Breaking News

ජිනීවා : මිනිස් ජිවිත අහිමිකළ පසුත් ජන්ද ගැනීම කළ යුතුද ?

අරුණි සමරකෝන්

2020 මැයි මස, ශ්‍රී ලංකා, විධායක ජනාධිපති ගෝටබය රාජපක්ෂ විසින් ප්‍රකාශ කරන කරුණක් වනුයේ , ශ්‍රී ලංකාවේ යුධ විරුවන්ට එදිරිව කිසියම් අනතර්ජාතික සංවිධානයක් අසත්‍ය චෝදනා ගොනු කරනු ලබන්නේ නම්, තමන් විසින් ශ්‍රී ලංකාව එම සංවිධානයෙන් සාමාජිකත්වයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බවය https://abcnews.go.com/International/wireStory/sri-lanka-threatens-leave-intl-organizations-rights-70764573. එසේ නිර්භීත ලෙස ප්‍රකාශනයන් කල ආණ්ඩුවේ විධායකය යටතේ වන , ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, මහින්ද පතිරණ 2021 දී සමාජ මාධ්‍ය හි පවසන්නේ “ඊනියා ජාතිකවාදීන්ගේ ළඟ චුන් මෝඩකම් නිසා ජිනීවා පමණක් නොව , නැගෙනහිර පර්යන්ත ප්‍රශ්නය නිසා ඉන්දියාව ද ජපානයද , නැගෙනහිර පර්යන්තය මෙන්ම බටහිර පර්යන්තය ද අපට අහිමි වූ බවය https://rb.gy/wophtk. මෙම පරස්පර විරෝධී ප්‍රකාශනයන් සමඟ මෙම ලිපිය වෙත ප්‍රවේශය ගනිමි.

ගෝටබය රාජපක්ෂ යනු සිංහල – බෞද්ධ දේශපාලන ධාරාවේ විමුක්තිකරු බවට දේශපාලන කන්‍යාභාවය සහිත තරුණ ප්‍රජාවද ,සඟ , වේද , ගොවි කම්කරු ස්ත්‍රී / පුරුෂ ශ්‍රමිකයන් ද , විදේශීය ශ්‍රමික ප්‍රජාවද හඳුනාගැනීමේ ප්‍රතිපලයක් ලෙසට , ඔවුන්ගේ ජන්දයෙන් ජනාධිපති කරවන ලදී. විනය ගරුක රටක් මෙන්ම ඒ වන විට ජාතික පුවත් පත් සහ පෞද්ගලික රුපවාහිනි වාර්තාකළ , සිංහල – බෞද්ධ ස්ත්‍රීන් වඳකිරීම් නොමැති සුරක්ෂිත රටක් වෙනුවෙන් ජන්දය භාවිතා කිරීමට මේ ජනතාව පෙළ ගැසුණි https://economynext.com/sri-lanka-police-uncover-criminal-conspiracy-over-sterilization-claims-15068/

එසේම මුස්ලිම් ජනයා කඩු තබාගෙන සිට තමාගේ වටපිටාවේ ජිවත්වන තම අනෙකාව ඕනෑම විටක මරාදමනු ඇත යන භීතියෙන් ගැලවීමටත් , මුස්ලිම් ප්‍රජාව විශාල ලෙස වර්ධනය වීම හේතුවෙන් උපන් බිමෙහි නොසිටියද , තමන්ගේ භුමිය බලාහාත්කාරයෙන් උදුරාගනිවී යන අවිනිශ්චිතතාවයෙන් ගැලවීම වෙනුවෙන් ජනතාව ගෝටාබය රාජපක්ෂ , ජනාධිපති පියා ලෙස තෝරාගන්නා ලදී .

ධර්මචක්‍රයට අගරු කිරීම ලෙස සාහිසික සදොස් කියවීමක් මත ස්ත්‍රියක් හැඳ සිටි වස්ත්‍රය ද බලහත්කාරයෙන් උනා දැමීමට තරම් විරවන්ත වන දේශපාලන නායකත්වයක අවශ්‍යතාව ඒ මොහොතේ පැන නැගුණි . එසේම අවුරුදු පහක සහ නව යොවුන් වියේ දරුවන් දෙදෙනෙකුද ඇතුළුව නිරායුධ දෙමළ වැසියන් 08 දෙනෙකු මිරුසුවිල් හිදී මරාදැමීම හේතුවෙන් මරණ දඩුවම් ලත් සුනිල් රත්නායක සහ අනෙකුත් හමුදා ශ්‍රමික කණ්ඩායම, බේරාගත ගැනීමේ අවශ්‍යතාවයද විය . ත්‍රිකුනාමලේ දී පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද ශිෂ්‍යන් 11 දෙනා ගෙන් ද ශ්‍රී ලංකා හමුදාව මුදා ගත යුතුව තිබුණි. බැඳුම්කර වංචාවකින් අහිමි වූ ජාතික ධනය නැවත ලබාගැනීමට , නව ශක්තිමත් පෞරුෂයක් ඇතැයි යන්න හඟවන දේශපාලන නායකත්වයක් දේශයට අවශ්‍ය වූ මොහොතේ ජනතාව විසින් ගෝටාබය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තෝරා ගන්න ලදී .

