Breaking News

ලංකාවේ ස්වභාවික සම්පත් වලට Debt For Nature හරහා ලෝක බැංකුව බළල් අත දමයි.

ශ්‍රී ලංකාව ලෝක බැංකුව (World Bank) හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ජාත්‍යන්තර බැංකු වලින් ලබාගත් ණය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ පරිසරය සඳහා ණය (Debt for Nature) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව අප වෙත දැනගන්නට ලැබී ඇත.

බැලූ බැල්මට මෙය ඉතාමත් හොඳ අවස්ථාවක් ලෙස අපට පෙනෙන්නට හැකිය. ආර්ථික අර්බුදයක සිටින ලංකාව මූල්‍ය ණය පියවා ගැනීම වෙනුවෙන් පාරිසරික සම්පත් හිලව් කිරීම ලෙහෙසියෙන් කළ හැකි මෙම අවස්ථාවේ කිරීමට ඇති නුවණක්කාර ම යෝජනාව ලෙස පෙනෙන්නට හැකිය . පරිසරයට ආදරය කරන කණ්ඩායම්වලට පවා මෙහි අනතුරට වඩා ආණ්ඩුවෙන් පරිසරය බේරා ගැනීම සඳහා Debt for nature වැඩසටහනට ලංකාවේ සිංහරාජය වැනි පාරිසරික සම්පත් හිලව් කර දුන්නහොත් එය ඔහු විසින් ආරක්ෂා කර පවත්වාගෙන යනවා යැයි අදහසක් ඇතිවිය හැකිය.. එම නිසා අප මෙය කියවා ගත යුත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, ගෝලීය පාරිසරික ව්‍යසනය, හතරවන කාර්මික විප්ලවය, කාබන් වෙළඳාම එහෙමත් නැත්නම් ගෝලීය ආර්ථික, දේශපාලන හා පාරිසරික අංග ගැන සිතමින්ය.

ඒ අනුව මාගේ විග්‍රහය 2022 අගෝස්තු 8 වන දින ලෝක බැංකුව හා නේපාල රජය අතර ඇති කරගත් ලෝක බැංකු අවබෝධතා GRID ගිවිසුම දෙසට ඇස යොමු කිරීම වටී.

“Green, Resilient, and Inclusive Development (GRID). The proposed budgetary support aims to support improvements in the enabling environment in Nepal toward a green, climate-resilient, and inclusive development. This is the first in a programmatic series of three concessional loan on GRID.
The agreement was signed by Mr. Ishwori Prasad Aryal, Joint Secretary, International Economic Cooperation Coordination Division, Ministry of Finance, on behalf of the Government of Nepal, and Ms. Lada Strelkova, World Bank Operations Manager for Maldives, Nepal, and Sri Lanka.” ( උපුටා ගැනීම – ලෝක බැංකු වෙබ් අඩවිය)

