Breaking News

වසන්ත ඇතුළු පිරිස සඳුදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් අද (24) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් ඇතුළු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (23) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී විරෝධතාවයක නිරත වුණා.

පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

 

leave a reply