ආදරණීය පැබ්ලෝ නෙරූඩා – ඉෂූ බණ්ඩාර

මා එතනය
මුහුදු සුළඟ වැද විවර වූ
ඒ මන්දිරයෙහි කවුළුව අසය
වියන් ඇද තවමත් එලෙසමය
මනස රැඟුම් පෙළහරකය

වැලමිට රිඳුම් බොහොමය
නිය පහර වැදි පපු කැළැල්ය
ඔඬු දුවන තුවාලයක
පෑරෙන හදවතක්ය

පිස හමනුයේ
මා ⁣යනෙන මඟ නුඹ තැබූ
රෝස පොකුරෙහි
සුවඳ මුසු පවනමය

එමඟට නුඹ අතැරි
රතු ඇපල් පැන නැඟ
නාස් පුඩු අඟ දැවටෙමින
තහනම් ඵල රස විමසීය

සංවේදී විනිර්මුක්ත රූමතිය
ඒ නුඹේ වදන්ය
බාල්දි වැසිකිලි ඉවතලන්නිය
ඒ මහද හඬය

අසංවේදිත්වය අවැසිය
මන්දිර වලින් ඔබ්බෙහි
කුණු කාණු අධිකය
වැසිකිලි බාල්දි දුර්ගන්ධයය

ආදරණීය පැබ්ලෝ නෙරූඩා
අද රැයේ මා සොම්නසින්
ලියන එකම කවිය ඔබටය

ඒ නම්

ඉඟසුඟද , පුළුල් උකුලද ,
සුපුන් පයෝදර ද
වචනයෙන්ම ඉලිප්පූ
ආදරණීය පැබ්ලෝ

ඔබ කිසිදා නොදත් සත්‍යනම්
මා ඔබට
අසීමාන්තිකව ආදරය කල බවය

අසංවේදීයැයි හැඟෙන ගැහැණියක
ඔලාරික හැඟුම් ලඟ
ඔබ ලියපු කවි වචන ළාමකය.

මම,
ඉන්දියානු මූර්තියකට ඔබ සමකළ
වැසිකිළි බාල්දි සෝදන්නිය
තංගම්මාය.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...