මෙම ගිවිසුමට අනුව දේශගුණික ව්‍යසන වලින් ආරක්ෂා වීම සඳහා සංවර්ධන කටයුතු සඳහාත් පාරිසරික සම්පත් ආරක්ෂාව උදෙසා පුද්ගලික අංශය මැදිහත් මැදිහත් කර ගැනීමත් සිදුවන අතර එමගින් රැකියා උත්පාදනය හා ආර්ථිකයට දායක වීම ඔවුන් බලාපොරොත්තු වේ. නේපාලයේ ආර්ථික අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සම්බන්ධීකාරක ප්‍රසාද් ආර්‍යාල්, ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය හා, ලංකාවේ මෙහෙයුම් කළමනාකාර Ms. Lada Strelkova මෙම ගිවිසුමට අත්සන් කර ඇති අතර මෙහි තවදුරටත් සඳහන් වන ආකාරයට ලෝක බැංකුව ජලය, ඉඩම් භාවිතය, climate smart agriculture, තිරසාර වනාන්තර කළමනාකරණය, නාගරික සැලසුම්, කසළ කළමනාකරණ, දූෂණය අවම කර ගැනීම වැනි ප්‍රධාන කාරණා සඳහා සැලසුම් ප්‍රතිපත්ති සකස් කිරීමට මැදිහත් වන අතර මෙහිදී පෞද්ගලික අංශයට නේපාලයේ ආර්ථිකය හරිත ආර්ථිකයක් බවට පත්කරගැනීමට උනන්දු කරවන බව මෙහි සඳහන් කර ඇත. climate smart agriculture ලෙස දැනට යුරෝපය ඇතුළු රටවල් වල ආරම්භ කර ඇති කුඩා ගොවියන් ගොවියා ගොවිතැනින් ඉවත් කර ඒ වෙනුවට තාක්ෂණය යොදා ගනිමින් ගොවිතැන් කිරීමේ ක්‍රමවේදය මෙහිදී ප්‍රධාන සාධකයක් ලෙස ලංකාවට ද පැමිණෙනවා ඇත. දැනට ලංකාවේ මහා පරිමාණ ගොවියන් අතළොස්සක් වන අතර බහුතරයක් කුඩා පරිමාණ ගොවීන්ය. මීට වසර දහයකට පමණ පෙර වී ගොවිතැන පාඩු ලබන ක්‍රියාවලියක් නිසා කුඩා ගොවියන් ගොවියා ගොවිතැනින් ඉවත් කර එම ඉඩම් මහා පරිමාණ ගොවිබිම් වලට ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව ඉදිරිපත් වූයේ ලෝක බැංකුවේ ණය ලබා දීමේ යෝජනාවක් ලෙසය. හරිත ආර්ථිකය සහ භාවික සම්පත් හිලව් කර ණය ඉවත් කර ගැනීම හරහා නැවත පැමිණෙන්නේ එකම සංසිද්ධියයි. ජල කළමනාකරණය උදෙසා 2000 වසරේ සිට 2013 වසර දක්වා කාලය තුළ ප්‍රතිපත්ති තුනක් හඳුන්වා දෙන ලදී. එම ප්‍රතිපත්ති සංක්ෂිප්තව ගත් කල ලබා ගන්නා ජලය උදෙසා වක්කඩ මීටරයක් සවි කිරීම, ළිංවලින් ලබා ගන්නා ජලයට බදු අය කිරීම, ජලය පෞද්ගලික අංශයට භාරදීම වැනි ජලය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ලෝක බැංකු උත්සාහයන් කිහිපයක්ම අප විසින් පරාජය කරන ලදී.

නිදහස් ජල අයිතිය උදෙසා වූ ජනතා ව්‍යාපාරය ලෙස 2012 අවුරුද්දේ ජලය කළමනාකරණය කරන ජලය විකිණීමේ ප්‍රතිපත්තියට විරුද්ධව රට පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කළ අතර ලෝක බැංකු යෝජනාවක් ලෙස පැමිණි එම ප්‍රතිපත්තියට එල්ල වූ දැඩි විරෝධය නිසා එය හකුලා ගැනීමට රජයට සිදුවිය. රටේ ණය වෙනුවට ජල සම්පත හිලව් කිරීම හා එය පෞද්ගලීකරණය කිරීම සහ ආර්ථික ලාභය ලබා ගැනීම සඳහා එදා සිට මේ දක්වාම ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ උත්සහ කරනු ලබන ප්‍රතිපත්තියකි.

