17
Sun, Dec

ගෙන එනු ලබන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවකට විරැුද්ද වීමේ අයිතියක් කිසිදු භික්‍ෂුන් වහන්සේ නමකට නැතැයි කථිකාචාර්ය, පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

ආණ්ඩුව බලයට පත් කිරීම සදහා ඡුන්දය දුන් හැට දෙලක්‍ෂයක ජනතාවක් කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස බවද අන් වහන්සේ කියා සිටිති.

හැට දෙලක්‍ෂය ඇතුලතට මහා සංඝ රත්නයත් සිටිනා බවත් සදහන් කරන අමිල හිමියෝ උන් වහන්සේලාද සිටින්නේ ව්‍යවස්තාවට පක්‍ෂ ජනවරම ඇතුලත බවද පෙන්වා දෙති.

ව්‍යවස්ථා යෝජනාවට එරෙහිවන්නට මන්ත්‍රීවරු 76ක් නැති පාර්ලිමේන්තුවට බෝම්බයක් එල්ලකර සියල්ල අවසන් කළ යුතු බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු බවට එම පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක පවසයි.

එම අදහස පක්ෂයේ මතය නොවන බවත් එය මන්ත්‍රීවරයාගේ පෞද්ගලික අදහසක් බවත් ජාතික නිදහස් පෙරමුණේ බව අද(25) ගම්පහ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික සංවිධායකවරයා අවධාරනය කළේය. පක්ෂ නායකයා විසින් සිදුකර ඇත්තේ වැරදි ප්‍රකාශයක් බවත් මේ තුළින් රටේ පවතින සාමකාමී වාතාවරණයට ගැටළුවක් ඇති වන බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වු විගස මේ ප්‍රකාශය පිළිබද ප්‍රශ්නය සාකච්ඡාවට ගන්නා බවද ඔහු කියා සිටී.

කිසිදෙයක් ගැන සුවිශේෂී හැදෑරීමක් නොතිබුනාට ලංකාවේ පූජ්‍යය පක්ෂයට ( කාදිනල් ගේ සිට මහානායක හිමිවරු දක්වා ) රටේ දේවල් සම්බන්ධයෙන් බලපෑම් කලහැකි ප්‍රමානය එක අතකට විහිලු සහගතය . කොතරම් ගොබ්බ , පසුගාමී, ද්වේශ සහගත ප්‍රකාශයක් කරත් කිසිවෙකුට එය ප්‍රශ්න කරන්නට අවසරයක් නැත. කිසිවකු ප්‍රශ්න කරතොත් සිව්රේ හෝ ලෝගුවේ බලය භාවිතා කොට එසේ කරනා අය දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගසනු ඇත.


එවන් පසුබිමක් තුල , නායක හිමිවරැ රටට ව්‍යවස්ථාවක් අවශ්‍යය නැති බවට තීන්දු දෙන්නේත් abortion සම්බන්ධයෙන් කාදිනල් තීන්දු දෙන්නෙත් ඒ කාරණා දෙක ගැනම රට තුල ඇති විශාල සංවාදය සතයකට මායිම් නොකොටය. 


සිව්ර අදින විදියේ සිට උඩරට - පහතරට, උසස් කුල -පහත් කුල , නිකායන් ආදී ලේස “බෙදුනු “ භික්ෂු ප්‍රජාව “ නොබෙදුන “ රටක් ඉල්ලයි. කෙසේ හෝ මේ වෙද්දී ඒකීය රාජ්‍යයක් යන බෝඩ් ලෑල්ල කලකට පසු නැවතත් රටේ බලවත් භික්ෂු පාර්ෂව කිහිපයක් විසින් දූවිලි පිස දමා එලියට ගෙන ඇත. “ ඒකීය භික්ෂු ප්‍රජාවක් “ යන සංකල්පයට , එනම් අඩුතරමේ බුදු දහමේ මූලික පදනමක් වන සමානාත්මතාවය රකින භික්ෂු ප්‍රජාවක් වත් සෑදීමට සූදානම් නැති, පහත් යැයි සම්මත කුලවල අයව උපසම්පදා කරවීමට විරුද්ධ , ඔවුනට නායක පදවි දෙනවාට විරුද්ධ භික්ෂු ප්‍රජාව ‘ ඒකීය රාජ්‍යයක්“ ඉල්ලයි . 


