27
Fri, Apr

රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලයේ සේවය කරන ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයින් නිලධාරින් 60 දෙනෙකු පිටත්කර යැවීමට රුසියාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් නිවේදනය කර ඇත්තේ අදාළ ඇමෙරිකානු නිලධාරින් පිටත්කර යවා ඇමෙරිකානු කොන්සල් කාර්යාලය වසාදමන බවයි.

එංගලන්තයේදී හිටපු රුසියානු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය ඝාතනය කිරිමට තැත් කිරිමේ චෝදනා එල්ලවීමත් සමඟ යුරෝපය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබීය.

එංගලන්තයේ සිය රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් 23 දෙනෙකු පිටත්කර යැවීමත් සමඟ අර්බුදය තවත් උග්‍ර විය.

පසුගියදා ඇමෙරිකාව විසින්ද රුසියානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් පිරිසක් පිටත් කර යැවිමට පියවර ගෙන තිබිණි.

ඊට ප්‍රතිචාර වශයෙන් රුසියාව මෙම තීරණයට එළඹ ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවට විශේෂ ප්‍රතිලාභ සහිත වරණීය තීරුබදු සහනය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී) නැවත ලබාදෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අයවැය පනතට පසුගිය 23 වැනිදා අත්සන් තබා ඇතැයි කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය (28) කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ජී.එස්.පී සහනය පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දිනෙන් අවසන් විය.


මෙම වසර (2018) වසර මූල්‍ය කටයුතු තැබු අවස්ථාවේදී ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් රැසකට දී තිබූ එම සහනය දීර්ඝ කර නැති බව සඳහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉකුත් වසරේ දෙසැම්බර් 29 වැනිදා නිවේදනය කළේය.


කෙසේ වෙතත් මේ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හිමිවන ජී.එස්.පී සහනයේ වරප්‍රසාද හිමිවනු ඇත.

වෙසක් උත්සවය හේතුවෙන් මැයි දින සැමරුම් උත්සව මැයි මස 07 වැනිදාට යොදාගැනීමට තීරණය කර ඇත. ඒ අනුව 2018 මැයි දින සැමරුම මැයි මාසයේ 07 දා සඳුදා පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙවර වෙසක් පොහෝ දිනය අප්‍රේල් මස 29 දා හා 30 දා යෙදී තිබෙන හෙයින් මහානායක හිමිවරුන් විසින් කළ විශේෂ ඉල්ලීමක් අනුව අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වේ.

කංසා ලංකාවෙ තහනම් වෙන්නෙ 1818 වෙල්ලස්ස කැරැල්ල මර්ධනය කිරීමේ උපායක් විදිහට.. සුද්දගෙ මේ තහනම කලු සුද්දොත් දිගටම පවත්වාගෙන යනවා තාමත්.. ඒ කිසිම සොයා බැලීමක් නැතුවම. මෝඩ විදිහට..ඇත්තටම මේ ශාකය පහල වෙල්ලස්සෙ හොදට සරුවට වැවෙනවා. එදා කුරහන් ප්‍රධාන ආහාරය වූ මේ කලාපයේ කංසා නොයේක් ක්‍රමයට ආහරයට ගත්තා. බොහෝ තැන්වල තවමත් එහෙමයි.. පැරැණි මිනිසුන්ගේ කාය ශක්තිය ලිංගික ශක්තිය වගේ දේවල් වලට මේ ශාකයේ ගුනය බලපෑමක් කරන්න ඇති.. කොහොම උනත් මට හැමදාම හිතෙන දෙයක් තමයි මේ කලාපයේ පැතිරිලා තියෙන දුප්පත්කම නැතිකරන්න මේ බෝගයට හොද හැකියාවක් තියෙනවා කියන එක. මේක වානිජව වගාකරන්න මේ මිනිසුන්ට ඉඩදීමෙන් තමයි මේක කරන්න පුලුවන් . ලංකාවේ හැම කලාපයකම වී වගාව කලයුතුයි කියන මෝඩ අදහසින් අපි දැන්වත් මිදිය යුතුයි. පාඩු ගෙනදෙන වී වෙනුවට මෙවැනි බෝග සිටුවීම පිලිබදව අපි නැවත නැවතත් සිතා බැලිය යුතුයි. අද මේ බෝගය ආශ්‍රිත නිපැයුම්වලට ලෝකය පුරා තිබෙන්නෙ ඉහල ඉල්ලුමක්.... මේ කෙටි සටහන ලියන්න හිතුනේ මුහුනු පොතින් උපුටන මේ පහල සටහන සදහායි.... කංසා ගැන නැවත සිතමු..

