්ත ලිවීම නම් වාමාංශික රෝගය – ටෙරල් අබේසිංහ

යථාර්තය වාමාංශික වීම හා Titan sub
Titan sub එකේ සිද්දිය වැදගත් වෙලා දිනපතා මිනිස්සු විසින් ගොඩනගන තත්වයන් ට යටත්ව මිනිසුන් විශාල ප්‍රමාණයක් මියයන එක ගෝලීය ප්‍රවුර්තියක් නොවීම සම්බන්දව විශේෂයෙන් මුහුණු පොතේ කතිකාවක් ඇතිවෙලා තියෙනවා.

Titan සිද්දිය ප්‍රධාන පුවතක් බවට පත්වෙන එක ගැන විවේචනාත්මකව බලන අය ගැන විවේචනය කරන පිරිස මුලින් කියපු අයව හදුන්වන්නේ වමාන්ශිකයන් හැටියට.

ඒ හැදින්වීම තුළ තරමක කෝචෝක් ගතියකුත් තියෙනවා.

Titan එකේ ගිය අය ඒ ගමන තමන්ගේ සමාජ, ආර්ථික තත්වය මත ස්ව කැමැත්තෙන් තෝරගත්ත තත්වයක්. සරලව කිවුවොත්, තමන් ගාව තියෙන ධනස්කන්දයෙන් සොච්චමක් වියදම් කරලා කතා කරන්න මාතෘකාවක් නිර්මාණය කර ගැනීමක්.

නමුත් අනිත් අය තමන් ජිවත් වෙන තත්වය මතින් බල කරන නිසා ජිවත් වීම සදහා ඇති අවසාන තුරුම්පුව හැටියට ජිවත අවදානම තෝරාගන්න අය.
මේ තත්වය දේශපාලනිකයි.

මාධ්‍යන්ගේ හැසිරීමත් දේශපාලනිකයි.

ඉරාක ආක්‍රමණය, ලිබියාව, සිරියාව ගැන වාර්තා කරණයේ දේශපාලන වුවමනාවන් නැවත, නැවත ලියන්න ඕනේ නැහැනේ.

ලෝකය වසා ගත් මාධ්‍යට අනුව මේ මොහොතේ පවතින තත්වය බැලුවොත්, යුක්රේනයක් ඇත. පුටින් නම් යක්ෂයෙක් ඇත. අහිංසක මිනිස්සු ගාතනය වෙනවා.

ඒත් නෙටෝවක් නැත. යුද්දය ට සම්බන්ද ඇමරිකාවක්, යුරෝපයක් නැත.

ඉතින් පවතින යථාර්තය ගැන ලිවිම වාමාංශික රෝගී තත්වයක් නම්, ඒ රෝගය ඉතා කැමැත්තෙන් වැලද ගමි.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...