2008 වසරේ USAID ව්‍යාපෘතිය හරහා සිංහරාජයේ පාරිසරික උරුමයට අතගැසීම වෙනුවෙන් යම්කිසි උත්සාහයක් දැරු අතර එය ද නවතා ගැනීමට හැකි විය. මේ අනුව ලෝක බැංකුව, IMF ඇතුළු මූල්‍ය ආයතන විසින් රට තුළ පසුගිය කාලය පුරා ස්වාභාවික සම්පත් පදනම් කරගෙන ගත් තීන්දු තීරණ සියල්ලහිම මූලික හරය වූයේ ඒවා පෞද්ගලික අංශයට නතු කර විකුණා දැමීමයි. 2019 වසරේ ලෝක බැංකුව escamp ව්‍යාපෘතිය හරහා සිංහරාජයේ කුඩව මාර්ගය අලුත්වැඩියා කිරිම ආරම්භ කරන ලද්දේ පරිසර සංරක්ෂණය වැඩිදියුණු කිරීම උදෙසා යැයි පවසමිනි. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්තානය එම මාර්ගය ඉදිකරන කාලයේ ස්ථානීය පරීක්ෂණයක් කළ අතර ඒ අනුව මාර්ගය ඉදිකරන ඉදි කරන මුවාවෙන් සිංහරාජයේ දැවැන්ත විනාශයක් සිදු කර ඇති බව දක්නට ලැබිණි. සිංහරාජ ලෝක උරුමය රැක ගැනීම වෙනුවෙන් යුනෙස්කෝ ලෝක උරුම කාර්යාලය වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව ලෝක බැංකුව විසින් අප හා සමඟ zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡා දෙකක් ද, ක්ෂේත්‍ර පර්යේෂණයක් ද, අවසාන සාකච්ඡාවක් ද පැවැත්වූ අතර ඔහුන්ගේ ව්‍යාපෘතිය හරහා සිංහරාජයේ මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජයට හානි සිදුවී ඇති බව ඔවුන් පිළිගන්නා ලදී. ඒ අනුව සිදු වූ විනාශය අවම කර එම මාර්ගය සංවර්ධනය කිරීම අප ලබාදුන් කොන්දේසි අනුව පමණක් කිරීමට ඔවුන් එකඟ විය.

මේ ඉතා කෙටියෙන් දක්වන ලද්දේ සොබාවික සම්පත් සම්බන්ධව ලෝක බැංකුවේ අවබෝධයේ හා අවධානයේ තරමත් ඔවුන් නිරන්තරයෙන්ම ඒවා වෙළද භාණ්ඩ ලෙස දැකීමෙත් ඇති අනතුරයි.

දේශගුණික විපර්යාස සහ ගෝලීය ආර්ථිකය අපට බලපාන්නේ කෙසේද ?
කාර්මික විප්ලවයෙන් වසර දෙසීයකට පමණ පසුව ලෝකය දේශගුණික අර්බුදයකට මේ වන විට මුහුණ දී සිටී. දේශගුණ අර්බුදයට ප්‍රධානම හේතු වශයෙන් යුරෝපය, ඇමරිකාව, චීනය ඇතුළු රටවල් සිදුකරන කාර්මික නිෂ්පාදන හා අධි පරිභෝජනය හේතු වී ඇත. දේශගුණික විපර්යාස අවම කිරීමට නම් යුරෝපය ඇමරිකාව ඇතුළු රටවල ජනතාවගේ අධි පරිභෝජනය අවම කරවීම ප්‍රධාන කාර්යභාරයක් වනු ඇත. නමුත් එම පරිභෝජන ක්‍රියාවලිය අවමකළ හොත් නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වනු ඇත. එවිට අධික ලාභ ලබන සමාගම් වසා දමන්නට හෝ ඔවුන්ගේ ලබන ලාභය අඩු කර ගැනීමට හෝ සිදුවේ. නමුත් එය එලෙස පවත්වාගෙන යෑමට විකල්ප ආර්ථික ක්‍රමයක් වෙත යනවා වෙනුවට දුඹුරු වූ ආර්ථිකය කොළ පැහැයට හැරීමට මේ වන විට ප්‍රබල රාජ්‍යයන් උත්සාහ කරමින් සිටියි. උදාහරණයක් ලෙස රතු සහ කහ වර්ණයෙන් තිබූ Macdonald ආයතනය දැන් කොළ වර්ණයට හැරී ඇත. එමෙන්ම බොහෝ පොසිල ඉන්ධන ආයතන කොල වර්ණයට හැරී ඇත. ඒ අනුව ඔවුන් එයට කියන්නේ හරිත ආර්ථිකය කියාය. නමුත් ක්‍රියාකාරීත්වය කිසිදු වෙනසක් කර නොමැත.