කංසා (පිරිසිදු මරිජුවානා)
මත්ද්‍රව්‍ය අතරින් ගංජා ලෝකය තුළ ඉතා ජනප්‍රියයි. මේකට බලපාන විවිධ හේතු කරණා පවතිනවා. ලංකාව තුළ වගේම ලෝකය තුළත් ගංජා ඈත අතීතයේ සිටම මිනිසුන් විවිධ කටයුතු සඳහා භාවිතයට ගත් ඖෂධයක්.

ලංකාවේ ඖෂධයක් ලෙස වගේම මත්ද්‍රව්‍යයක් ලෙස ජනප්‍රියව පැවති ගංජා තහනමට ලක්වන්නෙ සුද්දන්ගෙ කාලේ. එතකම් අපේ මිනිස්සු කරදරයකින් තොරව ඉහත දෙවිදියටම ගංජා පාවිච්චි කරා. ඇමරිකාව එංගලන්තය වැනි රටවල පවා ගංජා නීත්‍යානුකූල කිරීම පිළිබඳ විශාල කතා බහක් ඇතිව තිබෙනවා. මේ බොහෝදෙනෙක් නගන තර්කය වන්නේ ගංජා මත්පැන්වලට වඩා ආරක්‍ෂිත මත්ද්‍රව්‍යයක් වීම සහ ශරීරයට හිතකර ද්‍රව්‍යක් වීමයි. ඉතා මෑතකදී ඇමරිකානු රජයේ සෞඛ්‍ය ආයතන කිහිපයක් එකතුවෙන් සිදුකළ පරීක්ෂණ හරහා තහවුරුවී තිබෙන්නේ වාහන පැදවීමේදී ගංජාවලට වඩා මත්පැන් තුළින් අහිතකර බලපෑමක් සිදුවන බවයි. මෙයට හේතුව පැහැදිලි කරන විශේෂඥයන් පවසන්නේ ගංජා පානය කරන්නන්ට අවධානය එක තැනක තබාගැනීමට පහසුවීම නිසා වාහන පැදවීමේදී අනතුරු මග හරවමින් ධාවනය කිරීමේ හැකියාවක් ලැබෙන නමුත් මත් පැන් පානය කිරීමෙන් පසු අවධානම් දැරීමේ ආසාව වැඩිවන හෙයින් මත්පැන් වලට වඩා ගංජා ආරක්‍ෂිත බවයි. මිට අමතරව ගංජා තුළින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ පරීක්ෂණ රැසකින් තහවුරුවී තිබෙනවා.

ශරීරයේ බර අඩු කිරීමට
ගංජා පාවිච්චි කරන්නන් සාමාන්‍යයෙන් සිහින් සිරුරැති බව අනාවරණය වී තිබෙනවා. හාවර්ඩ් විශ්ව විද්‍යාලය, Nebraska විශ්ව විද්‍යාලය සහ බෙත් ඊශ්‍රායල වෛද්‍ය මධ්‍යස්ථානය සිදුකළ පරීක්ෂණ හරහා මේ බව තවුරුව තිබෙනවා. මේකට හේතුව ගංජා තුළින් දිනකට කැලරි 600ක් පමණ දහනය කිරීමයි.

දියවැඩියාව නැති කිරීමට
ගංජා දියවැඩියාව නැසීමේ ඖෂධයක් ලෙස ක්‍රියාකරනවා. ඇමරිකානු සෞඛ්‍ය සහ පෝෂණ පරීක්ෂණ ආයතනය පවසන්නේ ගංජාවල අඩංගු tetrahydrocannabinol (THC) නම් රසායනිකය මගින් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිශතය පාලනය කරන බවයි.

ආතතිය
විවධ පරීක්ෂණ හරහා තවුරුව ඇත්තේ ගංජා නිතර පාවිච්චි කරන්නන් තුළ ආතතියේ ලක්ෂණ දක්නට නොලැබෙන බවයි.

ග්ලුකෝමා සඳහා හොඳ ඖෂධයකි
ග්ලුකෝමා රෝගයෙන් පෙලෙන්නන් ගංජා ඉරීමෙන් අන්ධවීමේ අවධානමෙන් මිදිය හැකි බව පැවසෙනවා. මීට හේතුව ඇසේ රුධිර පීඩනය පාලනය කිරීමට ගංජාවලට හැකියාවක් පැවතීමයි. ඇමරිකානු ජාතික අක්ෂි ආයතනය වසර ගණනාවකට පෙර සිදුකළ පරීක්ෂණයක් හරහා අනාවරණය වී ඇත්තේ ග්ලුකෝමා රෝගීන්ගේ රුධිර පීඩනය පාලනය කිරීමේ හැකියාවක් ගංජා සතුව පවතින බවයි.