සංඝ සමාජයම නොයෙක් ආකාරයට විභේදනය කරගත් මොවුන් අනෙක් අතට සමාජයේ විභේදනයන් ඉවසනවා පමනක් නොව තව තව විභේදනයන් ඇති කරමින් සිටී. මේ සියල්ල කරන ගමන් උපාසක අම්මලාට වසල සූත්‍රයේ සමාජ සමානාත්මතාවය පිලිබද මූලධර්ම ගැනද දෙසති .
බුදුන් වහන්සේ සමූහාණ්ඩුවාදී අදහස් වලට ගරු කලේ යැයි පැවසෙතත් ලංකාවේ සංඝ සමාජය ඒ මත පදනම් වූ දේශපාලන චින්තනයක් වර්ධනය කරේද කරන්නේද නැත. ඒ වෙනුවට, විසි එක්වන සියවසේදීත් ඔවුන් රජෙකු ඉල්ලමින් හඩා වැටේ. සංඝ සමාජයේ සිටින මේ හාමු පැලැන්තිය වරෙක රාජපක්ෂවාදය වෙනුවෙන්ද වරෙක ආණ්ඩුව වෙනුවෙන්ද පෙනී සිටියත් මොවුන් සැබවින්ම පෙනී සිටින්නේ ‘‘ බෙන්ස්වාදය “ වෙනුවෙන් බව රහසක් නොවේ. අනෙක් අතට සංඝ සමාජයේ සිටින ‘‘ රස්තියදුකාර පැලැන්තිය ( ඤානසාර ගේ සිට සරණාගතයින්ට ගල් ගැසූ අයිඩී කාඩ් දෙකක් ඇති අරමිබේපොල හිමි දක්වා) සම්බන්ධයෙන් මේ ගෞරවනීය හාමු පැලැන්තිය දක්වන ප්‍රතිචාරයද නිහඩ අනුමත කිරීමකි. 
කෙසේ හෝ මේ වෙද්දී අධිකාරවාදී ධුරාවලීගත ව්‍යුහයක් තුලට පිරිහී ඇති මේ සියල්ලම පෙනී නොසිටිනුයේ බුදු දහමේ මූලික හරයන් වෙනුවෙන් පමනි . 
එහෙත් ජනතාවට මේ කිසිදෙයක් ප්‍රශ්නයක් වී නැත. පාර්ලිමන්ට් එක තක්කඩින්ගෙන් පිරී යාම ගැටලුවක් නොවන ජනතාවට පන්සල් ,පල්ලි තක්කඩින් ගෙන් පිරීයාම ද ගැටලුවක් නොවේ

නිදහසේ  සුළඟ 

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වැරදි ලෙස භාවිතා කරමින් ෆේස්බුක් ඇතුළු වෙබ් අඩවි මඟින් රට පිළිබඳව වැරදි චිත්‍රයක් ලෝකය හමුවේ මවා පා ඇති බවත් එහෙත් එම තත්වයට වඩා රටේ සැබෑ තත්වය ඉදුරාම වෙනස් බවත්  කටාර්හි සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ එරට ශ්‍රී ලාංකිකයන් හමු වූ අවස්ථාවේ පැවැති සුහද හමුවකිදීය.
ශ්‍රී ලංකාව දෙකඩ කරන බවටත් බුද්ධශාසනයට හිමි තැන අහිමිකරන බවටත් ෆේස්බුක් ඇතුළු වෙබ් අඩවි මඟින් ගෙනයන ප්‍රචාරය මුළුමනින් අසත්‍යයක් බවත් එය වෙනයම් අරමුණක් මුල්කොට සිදුකරන ලද්දක් බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.