ඒ මහතාගේ දේශපාලන ඉතිහාසයට අනුව ශ්‍රී ලංකාවේ සිටිය හැකි පාර්ශව දෙකක් වූ අතර , ඒ ත්‍රස්තවාදීන් සහ ත්‍රස්තවාදීන් සමඟ සටන් කරන පිරිසක් පමණි. ත්‍රස්තවාදීන් යනු මෙරට ස්වාධිපත්‍ය ට එදිරිව කටයුතු කරන පාර්ශ්වය වන අතර හමුදාව මඟින් ස්වධිපත්‍ය රැකගැනීමට කටයුතු කරයි. https://www.youtube.com/watch?v=9gL5stPqdHo&t=129s

ඉහත සඳහන් හිමි වූ පාර්ශව ත්‍රස්වාදීන් වුයේ ද යන්න සිතා බැලිය යුතුය . BBC හි Chris Morris සමඟ වූ සම්මුඛ සාකච්චාවේදී , එදා ආරක්ෂක ලේකම් වූ , වර්තමාන ජානාධිපති ගෙන් අසන පැනයක් වූ ජනතාව ඔබට බයද යන්න වෙත , දක්වන ප්‍රතිචාරය නම්, එය මිත්‍ ප්‍රචාරණයක් බවය .

රජපස්ක්ෂ මහතාම තමාට බිය වීම මිත්‍යා වක් බව පවසන නමුත් , මෙරට ජනයාට අවශ්‍ය වුයේ එම සදොස් ප්‍රචාරණයේ ම රස වින්දනය ලැබීම වෙනුවෙන් , එතුමා ජානාධිපති කරවීමය .එවිට එතුමාගේ, ශ්‍රී ලංකා රාජ්‍ය අනතර්ජාතික සංවිධාන හි සාමාජිකත්වය ඉවත්කරගැනීම වැනි ප්‍රචාරණ විශ්වාස කරමින්, රියර් අද්මිරාල් සරත් වීරසේකර වැනි පුද්ගයන් , ස්ත්‍රීන්ගේ බුර්කා ගැලවීමට ද , පළාත් සභා අනවශ්‍ය බවට ද ප්‍රකාශ කිරීම ට පෙළඹීම අයුත්තක් ලෙසට හැදින්විය හැකිද ?
යුද්ධය හේතුවෙන් අහිමි කරන ලද , අතුරුදහන් කරන ලද ජිවිත වෙනුවෙන් යුක්තිය අත්‍යවශ්‍ය වේ . මෙය එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් හෝ දේශීයව සක්‍රිය කරන ක්‍රියාමාර්ගයක් මගින් හෝ සලසා දීම අත්‍යවශ්‍ය වේ . එහෙත් පසුගිය යහපාලන ආණ්ඩුව මෙන්ම පැවති සහ පවතින සියලුම රාජපක්ෂ රෙජිමයන් ද සිදු කරනුයේ එලෙස මරා දමන ලද සහ අතුරුදහන් කරන ලද ජිවිත වෙනුවෙන් යුක්තිය සැපයීම බලය ලබාගන්නා උපකරණයක් කර ගැනීම පමණි. නිදසුනක් ලෙස , බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගයන් වෙනුවෙන් වූ කාර්යාලය අද වන විට නිශ්සබ්දය.

2015 දී බලයට පැමිණි මෛත්‍රී – රනිල් සම්මුතිය විසින් මෙම කාර්යාලය පිහිටුවීම හැර ,එය ක්‍රියාකාරී කර ඉදිරියට ගෙන යාමට උත්සුක වුයේද ? තම ආදරණියයන් දෙනෙතට කවදා හෝ දැක ගත හැකිය යන බලාපොරොත්තුවෙන් , දෙමළ ජනතාව සත්‍යග්‍රහයන් නොකඩවා පවත්වාගෙන ගිය අතර , තමන්ගේ අතුරුදහන් වූ දියණිය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා එකට සහභාගී වූ ප්‍රස්තාවක ජායාරුපයක් හඳුනාගන්නා මවක් අදටත් ක්‍රියාකාරී නොවූ අකර්මන්‍ය කාර්යාලයක් සහිත රටක , තම දරුවා සොයා අරගලයක යෙදෙන විට , එයට විරුද්ධවීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් වේද ?