ඒඩ්ස් සඳහා ඖෂධයක් ලෙස
මින් පෙර සඳහන් කළ ආකාරයට ගංජා තුළ අඩංගු tetrahydrocannabinol (THC) වඳුරන් තුළ ඒඩ්ස් පැතිරීම පාලනය කරන බව හෙළිව තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ මෙම රසායනිකය දිනපතා ලබාදුන් වඳුරන්ගේ සෛල ලබා නොදුන් වඳුරන්ට වඩා හොද තත්ත්වයෙන් පැවතුනු බවයි. නමුත් මේ වනතෙක් මේ පිළිබඳ මිනිසුන් යොදාගෙන පරීක්ෂණ සිදු කර නැහැ. .

පිළිකා රෝග මර්දකයක් ලෙස
2012 වර්ෂයේ සිදුකළ පරීක්ෂණයක් හරහා තහවුරුව ඇත්තේ ගංජා පිළිකා පැතිරීම පාලනය කරන බවයි. බ්‍රිතාන්‍ය තුළ ගංජා යොදාගෙන ලියුකේමියා රෝගය සුව කර තිබෙනවා. පිළිකා පිළිබඳ පරිෂණ පවත්වන Molecular Cancer Therapeutics ආයතනය මෙය තහවුරු කර තිබේ.

මිග්‍රේන් සඳහා
ගංජා තුළ තිබෙන ශරීරය සිහිල් කිරීමේ ස්වභාවය නිසා මිග්‍රේන් නිසා ඇතිවන වේදනාව පාලනය කරයි. එය විවිධ වර්ගයේ ඇස්ප්‍රීන් ඖෂධයන්ට වඩා සිය ගුණයක සහනයක් ලබාදෙන බව පැවසේ. කැලිෆෝනියා ප්‍රාන්තයේ බොහෝ වෛද්‍යවරුන් ඉරුවාරදය එහෙම නැත්තම් මිග්‍රේන් සඳහා ඖෂධයක් ලෙස ගංජා භාවිත කරයි.

නිර්මාණශිලිත්වය වර්ධනය කරයි
ගංජා නිතර භාවිත කරන්නන් තුල නිරමණශීලීත්වය සහ කතාකිරීමේ හැකියාව වර්ධනය වන බව විශේෂඥ මතයයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් කිහිප දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානයකවරයාට බාරදී තිබෙන විශ්වාස භංග යෝජනාව ගජමිතුරු සමාගමේ සැලසුම් සහගත වුවමනාව මත ආණ්ඩුවට විරුද්ධව තිබෙන ජනතා කලකිරීම මඟ හැරවීම සදහා ඉදිරිපත් කරන ලද එකක් බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳට හා දරුවන්ට විරුද්ධව එල්ලවූ චෝදනාවලදී රනිල් මහතා බොහෝ උදව් කළා. ශිරන්ති රාජපක්ෂ මහත්මිය කතානායක නිල නිවෙසට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගැනීම වැනි කරන ලද බොහෝ උදවු උපකාර වලට ප්‍රති උපකාර තමා මේ කරන්නේ. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරනවා වගේ වැඩක් මේක.

පොහොට්ටුවට ජනතාව චන්දය දුන්නේ මහින්ද අගමැති කරන්න .මහින්ද අගමැති කරන්න කියලා; සියලුම පළාත් පාලන පොහොට්ටු අපේක්ෂකයෝ ජනතාවගෙන් ඉල්ලා සිටියා. චන්දය දිනුවට පසු මහින්ද කියනවා අගමැති ධුරයට මගෙන් බාධාවක් නැහැ. රනිල්ට ඉල්ලා අස්වෙන්න අවශ්‍ය නැහැ කියලා මහින්ද කියනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මේ වනතෙක් මහින්ද එක ප්‍රතික්ෂේප කරලා නැහැ. මහින්දගේ සහයෙන් තමා රනිල් අගමති කමේ ඉන්නේ. දෙදෙනාගේ සහයෝගයෙන් එකඟත්වයෙන් තමා රනිල් දැන් ආණ්ඩුව කරගෙන යන්නේ.

ජනතාවගේ පැත්තෙන් රටේ පවතින තත්ත්වය පිළිබදව වික්ෂිප්ත තත්ත්වයක් ඇතිවුණා. ඒ අනුව ජනතාවගේ ලොකු කළකිරීමක් තියෙනවා. දැන් ඒ තත්වය සමනය කරන්න විශ්වාස භංග යෝජනාවක් කරලියට අවා. දැන් ජනතාව විශ්වාස භංගය ගැන කල්පනා කර කර ඉන්නවා.