වත්මන් රජය ජනතාවගේ අභිවෘද්ධිය තකා තොරතුරු තාක්ෂණය දියුණු කිරීමට කටයුතු කරන අතරේ ඇතැම් පිරිස් එම තාක්ෂණයම භාවිතා කරමින් රටේ ගෞරවය කෙලෙසීමට උත්සාහ කරන බව කී ජනාධිපතිවරයා එම තත්වය වටහා ගෙන බොරු ප්‍රචාරවලට නොරැවටී ආණ්ඩුව හා තමන් පිළිබඳව විශ්වාස කර කටයුතු කරන මෙන් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.


රට දෙකඩකිරීම ජාතීන් අතර බේද ඇතිකිරීම වෙනුවට  සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි වාතාවරණයක් සකස් කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදි ද මුළුමනින්ම ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රමයක් අනුගමනය කරන බව අවධානය කළේය.
කටාර්හි විවිධ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

බලපිටිය මහේස්‍රත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින් නීතිඥ උදුල් ප්‍රේමරත්නට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කරන ලෙස දැනුම් දී ඇතැයි වාර්තාවේ. ඒ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අම්ලන්ගොඩ සුප්‍රකට ව්‍යාපාරික ප්‍රේමසිරි ඇහළඹගේ ගේ ඝාතනයේ සැකකරුවන් වෙනුවනේ පෙනී සිටීම පිළිබද ගැටළුවක් අරඹයාය. එම ඝාතනයේ සැකකරුවෙකු පොලීසිය සහ මහේස්ත්‍රාත් එක්වී ඝාතනය කිරීම පිළිබද සති අන්ත පුවත්පතකට අනාවරණයක් කර තිබුනි. උදුල් ප්‍රේමරත්න මහතා එකී සැකකරුවවෙනුවෙන් උසාවියේ කරුණු ඉදිරිපත් කිරීමේදී මතු ව ගැටලුවක් පිළිබද ව මේ අයුරින් මහේස්ත්‍රාත්වරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල කිරීමට නියෝග කොට තිබුණි.

ඉහත කී සති අන්ත පුවත්පතේ අනාවරණය මගින් එවකට අම්බලන්ගොඩ මූලික පොලිස් පරීක්ෂකවරයා වු මහින්ද විල්ලෝර ආරච්චි විසින් මෙම ඝාතනයේ සැකකරුවෙකු වූ දසුන් මානවඩු නැමැත්තා නිල වශයෙන් විමර්ශන කටයුතු වලදී අනාවරණය වූ බව අධිකරණයට වාර්තා නොකර සිටිමින් සහ ඔහුව නිළ වශයෙන් නඩුවේ සැකකරුවෙකු ලෙස නම් නොකොට නීත්‍යානුකූල නොවන ආකරයට ප්‍රේමසිරි හැලඹගේ පාර්ශවයට අවශ්‍ය ලෙස ඝාතනය කිරීමට පුවත් පත මගින් අනාවරණය කොට තිබිනි. එසේම සි.සී.ටී.වී කැමරාවල හා අනෙකුත් සැක කරුවන්ගේ කටඋත්තරවල පේමසිරි හැළඹගේ ඝාතනයට ඉහත කී සැකකරු සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂ්‍ය තිබුනත් වසරක් යන තුරු මහින්ද විල්ලෝරාච්චි විසින් නඩුවෙහි ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකිරීම පිළිබද පුවත්පත මගින් බරපතල ලෙස ප්‍රශ්න කර තිබුනි.
එසේම ඉහත කි දසුන් මානවඩු නැමැත්තා වෙනත් නඩුවක ඇප අවලංගු වී මේ කාල සීමාව තුළ බන්ධනාගාර ගතව සිට ඇති අතර ඉහත කී මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් පොලීසියේ නියෝජිතයෙකු හොර රහසේම දසුන් මානවඩු වෙනුවෙන් ඇප තැබීමට යොදවා ඔහු බන්ධනාගාරයෙන් එළියට ගැනීමට උත්සාහ කොට තිබේ. මෙහිදී දසුන් මානවඩුගේ නීතිඥවරුන් විසින් ඉහත කී බලපිටිය මහේස්ත්‍රාත්වරියට මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින් මේ අයුරින් දසුන් හෝ ඔහුගේ පවුලේ අය කිසිවෙකු දසුන්ට ඇප තැබීමට ඉදිරිපත් කොට නොමැති බවත් නොදන්න පුද්ගලයෙකු දසුන් වෙනුවෙන් ඇප තබා ඇති බවත් එමගින් දසුන්ට ජීවිත තර්ජනයක් ඇති විය හැකි බවත් දිවුරුම් පෙත්සමක් ද සමගින් ඉදිරිපත් කළද, මහේස්ත්‍රාත්වරිය විසින් නීති විරෝධී ලෙස හා පුදුම සහගත ලෙස ” කවුරු හෝ ඇප තියෙනවා නම් හොදයිනේ ” යනුවෙන් පවසමින් එම සැකකරුගෙ බිරිදගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබේ…