දේශගුණික විපර්යාස අවම කිරීමේ ක්‍රමවේදය ලෙස පරිභෝජනය අඩු කිරීම වෙනුවට carbon credit ක්‍රමය මේ වන විට ලොවට හඳුන්වා දී ඇත. ඒ අනුව අධික පරිසර දූෂක කාරක නිකුත් කරන සමාගම් වලට එම පරිසර දූෂණය එසේම කරගෙන යම්න් කොහේ හෝ රටක පැලයක් ආරක්ෂා කිරීමට තම ලාභයෙන් සුළු මුදලක් වැය කළ හැකිය. ඒ අනුව Green for debt හරහා සිදුවන්නේ ද මෙම ක්‍රියාවලියයි. රටක් ලෙස අපට මේ ඉතාමත් හොඳයි ලෙස පෙනුන ද ලෝක මට්ටමෙන් දේශගුණික විපර්යාස තවදුරටත් ඇති කිරීමට මෙන්ම වෙළෙඳපළ ක්‍රමය පවත්වාගෙන යෑමට භාවිතා කරන අලුත්ම ක්‍රමවේදය මෙය ලෙස අපට හඳුන්වා දිය හැකිය.

තවත් උදාහරණයකින් මෙය පෙන්වා දිය හැකිය. යුරෝපය පුරා කසළ කළමනාකරණය ඉතා හොඳින් සිදු වේ. ඒ අනුව අපට පාරේ කුණු දැකීමට නොහැකිය. නමුත් පෙර දි ආහාර ඇසුරුම් කිරීමට භාවිතා කලාට වැඩි ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණයක් මේ වන විට ආහාර ඇසුරුම් වෙනුවෙන් භාවිතා කරමින් ඇත . සමස්ත පරිසර පද්ධතිය ගැන සිතුවොත් එම ප්ලාස්ටික් හා පොලිතින් පොලිතීන් නිෂ්පාදනය වෙනුවෙන් වෙනදාටත් වඩා සම්පත් ප්‍රමාණයක් මේ ලෝකයෙන් වැය වේ. කුණු වෙන වෙනම තැන්පත් කරන එක ඉතාමත් හොඳය. නමුත් එය කළ යුත්තේ පරිභෝජනයේ ප්‍රමාණය වැඩි කිරීමෙන් නොව පරිභෝජනය ක්‍රම ක්‍රමයෙන් අඩු කිරීමෙන් ය. අධික පරිභෝජනය හා අධික ලාභ ලැබීම අහෝසි කරමින් දේශගුණික විපර්යාස වලට විසඳුමක් Debt for Green වැනි ලෝක බැංකු ප්ලාස්ටර් ඇලවීමෙන් අපගේ රට තුළ ඇති පාරිසරික සම්පත් හා ලෝකයෙ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට හැකි වන්නේ නැත.
අනෙක් අතින් බලන විට මෙම පරිසර පද්ධති තුළට ලෝකයේ වෙනත් සමාගම් අයිතිවාසිකම් කීම තුළින් ප්‍රධාන වශයෙන් රටේ ස්‌ෛවරීභාවයට ඉතාමත් හානි ඇතිකරවන අතර සියලු සම්පත් එම සමාගම් අතට පත් කිරීමට අප ද එකඟතාවලට පැමිණිය යුතුය. රටේ ස්වාභාවික සම්පත් රට තුළ ආරක්ෂා කර කරගැනීම වෙනුවෙන් අපට ක්‍රියාකාරීව කටයුතු කිරීමට සිදුවනු ඇති අතර ණය බරින් මිරිකී ඇති අප වැනි රටකට ඇති අභියෝගය ද එයයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන සිදුකරන ණය වෙනුවට පරිසරය හිලව් කිරීමේ මෙවන් ක්‍රමවේදවලට ද ලෝක මට්ටමෙන් දැක මේවා ප්‍රතික්ෂේප කිරීමට ජනතාව එකතු විය යුතුය.

පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්
ජාතික සම්බන්ධීකාරක
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය.

leave a reply