විශ්වාස භංගය ගේන්නේ අගමැතිවරයාට එරෙහිව පමණක් නොවේ. ආණ්ඩුවට එරෙහිව තමා විශ්වාස භංග යෝජනාව බාරදෙන්නේ. දැන් ගැටළු රැසක් නිර්මාණය වෙලා. ව්‍යවස්ථාමය ගැටළු යළි මතුවෙනවා. ඒක නිසා විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරන්න බැරිවෙන එකක් බවට පත්වෙනවා. ඒක තමා මහින්දලගේ වුවමනාව.

රනිල් දිගටම අගමැතිධුරයේ තබා ගැනීම තමා ඒකාබද්ධයේ වුවමනාව. අලුත් නායකයෙකු අවොත් ජනතාව අලුත් බලාපොරොත්තු ඇති කර ගන්නවා. ඒ නායකයා ගැන විශ්වාසයක් ඇතිකර ගන්නවා. ඒ වටා පෙළ ගැසෙනවා ජනතාව.ඒක මේ රටේ දේශපාලන ගමනට බාධාවක්. රනිල් අගමැතිකමේ තියාගෙන යන ගමන ඒකාබද්ධයට හොඳයි. ඒක ඒකාබද්ධයට කල්ල මරේ. යැයි නාමල් කරුණාරත්න මහතා පවසයි.

වෙනිසුවෙලා පොලිස් මධ්‍යස්ථානයක සිරකරුවන්ගේ කැරැල්ලක් මුල්කර ගත් ගැටුමකින් හැට අට දෙනෙකු මරණයට පත් වූ බව 'වලෙන්සියා' (Valencia) අගනුවරින් වාර්තා වෙයි.

සිරකරුවන් පළා යාමේ සැලැස්මක් වශයෙන් ඇඳ මෙට්ටවලට ගිනි තබනු ලැබීමෙන් ආරම්භ වූ ගින්න නිසා බොහෝ ජීවිත විනාශ වුනා විය හැකැයි වෙනිසුවෙලා වාර්තා මගින් පැවසෙයි.

ඇතැමුන් ගින්නෙන් පිලිස්සී මරණයට පත්ව ඇති අතර, එම ගින්නත් සමග පැතිර ගිය දුමාරය නිසා හුස්ම හිරවීමෙන් තවත් බොහෝ මරණ සිදු වුනා විය හැකියයි සිරකරුවන්ගේ නෑදෑයෝ පවසති.

මරණයට පත් වූවන්ගෙන් ඇති බහුතරය රැඳවියන් වන නමුත් සිරකරුවන් බැලීමට පැමිණ සිටි කාන්තාවන් දෙදෙනකුත් මරණයට පත්ව ඇතැයි වෙනිසුලා නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

ඇඳ මෙට්ටවලට ගිනි තබනු ලැබ ගින්න පැතිර යත්ම, එක් රැඳවියකු විසින් පොලි නිලධාරියකුගේ පදයකට වෙඩි තබනු ලැබ ඇති බව වාර්තා මගින් පෙන්නුම් කෙරෙන්නේ යයි බන්ධනාගාර අධීක්ෂණය කරන වෙනිසුවෙලා සංවිධානයක් පවසයි.

 

තොරතුරු නොදෙන බව පවසමින් කෝපයට පත්ව සිටින සිරකරු ඥාතීන්
එම ගින්නත් සමඟ පොලිස් මධ්‍යස්ථානය අවට රැස්වූ කෝපයට පත් සිරකරු ඥාතීන් ඉවත් කරනු ලැබීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවක් ද වාර්තා වෙයි.

සිදු වුණේ කුමක්ද යන්න නිල මට්ටමින් තවමත් තහවුරු කරනු ලැබ නැත.

එම අපරාධය සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරන බව වෙනිසුවෙලා ආණ්ඩුව පවසයි.

bbc

බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කර පෙම්වතිය දූෂණය කිරීමේ නඩුව

මට සිහිය එන විට ඇඟ පුරාම ‍ලේ යට ඇඳුම නෑ කියා දැනගත් විට ඇඬුණා

තංගල්ල ‘ද නේචර්’ හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් මරා දමා ඔහුගේ රුසියන් ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩේ‍රා්නාට පහරදී සමූහ දූෂණයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිට සියලුම සැකකරුවන් වහාම යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඊයේ (26) නියෝග කළාය.