මේ පිළිබද අදහස් දක්වන නීතිඥයින් පවසන්නේ යම් සැකකුරුවෙකු යම් තැනැත්තෙකුට ඇප තබන්නේ නම් එම ඇපකරුවාගේ මූලික කාර්යය භාර්ය විය යුත්තේ නැවත එම සැකකරුව අවශ්‍ය අවස්ථාවකදී උසාවියට ඉදිරිපත් කිරීම බවත් ඒ සදහා අනිවාර්යෙන්ම ඇප තබන තැනැත්තා සැකකරුව හොදින්ම අදුනන ඔහු පිළිබද වගකීම් භාරගත හැකි තැනැත්තෙකු විය යුතු බවයි. බරපතල මිනී මැරුම් ගණනාවක සැකකරුවෙකු වෙනුවෙන් ඔහුත් නොදන්නා අයෙකු ස්වේච්ඡාවෙන් ඇප තැබීමක් කරන්නේ නම් එම තැනැත්තා සිහි විකල තැනැත්තෙක් විය යුතුය. මෙහිදී දසුන් මානවඩු වෙනුවෙන් ඔහු නොදන්නා තැනැත්තෙකු ඇප තබා ඇති බව සහ එමගින් ඔහුගේ ජීවිතය තර්ජනයක් ඇති බව මෝසමක් ඉදිරිපත් කොට ප්‍රකාශ කළ විට අපක්ෂපාතී මහේස්ත්‍රාත්වරයෙකු නම් සිදු කළ යුතු වන්නේ වහාම ඒ අයුරින් එම සැකකරුට ඇප තැබීමට කටයුතු කළ තැනැත්තා කවරෙකුද යන්න සොයා බැලීමට විමර්ශනයක් සිදු කිරීමයි .

එසේම දසුන් මානවඩු තමුන්ට ඇප තබා පිටව යාම අවශ්‍ය නොවන බව ඉහත කී අයුරින් ප්‍රකාශ කරද්දී ඔහු බලහත් කාරයෙන් බලපිටිය මහේස්ත්‍රාත් උසාවියට ගෙනා පසු ඉහත කී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් විශාල ගණනාවක් අම්බලන්ගොඩ උසාවි භුමිය තුළ රැදෙමින් එදින රාත්‍රී – 7.‍50 වන තුරු රාජකාරී වෙලාව ඉක්මන වී පැය 4ට වඩා වැඩි කාලයක් තුළ උසාවියේ රැදෙමින් නොදන්නා කෙනෙකු තැබූ ඇපයට අත්සන් කිරීමට බලකොට පිටතට ගැනීමට උත්සාහ කොට තිබේ.. මේ අනුව මීට පෙර දින ඇප තබා ඇති රමේෂ් නැමැති පුද්ගලයා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ නියෝජිතයෙකු බව දසුන් මානවඩුගේ පවුලේ අය පවසයි. එසේම ඉහත කී රජින්ද්‍රා ජයසූරිය නැමැති බලපිටිය මහේසත්‍රාතවරියද දසුන්ගේ නිතීඥවරු ඉල්ලීමට අවඥාවෙන් බැහැර කරමින් තමන් විසින් බන්ධනාගාරගත කරන ලද සැකකරු පිළිබද තමන්ට ඇති වගකීම බරපතල ලෙස උල්ලංඝණය කොට ඇති බව නීතිවේදියෝ වැඩදුරටත් පවසති.

