22
Sun, Apr

පුවත්

ජාතික ආගමික උත්සවයක් නිසා මැයි දිනය වෙනස් කරන්න හෝ වෙනත් කුමන කරුනක් නිසාවත් වෙසක් දිනය වෙනස් කළ නොහැකි බැවින් තම පක්ෂය මැයි දිනය යාපනේ සමරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි.
ජ.වි.පෙ. ඊය‍ෙ (11)කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. වෘත්තිය සමිති නායකයා ප්‍රකාශ කලේ මේ රටේ විශාලතම වෘත්තිය සමිති හිමි පක්ෂය වශයෙන් මැයි දිනය උරුමය තම පක්ෂයට හිමිවන බවද කීය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද ප්‍රකාශ කළේය.


“රටේ ජාතික ආගමික උත්සවයක් නිසා මැයි දිනය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම වෙන කුමක් හෝ කරුණක් නිසා, වෙසක් දිනය වෙනස් කරන්නත් පුළුවන් කමකුත් නැහැ. කොළඹ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය නිසා, මැයි 1දා කොළඹදී මැයි දිනය සමරන්න බාධාවක් තිබෙනවා. එනිසා තමයි 1දා යාපනයේදී අපි මැයි දිනය පවත්වන්නේ. නායක ස්වමීන්වහන්සේලා ඉල්ලා තිබුණේ වෙසක් උත්සවයට බාධාවක් නොවන විදිහට මැයි දිනය සමරන්න කියලා. උන්වහන්සේලාගේ ඉල්ලීම ඉතාම සාධාරණයි. යාපනයේදී මැයි දින සැමරීම වෙසක් උත්සවයට බාධාවක් නොවන නිසා, අපි යාපනයේදී මැයි දිනය සමරනවා. එනිසා ස්වාමීන්වහන්සේලාගේ ඉල්ලීම අතර, ගැටුමක් නැහැ. “

Add comment


Security code
Refresh