මෙම නඩු විභාගය ඊයේ උදේ 10.00 සිට සවස 3.00 දක්වා දවස පුරාම පැවැත් වූ අතර මියගිය කුරාම් ෂේක්ගේ රුසියන් ජාතික පෙම්වතිය වික්ටෝරියා සාක්ෂියට කැඳවා තිබුණි.
රුසියන් භාෂාවෙන් සාක්ෂි දුන් ඇයගේ සාක්ෂි සිංහලට පරිවර්තනය කරන ලද්දේ සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘ රංජන දේවමිත්ත සේනාසිංහ මහතා විසිනි.
‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතිඥ තුසිත් මුදලිගේ මහතා විසින් මෙහෙවන ලද පැමිණිල්‍ලේ සාක්ෂියට ඇය පැය ගණනාවක් එක දිගටම සාක්ෂි දුන්නාය.

වර්ෂ 2011 දෙසැම්බර් 24 දින රාත්‍රියේදී ද නේචර් හෝටලයේ පැවැති නත්තල් සාදය අතරතුරදී පිහිනුම් තටාකයෙන් ගොඩට ඒමට නොදී තමන්ට පයින් පහර දුන්නේ මෙහි පළමු විත්තිකාර ඕබඩ ආරච්චිගේ ළහිරු කැළුම් නොහොත් රවීන්ද්‍ර නම් තැනැත්තා බව ඔහු සිටි විත්ති කූඩුව ළඟට ගොස් ඔහුව පෙන්වමින් විවෘත අධිකරණයේදී ඇය හඳුනා ගත්තාය. එසේම එදින ඇය ඇඳ සිටි කළු පාට යට කලිසම නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුනි. රැවුල කැපීමට යොදා ගන්නා බ්‍ලේඩ් තලයක් සමග තිබූ කොටස් 3 ට ඉරා කපන ලද කළු පාට යට ඇඳුම තමා ප්‍රිය කරන තමාගේ යට කලිසම බව ඇය අධිකරණය ඉදිරියේ කියා සිටියාය.

තමන් 1988 වසරේ උපන් බවත්, දැනට වයස අවුරුදු 25ක් වන අතර රුසියාවේ පරිපාලන සහකාරවරියක ලෙස කටයුතු කරන බවත්, කියා සිටියාය. 
කොරියානු භාෂාව පිළිබඳ කොරියාවේදී වසර 5 ක් සරසවි අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් බව කීවාය.

ඇය තවදුරටත් මෙසේ පවසමින් පැමිණිල්‍ලේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නාය. 
“මගේ පෙම්වතා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. අපි හඳුනා ගත්තේ 2009 අගෝස්තුවල කොරියාවේදී, ඔහු රතු කුරුස සේවයේ යෙදුණු කාලයේදී අපි පෙම් කළා. සමීප සම්බන්ධයක් තිබුණා. 2011 දෙසැම්බර් 17 ලංකාවට එන්න තීරණය කළේ නිවාඩුවකට මම ආවේ රුසියාවේ ඉඳලා. කුරාම් ආවේ පලස්තීනයේ ඉඳලා ඕමානය හරහා. ඒ කාලෙ ඔහු ගාසා තීරයේ රැකියාව කළේ.

අපි සති 3ක් තංගල්ලෙ හෝටලයේ ඉඳලා යන්නයි ආවේ. 17 දින අපි හෝටලයට ආවා. එහි කළමනාකාරිනිය ඇතුළු පිරිස අපිට හොඳින් සංග්‍රහ කළා. ආගන්තුක සත්කාර කළා. මීට කලින් 2011 පෙබරවාරි අපි ලංකාවට ඇවිත් නුවර, යාපනයේ සංචාරය කරලා සති 2 ක් ඉඳලා ගියා. එවර හිටියේ මිරිස්ස බිච් නමැති නිකේතනයක. මෙවර තංගල්‍ලේදී අපි සතුටින් හිටියා. අපි හුඟක් ප්‍රේමයෙන් හිටියේ. 2012 වසරේ විවාහ වෙන්න දරුවෝ හදාගන්න වගේ හුඟක් බලා‍පොරොත්තු තිබුණා. තංගල්ල හෝටලයේදී අපි මූදේ නෑවේ නෑ රළ පහර සැර හින්දා. අපි අඹු සැමියන් ලෙස හැසිරුණා. අවසාන වරට 2011 දෙසැම්බර් 23 දින රාත්‍රියේදී දෙසැම්බර් 25 දින නත්තල් සාදයක් සංවිධානය කරලා තිබුණා. ඒකට මේ හෝටලයට ආසන්න හෝටල්වල සිටි විදේශීය සංචාරකයින්ටත්, දේශීය සංචාරකයින්ටත් ආරාධනා කරලා තිබුණා. දෙසැම්බර් 24 දා දවල් මමයි කුරාම් දෙන්නම නත්තල් ගහ සැරසුවා. අපි රෑ 8.30 විතර සාදයට ආවේ. එතකොට 40 ක් විතර පැමිණ හිටියා. සාදයට මම ඇඳගෙන ආවේ කොළපාට ගවුමකුයි, පාට සෙරෙප්පු දෙකකුයි.