නිතිඥ උදුල් ප්‍රේමරත්න මහතා 2017.10 .17 දින ඉහත කී බලපිටිය මහේස්ත්‍රාත්වරිය හමුවේ කරුණු දක්වා ඇත්තේ මේ අයුරින් සැකකරු පිළිබද නීත්‍යණුකූල ලෙස පොලීසිය කටයුතු නොකොට නීත්‍යානුකූල නොව ලෙස ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසිය උත්සාහ දරණ බව පෙනී යන බවයි. එසේම වසරක් ප්‍රමාද වී හෝ මෙම පොලීසියේ හැසිරීම පිළිබද සොයා බලන ලෙස නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී කෝපයට පත් විනිසුරුවරිය ඔහුගේ කරුනු දැක්වීම විනාඩි 05කට සීමා කරන ලෙස පවසා තිබේ. ඒ අයුරින් සැක කරුගේ අයිතිවාසිවාසිකම් වෙනුවෙන් කරුණු දැක්වීමට සීමා කළ හැකිද යන්න උදුල් ප්‍රේමරත්න විමසා සිටි අවස්ථාවේදී අධිකරණයේ ගෞරවයට හානි කරනු ලදැයි චෝදනා කරමින් විනිසුරුවරිය කෝපයෙන් යුතුව අධිකරණයේදී හඩ ගා ඇති අතර නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන ලෙස අධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියෝග කොට තිබේ.

lankatarget.com

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ලබා දුන් විසඳුම් වලින් සෑහීමකට පත් විය නොහැකි බව පවසමින් අද (20 ) උදෑසන සිට යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් එක්ව 25 වනදා දක්වා පංති වර්ජනයක නිරතව සිටින බව වාර්ථා වේ.

අද උදෑසනයාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් රැස්වීමක් කැඳවා ඊයේ (19) දිනයේදී දේශපාලන සිරකරුවන් පිළිබඳව ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ තොරතුරු පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර අවසානයේදී සිසුන් තීරණය කොට ඇත්තේ අදාල විසඳුම් පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බැවින් සරසවියේ සියලුම සිසුන් පංති වර්ජනයක නිරත වන බවයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති "වියත් මඟ" නම් වූ උත්සව සභාවකදී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. 88-89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් "දේශද්‍රෝහීන්ට මරණය" යන ලේබලය ගසා එය කළ යුතු බවත් එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත් ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

එවැනි අතිශය බියකරු ප්‍රකාශයක් සිදුකර ඇත්තේ මේ රටේ හැටතුන් ලක්‍ෂයක ජනතාවක් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බව 2015 දී ජයග්‍රාහී ලෙසම සහතික කොට තිබියදීය. ජනතාවාදී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදීය.

ප්‍රධාන නායකයන් දෙපළම රටේත් ලෝකයේත් විශ්වාසය දිනා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසා ගත නොහැකිව ප්‍රජාතන්ත්‍රවාදය නොඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවල ඇසෙන විවිධ ප්‍රකාශයන් දෙස බැලූ විට පැහැදිලිව තේරුම් ගත හැකිය. ජනතාවාදී වැසිකිළි කටවල්වලින් නිකුත් කෙරෙන එවැනි අසූචි ප්‍රකාශවලට පිළිතුරු ලබා නොදිය යුතු තරම්ය. නමුත් මළ මිනී මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩු බිරුම්වලට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිව යුතුය.