එසේම Kimberly Nackers, The Oxford Handbook of the Responsibility to Protect (2016), හි පෙන්වා දෙනු ලබන්නේ ආරක්ෂාව වෙනුවෙන් වගකීම යටතේ (Responsibility to Protect : R2P) යුද්ධය තුල දී ශ්‍රී ලංකාවේ පුරවැසියන් අරක්ශාකරගැනීම ට ශ්‍රී ලංකා රාජ්‍ය අපෝසත් වූ බවය . යුධ මුක්ත කලාප නම් කල ද , එම ප්‍රදේශ වෙත , මුලික දැනුම්වත් කිරීමක් නොමැතිව ශ්‍රී ලංකා හමුදාව පහර දුන් බවත් , එනයින්ම එම කලාප තුලදී බහුතරයක් ජනයා මිය ගිය බවත් ය . මෙම පසුබිමේදී ශ්‍රී ලංකාවට එදිරිව R2P යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතින් හෝ වෙනත් බටහිර පාර්ශව උනන්දු නොවූ බවත් , චීනය, ඉන්දියාව සහ එක්සත් ජනපදයේ ද අවශ්‍යතාවය වුයේ ත්‍රස්තවාදය වැළැක්වීම පමණක් බවත් Kimberly Nackers පවසයි (පිටුව879).

එයින් පැහැදිලි වන්නේ යුද්ධය අවස්ථාවේදී මෙන්ම, යුද්ධයෙන් පසුවද ශ්‍රී ලංකා ආණ්ඩු , එහි පුරවැසියා ආරක්ෂා කිරීමේ වගකීම උලලන්ඝනය කර ඇති බවය. එසේම ඒ මොහොතේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස රෝමාන්තික බැරක් ඔබාමා සහිත අන්තර් ජාතික ප්‍රජාව ශ්‍රී ලංකා පුරවැසියා (ස්ත්‍රී / පුරුෂ ) සුරකීමට කටයුතු කර නොමැත. එවැනි පසු බිමක , ජාතිකවාදීන් වෙත වන දේශපාලන ප්‍රතිචාරයක් හේතුවෙන් අන්තර්ජාතික ප්‍රජාව ජිනීවා සම්මතය ගෙන එනු ලැබූ බව පිළිගැනීමට අපහසු බව මගේ යෝජනාව වේ. වර්තමානයේ ජිනීවා හැසිරීම යනු යුද්ධය සහ පශ්චාත් යුධ වාතාවරණය වෙනුවෙන් අන්තර්ජාතික ප්‍රජාව දක්වන දේශපානය පිළිඹිබුව වේ යන්න මාගේ කියවීම වේ .
ජිනීවා යනු තව දුරටත් ,වාර්ගිකවාදි දේශපාලනය අභියෝගයට ලක් කරන ක්‍රියාවලියක් වේද ? එසේ වීනම් , 2015 දී බලයට පත්වන ජිනීවා හිතැති ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද ප්‍රගීත් එක්නැලිගොඩ,හා අනෙකුත් මාධ්‍යවේදීන් ඇතුළු ජනතාව වෙත යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් කාර්යක්ෂම ව ක්‍රියාත්මක විය යුතුය. අතුරුදහන් කරන ලද තම සැමියා උදෙසා යුක්තිය සෙවීමට බත් මුල් විකුණා මුදල් සොයමින් උසාවි වෙත යන සන්ධ්‍යා එක්නැලිගොඩ වෙත චීවරධාරීන් විසින් වාචික හිංසන සිදු කරමින් , යුක්තිය සෙවීම පමා කරන පරිසරයක් ගොඩනොනගෙනු ඇත. පැහැදිලි වන්නේ ජිනීවා හේතුවෙන්, විශාල දේශපාලනික විප්ලවයක් 2009 සිටම ශ්‍රී ලංකාවේ සිදු නොවූ අතර ,එය මෙරට වින්දිතයන් වෙත යුක්තිය කඩිනමව ඉටු කිරිමට දායකවී ඇත්තේ මන්දගාමිව බවය .
එවැනි, පසුබිමක පුරවැසියන් ලෙස අනුව යා යුත්තේ ජිනීවා යනු වාර්ගික දේශපාලන සමාසදයකරන ක්‍රියාවලියක් ලෙස අර්ථකතනය කරමින් , මිත්‍යාව ගෙන ඒමද නැතිනම් යුක්තිය වෙනුවෙන් එකට එක්ව සිට ගැනීම ද යන්න තීරණය කළ යුතුය . තවදුරටත් මතකයේ රදවා ගත යුතු කරුණ වන්නේ ජිනීවා හේතුවෙන් යුධ අපාරාධ සෙවීම වැළැක්වීම හෝ , එයට බිලිවීම වෙනුවෙන් මෙම වාර්ගික වාදීන් වෙත බලයා ලබා නොදීමට කටයුතු කිරීමය. සිනි බදු වංචාවන් , පොල් තෙල් දුෂණයන් , ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් ජිවත්වීමෙන් හෙම්බත් ව සිටින ජනයාගේ දුක් ගැනවිලි ජිනීවා මිත්‍යාව තුල සැඟවීමට විරුද්ධව නැගී සිටිය යුතු වේ.

leave a reply