මට ඉංග්‍රීසි භාෂාවෙන් කියන දේ අවබෝධ කරගන්න පුළුවන්. යම් යම් දේවල් ප්‍රකාශ කළ හැකියි. ඒත් විශිෂ්ට දැනුමක් නැහැ.

නත්තල් සාදය වෙලාවේදී ගිනි මැලයක් දල්වන්න එහි සේවකයෝ හුඟාක් උත්සාහ කළා. ඒත් මුලදී දැල්වුණේ නැහැ. ගිනි මැලය දැල්වුණේ පහුවෙලා. බුෆේ ක්‍රමයට සැකසුණු රාත්‍රී ආහාරය අරන් අපි සාදයට එක් වුණා. මම කුරාම් එක්ක මත්පැන් පානය කළා. වොඩ්කා සමග රෙඩ්බුල් තමයි අපි ගත්තේ. ඊට පස්සේ කුරාම් බාර් එකේ කෙනෙක් එක්ක කතා කරමින් හිටි නිසා මම ගිනි මැලය ළඟට ගියා. ඉන් පස්සේ මම වෙරළට ගිහින් ඉක්මනින් කුරාම් හිටිය තැනට ආවා.
මම වෙරළ ළඟට ගියා කියලා කවුරු හරි කුරාම්ට කියලා තිබුණා. කුරාම් තරහින් හිටියේ. මා එක්ක කතා කළේ නැහැ. මට හරියට දුක හිතුණා. මට ඇඬුණා. මම නැවත මුහුද ඔබ්බට ගිහින් වැල්‍ලේ බිම වාඩිවෙලා හොඳටම ඇඬුවා. ඊට පස්සේ හෝටලය පැත්තේ ඉඳලා ආව ලංකාවෙ පිරිමියෙක් මගෙන් ඇහුවා ‘ Why are you crying’ ඉංග්‍රීසියෙන්. ඔහු සුදුපාට කමිසයක් හැඳගත් කැරලි ගැසුණු කොණ්ඩයක් තියන කෙනෙක්. මට බය හිතුණා. මම නැගිටලා හෝටලය පැත්තට දිව්වා. මට පිහිනුම් තටාකය ළඟට පමණයි යන්න ලැබුණේ. එතනදී මා ප්‍රහාරයකට ලක්වුණා. පිරිමි කීපදෙනෙක්ම අතින් පයින් මට පහර දුන්නා. ඔළුවටත් ගැහුවා. මම දෑතින් ඔළුව බදා ගත්තා. දිගටම මට පහර දුන් නිසා මාව බිම ඇදගෙන වැටුණා. ඊට පස්සෙත් මට පයින් පහරදීලා පිහිනුම් තටාකයට මාව විසි කළා. මම පිහිනුම් තටාකයෙන් ගොඩ එන්න හදද්දී කළු මූණක් තියෙන ලංකාවෙ කෙනෙක් සෙරෙප්පු දැමූ කකුලකින් මට ඔළුවට ගැහුවා. නැවතත් මාව පිහිනුම් තටාකයට වැටුණා. පිහිනුම් තටාකයේ වෙනත් පැත්තකින් මම ගොඩට පැනලා කෑ ගසමින් කුරාම්ව සෙව්වා. එතකොට වෙලාව රාත්‍රී 11.00 විතර ඇති.