ගෝඨාභය රාජපක්‍ෂගේ ඉදිරි දේශපාලන අරමුණ සපුරා ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් වියත්මඟ ව්‍යාපාරය ආරම්භ කළ මුල් දිනවලදී මා ප්‍රකාශ කර සිටියේ එය රටට විපත් මඟ කැඳවන්නට දරන උත්සාහයක් බවද එය ඔවුන් විසින්ම දැන් රට හමුවේ ප්‍රසිද්ධියේ සනාථ කර ඇත.

සුදු වෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්‍ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහිනය තවම නිමා වී නැති බව ඔහු වෙනුවෙන් අටවාගෙන ඇති මෙවැනි ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්‍රකාශ හමුවේ යළි යළිත් හෙළිදරව් වෙමින් ඇත.

ජාතිවාදී සාහසිකයකු ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින සරත් වීරසේකර නමැත්තා ද නව ව්‍යවස්ථාවට පක්‍ෂ වූවන් මරා දැමිය යුතු බව පවසා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂගේ සුවච කීකරු ප්‍රකාශකයා වෙමිනි.

ජාතිවාදී තක්කඩිකම සිය දේශපාලන උපායමාර්ගය කරගත් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ද ව්‍යවස්ථාව සම්මත කරගත නොහැකිවන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට ප්‍රකාශයක් කර තිබේ. ඔහු එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිය මස්සිනාගේ ආදර්ශය අනුව යමින් 88-89 යුගය නැවත මේ සමාජයට සිහිගන්වන්නට උත්සාහ කරයි.

රාජ්‍ය බලය නොමැති සිවිල් වේදිකාවක සිට මෙවැනි ප්‍රකාශ කළ හැකි නම් රාජ්‍ය බලය සහිතව නිල ආයතන තුළ සිට මොන තරම් අපරාධ කරන්නට ඇත්දැයි සිහිබුද්ධිය ඇති පුරවැසියන්ට අනුමාන කළ හැකිය. එපමණක් නොව මෙම තත්ත්වය තුළ නව ව්‍යවස්ථාවට පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදයට ළැදි බුද්ධිමත් පුරවැසියන්ගේ ජීවිත අවදානමක අනතුරක් මතු කරයි.

කැලය මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වී නැහැ. සුදු වෑන්වලින් පැමිණ සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ රහසිගත ඝාතක කල්ලි ක්‍රියාත්මක වූ රාජපක්‍ෂ යුගය මේ රටේ මිනිසුන්ට තවමත් අමතක වී නැත.

ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමටත්, සංවර්ධනයේ දිශානතිය ගොඩනැඟීමේ කාර්ය වියරු බලලෝභී කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බවත් ප්‍රකාශ කර සිටිමු. එසේම අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියලු බලවේග සමඟ අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බව ප්‍රකාශ කර සිටිමු.

විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි විසිහයාමාරකට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදු කොට ඇති බව ඒක පුද්ගල විමර්ශන කමිටුවක් මඟින් ති දැනුම් දී ඇත.

ඉන්වොයිස් පත්‍රවල අලියාගේ වටිනාකම විශාල ලෙස වැඩියෙන් සඳහන් කොට 2007 වසරේදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගෙන ඇති බව පෙන්වා දෙන එම ඒක පුදගල කමිටුව මෙම වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙයට වගකිවයුතු සියළු දෙනාට දඬුවම් නියම කිරීමටද නිර්දේශ කොට ඇත.

කැනඩාවේ ප්‍රාන්තයක් විසින් මහජන සේවයක නිරතව සිටින අවස්ථාවක හෝ මහජන සේවාවක් ලබාගන්නා අවස්ථාවක මුහුණ ආවරණය කිරීම තහනම් කිරීමේ නීතියක් සම්මත කරනු ලැබීය.

කැනඩාවේ කෙබෙක් (Quebec) ප්‍රාන්තයේ ජාතික මන්ත්‍රණ සභාව මතභේදයට තුඩු දී තිබෙන එම නීති සංශෝධනය සම්මත කළේ නගර සභා පොදු ප්‍රවාහන සේවාවලට ද බලපැවැත්වෙන ආකාරයටය.

