අලි බොරුව (The Great Lie)

ශ්‍රීලංකාවේ ආර්ථිකය දැන් හරි දිසානතියකට ගමන් කරන්නේ ය, රනිල් ගේ, නන්දලාල් ගේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාමාර්ග හේතු කොට ගෙන මෙය සිදුවී ඇතැයි, පොදු පෙරමුණු සට්ටඹියන් මෙන්ම ආචාර්ය හර්ෂ ද සිල්වා සහ රාජිත සේනාරත්න ද මෙවන් ප්‍රකාශ නිකුත් කරති. මගේ ත්‍රීවීලර් රියදුරා ද එසේ සිතයි. ක්‍රමානුකූලව ඒ අදහස “සාමාන්‍ය දැනුම” බවට පත්වෙමින් ඇත. සාමාන්‍ය දැනුම පදනම් වන්නේ සත්‍යය මත නොව ඇසට පෙනෙන දේ මත ය. ඇසට පෙනෙන දේ බොරු නොවේ. සාමාන්‍ය දැනුම මහජන මනසෙහි මුල්බැසවීමට ජන මාධ්‍යය ලොකු කාර්‍යභාරයක් කරයි. සියත හා සිරස හැරුණවිට, අනෙක් මාධ්‍ය ආයතන මේ සාමාන්‍ය දැනුමේ වාහකයෝ ය.

මේ සාමාන්‍ය දැනුම මගින් වාර්තාගත කරන්නේ කුමක් ද? අපි ඒ ටික ලැයිස්තුගත කර ගනිමු.

1. දැන් ඉන්ධන සදහා පෝලිම් නැත. ඉන්ධන අඩුවක් නැත.
2. මාස කිහිපයකට පෙර ඉහළ මිල ගණන් තිබූ පෙට්‍රල්, ගෑස් සහ ඩීසල් මිල දැන් දැන් අඩුවන්නේ ය. ගෑස් ලගකදී රුපියල් 1000 න් අඩුවින.
3. ඒ සමග එලවලු මිල අඩුවෙමින් පවතී.
4. ඉදහිට හෝ රුපියල අගයෙන් උඩට යයි.
5. පොලිය අඩුවියහැකි යැයි කියවේ.
6. දැන් ලයිට් කපන්නේ නැත. විදුලි බිල ඉදිරියේ දී අඩුවෙන බවක් අහන්ට ලැබේ.

රාජිත කියන දේ හරිය. මේවා නොපෙන්නේ අන්ධයන්ට පමණි. මේ ලැයිස්තුවත් අපි ටිකක් විග්‍රහ කරමු. ඉන්ධන වල මේ ප්‍රාතිහාර්‍යය ඇතිවුනේ ආර්ථික ඔස්තාර්ලා කියන විධියට “මිල ක්‍රමය” ක්‍රියාත්මක වීමෙන් ද? නැත. මිල ක්‍රමය ක්‍රියාත්මකවීම නවතා සලාක ක්‍රමය හැදින්වීම නිසා ය. ඉන්ධන ඉල්ලුම සියයට 40 කින් වගේ සලාක ක්‍රමය නිසා අඩුවී ඇත. මේ හැරුන විට ගෑස් සහ ඉන්ධන වල ජාත්‍යන්තර මිල මේ වසර මුලසිටම පහත වැටෙමින් පවතී. පරිවහන පිරිවැය අඩුවෙන විට, දුරින් ගෙනෙන බඩුමිල අඩුවීම සාමාන්‍ය දෙයකි. ආංඩුව තවත් කට්ටකමක් කළේ ය. ඉන්ධන, ගෑස් මිල වැඩි කරන කොට එය නහුතෙටම වැඩි කෙරින. මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති මෙය පෙන්වා දුන්නේ ය. ගෑස් මිල සහ පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් වැඩිකරේ අඩුකිරීමට ඉඩක් තියාගෙන ය.

නොපෙනෙන පැතිකඩ

ඉහත සාකච්ඡා කළ බොහොමයක් ධනාත්මක ලක්ෂණවලට ප්‍රධාන හේතුවක් වූයේ 2022 අප්‍රියෙල් මාසයේ සිට ණය වාරික හා පොලී ගෙවීම නතර කිරීම ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස විදේශ විනිමය සංචිතය ඉතිරිවින. ඒ මුදල ඩොලර් මිලියන 2000 ට ආසන්න වී යැයි කිව හැක. ඒක රනිල් වික්‍රමසිංහගේ හෝ නන්දලාල් වීරසිංහ ගේ ප්‍රාතිහාර්‍යයක් නොවේ. පොඩි ළමයෙකුටත් තේරෙන කථාවකි.

ආර්ථිකය නිවැරදි දිසානතියකට යන්නේ ය යන්න පට්ටපල් බොරුවකි. එය නිවැරදි පාරට හැරී ඇත්නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. 2022 ආර්ථික වෘද්ධිය සෘණ 7.8 කි. එනම් 2021 ට සාපේක්ෂව දහයෙන් පංගුවක පමණ පහත වැටීමකි. මෙහි වඩාත්ම නරක පැත්ත කුමක්ද? මෙය තේරුම් ගැන්මට සෘණ 7.8 වැටුන හැටි බැලිය යුතු ය. සේවා අංශය වැටී ඇත්තේ සියයට 2 කිනි. කෘෂිකර්මය සියයට 6 කිනි. වැඩිම වැටීම ඇත්තේ කාර්මික නිෂ්පාදනයේ ය. ඒ සියයට 16 කි. රටක් හරිපාරට වැටී ඇත්නම් කර්මාන්ත ඇතුලු නිෂ්පාදන අංශ ඉහළ යා යුතු ය.

දෙවෙනි කරුණ වන්නේ, සේවානියුක්තියේ/ සේවාවියුක්තියේ ප්‍රවණතාවන් ය. රටේ විරැකියාව ලක්ෂ පහක් පැන ඇතිබව කියවේ. කර්මාන්ත අංශ සේවා වියුක්තිය කැපීපෙනෙන ලෙස වැඩිවී ඇත. ෆැක්ටරි වැසේ.

තව එක් කරුණක්. රටේ ණය කන්ද එන්න එන්නම වැඩිවේ. පහුගිය වසර දෙක තුළ එයට තවත් එකතු විය. ණය බර එන්න වැඩිවේනම් රට හරිමගට යෑමක් ගැන සිතිය හැකිද?

රනිල්, නන්දලාල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ත්‍රිත්වයේ අලිබොරුව හෙළිකිරීමට තවත් තොරතුරු පසුව හෙළිකිරීමට බලාපොරොත්තු වෙමි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...