මට පහර දුන් කෙනා මට හඳුනා ගන්න පුළුවන්. ඔහු සාදයේදී ගෑනු ළමයෙක් සමග අශෝභන ලෙස හැසිරුණා. ඇඳලා හිටියේ ලා නිල් පාට ෂර්ට් එකක්.
කුරාම් පිහිනුම් තටාකයට එහායින් බිම වැටිලා හිටියා. ඔහුට සිහිය තිබුණේ නෑ. මුහුණේ කැපුම් තුවාල තිබුණා. මම ඔහුගේ නම කියා කෑ ගැහුවා. ඔහු ප්‍රතිචාර දැක්වූයේ නෑ. මම ඔහුට කෘත්‍රිම ශ්වසනය දුන්නා. ඒත් හරි ගියේ නෑ. මම කෑ ගැහුවා. ඒත් කවුරුත් ආවේ නෑ. ඊට පස්සෙ මම හිතන්නෙ මට සිහි නැති වුණා. මම පුදුම විදිහට කම්පනයට හා පීඩාවට පත්වෙලා හිටියේ. මට සිහිය ආවේ රෝහලට ගෙනියන අතරමගදී. මට හිස කැක්කුම හා වමනය දැනුණා. මාව මාතර රෝහලට අරන් ගියේ. මට කාගේ හෝ ටී ෂර්ට් අන්දවලා තිබුණා. ගවුම ඉන දක්වා පහළට හෙලා තිබුණා. ඇඟ පුරාම ‍ලේ තැවරිලා නිසා ඇඳුම් ගලවලා වෙන ඇඳුම් ඇන්දුවා. ඒ වෙලාවෙයි මම දැන ගත්තේ යට ඇඳුම් නෑ කියලා. මට ඇඬුණා. 
මගේ ඇඟ හා මූණ ඉදිමිලා තිබුණා. ශරීරය පුරාම දැඩි වේදනාවක් වගේම ලිංගාශ්‍රිත ප්‍රදේශයේත් දැඩි වේදනාවක් දැනුණා. කරාපිටිය රෝහලින් මාව ශල්‍යකර්මයකට භාජනය කළා. ඉන්පසු කොළඹ ලංකා රෝහලට ගෙනිච්චා. එහිදී තමයි මා දැනගත්තේ කුරාම්ව මරා දාලා කියලා. එතෙක් හැමෝම මගෙන් එය හැංගුවා. 2012 ජනවාරි 05 දා මාව තංගල්ල අධිකරණයට අරන් ගියා. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී මට පහර දුන් කෙනා දුටු විටම හඳුනා ගත්තා. ඒත් මම ඒ බව නොකීවෙ මගේ ජීවිත ආරක්ෂාව ගැන හිතලා. මගේ ආරක්ෂාව ගැනවත් විශ්වාසයක් තිබුණේ නෑ. මට උවමනා වුණේ ඉක්මනින් රුසියාවට යන්න.

මේ නඩුවට සහභාගි වෙන්න තානාපති කාර්යාලය හරහා මට දැනුම් දුන්නා. මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මට ඉහළම ආරක්ෂාව සපයනවා. ඒ නිසා මගේ ආරක්ෂාව ගැන චකිතයක් නැහැ. මම රුසියාවෙ ගිහින් එහෙ ශල්‍ය වෛද්‍යවරයෙක්ගෙන් ස්නායු වෛද්‍යවරයෙකුගෙන්, මානසික ස්නායු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. මට ගැඹුරු විශාදිය නමැති රෝගයක් හටගෙන තියන බව වෛද්‍යවරු කියනවා. දැනටමත් මා ඖෂධ බොහොමයක් පාවිච්චි කරනවා.
ඊට පස්සේ විවාහයක් ගැන මම හිතුවෙ නෑ. කුරාම් මට හිටි සමීපතම ආදරවන්තයා. ඔහුගේ තැනට වෙන කෙනකු ආදේශ කර ගැනීමට අපහසුයි“
අද (27) විත්තියේ හරස් ප්‍රශ්නවලට වික්ටෝරියා සාක්ෂි දීමට නියමිතය. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විජේසිරි අඹවත්ත, ලිලාන් අමරකෝන්, ගාමිණි ඉලංගසිංහ, සජිත් සේනානායක යන නීතිඥවරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටිති.

මෙම නඩු විභාගය අද 27 හා හෙට 28 දවස පුරාම විභාගයට නියමිතය. මෙම නඩුවේ ප්‍රධාන සැකකාර තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්පවිදානපතිරණ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඕබඩ ආරච්චිගේ ළහිරු කැළුම්, උඩුවනගේ සමන් දේශප්‍රිය, වීරප්පුලිගේ ප්‍රගීත් චතුරංග, මොහොට්ටිගේ සරත් නොහොත් සහන් සරණ ආරච්චි, පටබැඳිගේ චානුක චතුරංග යන සැකකරුවන් රුසියන් කාන්තාවගේ සාක්ෂි අවසන් වනතුරුම යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

නිශානි හේරත් බන්නැහැක

රයිගම් සම්මාන උළෙල හෝ එකී සම්මානය කෙතරම් වටිනා කමක් සහිත වේ දැයි හෝ රයිගම් සම්මාන වැනි සම්මාන උළෙල වල් ම මේ ගඳ ගහන සමාජ ක්‍රමයේම තවත් එක් මාකටින් ව්‍යාපෘතියක්ය.
එහෙත් අප කැමති වුවත් අකමැති වුවත් අපට මේ ආකෘතියේ ජීවත් වන්නේනම්, මේ ක්‍රමයේ නොයෙක් කොටස්, නොයෙක් මොහොතවල් සමඟ එකතු වන්නට සිදු වීම වැලක්විය හැක්කක් නොවේ. එහි  එකිනෙකාගේ  විනාශ  වීමේ  සීමාව  තීරණය  කරනු  ලබන්නේ  ඔවුනොවුන්ගේ  ජීවන  පැවැත්මේ  සත්‍යවාදී  බව  අනුවය.