ඒ අනුව මහජන සේවාවක් ලබාගැනීමේ දී හෝ මහජන සේවයක නිරතවීමේ දී මුහුණ නිරාවරණය කිරීමට සිය බුර්කාවකින් හෝ නිකාබ් ඇඳුමෙන් සැරසී සිටින කෙබෙක් (ක්වෙබෙක් යනුවෙන් ද හැඳින්වේ) ප්‍රාන්තයේ කාන්තාවන්ට සිදු වේ.

2014 සිට ප්‍රාන්තයේ බලය හොබවන ලිබරල් පක්ෂය එම නීති සංශෝධනය ඉදිරිපත් කළේ මීට දෙවසරකට ඉහතදීය.

ඒ අනුව බුර්කාවකින් හෝ නිකාබ් ඇඳුමෙන් සැරසී සිටින රජයේ නිලධාරිනියන්, පොලිස් නිලධාරිනියන්, ගුරුවරියන්, බස් රියදුරන් සහ මහජන සෞඛ්‍ය සේවාවල නිරතව සිටින වෛද්‍යවරියන්, වින්නඹු මාතාවන් සහ දන්ත වෛද්‍යවරියන්ට ද සිය සේවා කාලය අතරතුර සිය මුහුණ නිරාවරණය කිරීමට සිදුවේ.

බාල වියේ දරුවන්ට ආගමික අධ්‍යාපනය ලබාදීම ද මහජන අරමුදල්වලින් යැපෙන දරුවන් රැක බලා ගන්නා ආයතනවලට එමගින් තහනම් කරනු ලැබ තිබේ.
සියලුම ආකාරයේ මුහුණ ආවරණ එමගින් තහනම් කර තිබෙන බැවින් එය මුස්ලිම් ජනතාව ඉලක්ක කරගත්තක් නොවන බව කෙබෙක් ආණ්ඩුව පවසයි.
එහෙත් ආණ්ඩුවේ සේවාවක් ලබාගැනීමේදී, බස් රථයක ගමන් කිරීමේදී, මහජන පුස්තකාලය භාවිතා කිරීමේදී හෝ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි මහජන සේවා ලබාගැනීමේදී සිය මුහුණ නිරාවරණය කිරීමට නව පනත අනුව මුස්ලිම් කාන්තාවන්ට සිදු වේ.

එමගින් ප්‍රාන්තයේ මුස්ලිම් කාන්තාවන් මහජන සේවාවන්හි පිහිට පැතීම සීමා කරනු ඇති බව මේ අතර විවේචකයන්ගේ තර්කය වී තිබේ.
මුහුණ ආවරණය කරගෙනම මහජන සේවාවක් ඉල්ලා සිටිය හැකි ඇතැම් අවස්ථා පිළිබඳව ද නව පනතේ සඳහන් වේ. එවැනි ඉල්ලීමක් පිළිගන්නේ ද, ප්‍රතික්ෂේප කරන්නේ ද යන්න තීරණ කළ හැකි ආකාරය ද පනතට ඇතුළත් වේ.
නව පනතට එරෙහිව අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බව නීති විශාරදයෝ පවසති.
කෙබෙක් ප්‍රාන්තයේ කාන්තාවන් කොපමණ පිරිසක් මුහුණු ආවරණ පළඳින්නේ ද යන්න පැහැදිළි නැත.

අනාගමික ප්‍රාන්තයක් ලෙසින් සිය අනන්‍යතාව පවත්වා ගැනීමේ අරමුණින් කෙබෙක් ප්‍රාන්ත බලධාරීහු මීට පෙරාතුව දෙවතාවක්ම මේ හා සමාන නීති සම්මත කිරීමට උත්සාහ දැරූහ.
ප්‍රංශය සහ බෙල්ජියම ඇතුළු යුරෝපා රටවල් ගණනාවක්ම මීට ඉහතදී ඉස්ලාමීය මුහුණ ආවරණ තහනම් කරනු ලැබ තිබේ.