කුඹියෝ, සහෝදරයා විකාශනය කල යුතු වන්නේ  කුමක් හෝ ලංකාවේ රුපවාහිණී නාලිකාවක් තුලය. ලංකාවේ සියළුම නාලිකා වලට දේශපාලනයක් සහිතය. ඒ අනුව රාජ්‍ය ය නාලිකාවකටද දේශපාලනයක් සහිතය.

එනිසාවෙන්ම සහෝදරයා , කුඹියෝ විකාශනය කිරීමේ දේශපාලනය විග්‍රහ කිරීමට අවශ්‍ය තාවයක්ද නැත. එය වංකද, අවංකද විග්‍රහ කිරීමටද අවශ්‍යය තාවයක් නැත.

ඒ වෙනුවෙන් පාර කපා දෙනු ලැබුවේ කැටපේ ද, රුවන් ද , මංගලද නැතිනම් වෙනත් අයෙක් දැයි සෙවීමට හෝ ඔවුන්ගේ දේශපාලනය විග්‍රහ කිරීමට යාමට ද අවශ්‍ය තාවයක් නැත.

ඔවුන් ගැන හෝ තුමිඳු ගැන හෝ ලක්මාල් ගැන හෝ නාමල් ගැන හෝ ලිට්මස් පරීක්ෂා කිරීමට හෝ විචාර දීමට පෙරවසර ගණනක් විකාශනය කිරීමට තබා නරඹන්නටවත් කිසිඳු බලධාරියෙක් ගේ අවධානයවත් යොමු නොවූ කුඹියෝ, සහෝදරයා විකාශනය කිරීමට අවස්ථාව ලැබීම සරල ම භාෂාවෙන්

මරුය..

 lakmal

කුඹියෝ තුම්ඳුගේ වචනයෙන්ම, මේ සිස්ටම් එක හොඳටම අවුල්.. මම කලේ ප්‍රතිවීරයාගේ චරිතයක්. ඒ ප්‍රතිවීරයාව වීරයෙක් විදියට ගන්න තරම් මේ සිස්ටම් එක අවුල්...

 එපමණක් නොව තුම්ඳු ඇමති කෙනෙක් ඉන්න වෙලේක වුනත් කියන්න ඕනි.. මේ සම්මානය මේ ජරාජීර්ණ ගඳ ගහණ සමාජ ක්‍රමය අවුල් බව ප්‍රකාශ කරන සම්මානයක් බව ප්‍රකාශය ගැන,  ලිට්මස් පරීක්‍ෂණ, කරන  විට   විචාර විවේචන  ලබා   දෙන  විට නැවත මහරජු වැඩිය යුතු බව දනින් වැටී අරාධනා කරන, කලා පරපුර ද ඊට පසු දිනම දැක ගත හැකි විය.

අප පසු කරමින් සිටියේ මහරජුන් ට ආයුබෝ වේවා කියන වැඳ වැටෙන වහල් කලා කරුවාගේ යුගයක්ය. එය  අදටත් එසේය. 

 

තුම්ඳු ජනප්‍රියම නළුවා වන්නේ කසී සේත් තුම්ඳු කියන අර්ථයෙන් ක්‍රම විරෝධයකින් හෝ ජරාජීර්ණ ගඳ ගහණ සමාජ ක්‍රමය අවුල් නිසා යන අවබෝධයෙන් නොවේ.

තුම්ඳු ජනප්‍රියම නළුවා වන්නේ ජන මනසේ ජෙහාන් කෙනෙක් වී සිටීමේ තෘප්තිය සහ ජෙහාන් කෙනෙක් වීමේ ආශාව විසින්ය.

එය ලක්මාල් ද තුම්ඳු ද හොදින් දනී. එනිසාවෙන්ම ඔවුන්   එය අනිත් පැත්තට පෙරළන්නට කරන උත්සහාය , 


මේ සිස්ටම් එක හොඳටම අවුල්.. මම කලේ ප්‍රතිවීරයාගේ චරිතයක්. ඒ ප්‍රතිවීරයාව වීරයෙක් විදියට ගන්න තරම් මේ සිස්ටම් එක අවුල්...
මේ සම්මානය මේ ජරාජීර්ණ ගඳ ගහණ සමාජ ක්‍රමය අවුල් බව ප්‍රකාශ කරන සම්මානයක්.

ලක්මාල්, තුමිඳු.... මේ යුගයට, මේ මොහොතට සාපේක්ෂව තවමත්... ඉතා සරලවම මරුය.. තවමත් එය  ප්‍රගතිශීලීය.

Ads Banners

Sign up via our free email subscription service to receive notifications when new information is available.